අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ පාගමනට පාර්ලිමේන්තු වටරවුම අසල දී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය.
අන්තරේ ඇතුළු සරසවි ශිෂ්‍ය සංගම් මේ වනවිට විරෝධතා පාගමනින් පාර්ලිමේන්තු පෙදෙසට ගමන් කරමින් සිටී.
පස්වරු 1.00
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දමන ලෙස ඉල්ලමින් කැලණි සරසවි සිසුහු දහස් ගණනක් කොළඹ දෙසට ඒම ඇරඹූහ.
මෙම පෙළපාළිය නිසා කැලණිය - කොළඹ ප්‍රධාන මාර්ගයේ දැඩි වාහන තදබදයක් හටගෙන ඇති අතර පාරේ එක් මංතීරුවක් ඉබේම වැසී ගොසිණි.


















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉගනගැනීමට අපට බදා කරන්න අයිතියක් නැහැ .එත් සල්ලි ගෙවලා ඉගනගන්න අයට වඩා රටේ පවත්වන විභාග අමාරුවෙන් පාස් කරලා යන අයට මුලිකත්වය දෙන්න (හේ)
නියමිත පරිදි අවසරයක් නැතිව කොයි ලෝකෙවත් කඩයක්වත් දාන්න බැරි වුණාට අපේ ලංකාවේ ඕනේ තරම් විශ්ව විද්‍යාල කඩ දාන්න පුළුවන් (බ)
රැකියාව කරලා ගෙදර යන්න වෙන්නේ නැහැ අදනම් . මාර්ගය අවහිරවෙලා අතරමන් වෙන අපි ගැන කවුද බලන්නේ (හේ)
සමහර අය මාර අදහස් දාන්නේ!! මේවා කියවනකොට මට හිතෙන්නේ අවුරුද්දකට ලක්ෂ 65 වැය කරලා තමන්ගේ දරුවන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලට යවාගන්න පුළුවන් අය මෙතන පෝලිමට ඉන්නවා වගේ !! අනේ පිටරට සමහර අය නැවතුණා කියලා කාටවත් ප්‍රශ්නයක් නොවේ !! මම හිතන්නේ පෞද්ගලික ඒවා දාන එක නොවේ ප්‍රශ්නය! ඒවාට ඇතුල්වන එකම සුදුසුකම සල්ලි තිබීම පමණක් වීම තමා ගැටලුව? (බ)
මෙතැන තිබෙන ප්‍රශ්නය කුහකකම් ඊර්ශ්‍යාව නොවේ. ලැබෙන ප්‍රතිඵලයයි හේතුව. ලැබෙන ප්‍රතිඵලය වැඩදායක එකක් නොවේ. (බ)
මගේ පළමු උපාධිය ලංකාවේ. අවරුදු 35 විදේශිය රැකියාව කරමි. සියලුම පෞද්ගලික උපධි කඩ වසා දැමිය යුතුයි. දැනට තිබෙන ඒවා දියුණු කළ යුතුයි. තවතවත් ලෝකයට ඉදිරියට අවශ්‍ය නව පාඨමලා ඇරඹිය යුතුයි.(හේ)
පිස්සු වැඩනේ මේ.(හේ)
නියමිත පරිදි අවසරයක් නැතිව කොයි ලෝකයවත් කඩයක්වත් දාන්න බැරි වුණාට අපේ ශ්‍රී ලංකාවේ ඕනෑ තරම් විශ්ව විද්‍යාල කඩ දාන්න පුළුවන් . (ම)
මේ අය කරන දේවල් වලින් බැට කන්නේ සාමන්‍ය ජනතාව (හේ)
මාලබේ ගැන නම් කතා කරන්නේ විශ්‍රාම වැටුපක් ගාව ගත්තේ ඇයි (හේ)
පිස්සු වැඩනේ මේ....(හේ)
තමන්ගේ එක දරුවෙකුට රුපියල් ලක්ෂ 65 වියදම් කරන්න පුළුවන් 3% උදවිය මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දමනවට විරුද්ධ වෙන්න ඕනේ.එත් 97% දුප්පත් මිනිස්සු මේ විරෝධතා වලට සහයෝගය දෙන්න ඕනේ.(හේ)
තිලක්, පසුගිය වසර 40/50 තුල සරසවි වලට ඇතුළු වී ඇත්තේ ඇතුළුවීමට සුදුසුකම් ලැබුවන්ගෙන් 18% වැනි ප්‍රතිශතයකට පමණි. දිස්ත්‍රික් පදනම නිසා ඇතුල් වුන අය වැඩිම ලකුණු ගත සිසුන් නොවේ. ඉතුරු 82% ට වැඩිදුර ඉගෙනීමේ අයිතියක් නැද්ද? සරසවි ඇතුලේ ඉන්න අයට විතරද අයතීන් තියෙන්නේ? (හේ)
මේ අයගේ මොළ ගෙඩි හේදෙන්න නම් වතුර ගහලා හරි යන එකක් නැහැ. වෙන මොනවා හරි කරන්න වෙයි. පොතපතේ තියනදේ උගත්තාට, වැඩක් නෑ.(හේ)
ලෝකයේ වෙනත් රටවල සිසුන් විශ්ව විද්‍යාල ඉල්ලා සටන් කරද්දී ලංකාවේ ළමයින් තියෙන විශ්ව විද්‍යාලයක් වසන්නැයි කියා උද්ඝෝෂනය කරති. නියමයි ලංකාවේ බුද්ධිමත් යැයි කියන තරුණයන්ගේ කුහක කම..! (හේ)
ඉගෙන ගන්න තියන කාලය මේ ළමුන් පාරේ තොටේ . ඉතින් කොහොමද රටක් හැදෙන්නේ .(හේ)
දිස්ත්‍රක් කෝටා ක්‍රමයට පින්සිද්ධ වෙන්න අඩු ලකුණු වලට සරසවියට රිංග ගත්ත අය හිතන් ඉන්නේ ඒ අය තමයි නියම කට්ටිය කියලා.(හේ)
ප්‍රයිවට් විශ්ව විද්‍යාල තවත් මේ රටට ඕන. මොකද තරුණ ජනගහනයට සල්ලි ගෙවලා හරි ඉගෙන ගන්න. දුප්පත් ඉගෙන ගත් අයට නොමිලේම උපාධිය ගන්න පුළුවන්නේ. මොකද මේ තරම් ආත්මාර්ථ කාමී වෙන්නේ. රටේ උගතුන් බිහිවෙන්න නේ අවශ්‍ය. (හේ)
නිදහස් අද්‍යාපනයට පිහිටෙන් ඉගන ගන්න මේ පිරිස උපාධිය අරන් එළියට අැවිත් කරන්නේ පුද්ගලික රෝහලක නම ද ගන්න එකී මල්ල්ල පුරවා ගන්න හැම දේම නිකන් අරන් මැක්කෝ මකුණෝ වගේ දුප්පත් මිනිසුන්ගේ සල්ලි සූරන් කනවා ..(හේ)
මෙහි අදහස් දැක්වූ වැඩි පිරිසක් නිදහස් අධ්‍යාපනය නැතිවන පරිදි පෞද්ගලික විශ්ව විද්‍යාල කඩ ඇතිකිරීමට පක්ෂ බව පෙනේ. එම ක්‍රමයට පක්ෂ වැඩි දෙනෙකුට තම දරුවන් පෞද්ගලික විශ්ව විද්‍යාල වලට යැවීමට ආර්ථික හැකියාවක් නැති බවත් පැහැදිලිය. එසේ නම් ඔවුන් ඉල්ලන ක්‍රමය දිය යුතුයි. (නි)
මේ අය විරුද්ධ සයිටම් එකට විතරද? අනෙක් පෞද්ගලික අධ්‍යාපන ආයතන වහන්නේ නැද්ද? මේ අයගේ ප්‍රශ්නය පෞද්ගලික බවද? නැත්නම් ප්‍රමිතියක් නැතිකමද? එහි ඉගෙනගන්න ළමයින්ට තිබෙන අයිතිවාසිකම් ගැන මොකද කියන්නේ? මෙම සංකීර්ණ ප්‍රශ්නයට විසඳුම් මේ අයට නැත්නම් අපට පෙන්නේ හුදු දේශපාලන උවමනාවක් පමණක් පෙරදැරි කරගෙන කරන විරෝධතාවයක් පමණක් බවයි. (නි)
මේ ප්‍රශ්නය දේශපාලනීකරණය වෙලා තියෙන්නේ. මන්ත්‍රීවරු කීපදෙනෙකුගේ අය මේ උපාධි කඩයේ උපාධිය හදාරනවලු. දවසක් කෙනෙක් අභියෝග කළා හැකිනම් ශිෂ්‍යයන්ගේ උසස්පෙළ ප්‍රතිඵල පෙන්වන්න කියලා. එ්කට කිසිම පිළිතුරක් නැහැ. (නි)
මේ හොර උපාධි කඩය හැමෝම රැවැට්‍ටුවා. මේ ආයතනයෙ ඉගෙනගෙන දැන් අමාරුවෙ වැටිලා ඉන්‍න අයට ආයතනය විසින් වන්‍දි ගෙවිය යුතුයි. සමහර දෙමවුපියන් තමන්ගේ දේපල විකුණලා දරුවො වෙනුවෙන් වියදම් කළේ. දැන් මේ හැමදෙයටම ඉදිරිපත්‍වෙන්‍න වෙලා තියෙන්‍නෙ දුප්‍පත් විශ්‍ව විද්‍යාල ශිෂ්‍යයන්‍ටයි. (නි)
රට විනාශ කරන්න නිදහස් අධ්‍යාපනයෙන් බිහිවූ හිවල් ප්‍රජාවක්. මොවුන්ගේ පින්තූර හා ප්‍රවෘත්ති පළකිරීමත් කඩදාසි නාස්තියක් ලෙසයි මම නම් දකින්නේ (නි)
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නිසා මේ අයට ඇතිවෙන පාඩුව මොකද්ද? නියම ප්‍රමිතියකට තියනවා නම් (ම)
මාලබේ කියන්නේ ප්‍රමිතියක් ඇතුව පවත්වාගෙන යන විශ්ව විද්‍යාලයක් නොවන බව ගොඩක් අයට තේරෙන්නේ නැත්තේ ඇයි. නිසි අධ්‍යාපනයක්, ප්‍රායෝගික පුහුණුවක් නැති දොස්තරලා බිහිවුණාම ඒවාට වන්දි ගෙවන්න ඕනෑ අපිම තමයි. මොකද මේකේ උපාධිය පිළිගත්තොත් ඔවුන්ට රජයේ වෛද්‍ය පත්වීම් ලබාගැනීමට හිමිකම ලැබෙනවා. (නි)
මෝඩයිනේ, නුඹලා මේ රටේ සල්ලි ගෙවලා හරි ඉගෙනගන්න අය ටික පන්නා දාන්න. ඔවුන් පිටරකට ගිහින් ඉගෙනගෙන එහෙම පදිංචි වෙයි. එදාට නුඹලාට තේරෙයි (නි)
ලෝකේ විශ්ව විද්‍යාලත් දැක්කා, මෙහෙම මෝඩ රැලක් නම් දැකලා නැහැ. පොලිසියට පැයක් දුන්නා නම් ප්‍රශ්නය ඉවරයි. (නි)
මුළු රටම අගාදයට වැටෙනු නියතය. පාලකයන් සහ සිසුන් සියලුදෙනා මංමුලාවී සිටීයි (ම)
නිදහස් අධ්‍යාපනය මොවුන්ට තේරුම් ගන්වන්න ඕනෑ නම් සියලුම සරසවි වසර දෙකකට වසාදමන්න (නි)
සමාජවාදී රුසියාවේ සහ චීනයේ පවා පුද්ගලික වෛද්‍ය විද්‍යාල තියනවා. කොහොමහරි වැඩි පිරිසකට අධ්‍යාපනය ලබාදීම ඒ රටවල උත්සාහය. (නි)
යමක් ප්‍රමිතියෙන් කිරීමට එය රජයෙන්ම කළයුතුද? ඇයි පුද්ගලික අංශයට ප්‍රමිතියකින් යුතු ආයතන පවත්වාගෙන යන්නට බැරි. මේ විරෝධතා වලට ප්‍රධාන හේතුව තව කෙනෙක් වැඩිදුර අධ්‍යාපනය ලබා දියුණුවෙයි කියා තිබෙන ඊර්ෂ්‍යාවයි. (නි)
නිදහස් අධ්‍යාපනයේ අරුත නොදනී මොවුන් ....කෙලෙස අප රට බාරදෙනන්ද මෙවන් රැලකට .. (ම)
ගහලා මදි. පුදුම ඊර්ෂ්‍යාකාර කුහකකමක් තියෙන්නේ (නි)
අනේ මම දන්නේ නැති නිසා අහන්නේ. එස්එල්ටී එක, ඉන්ෆෝමැටික්ස්, එතකොට ඩිසයින් ස්කූල් මේවා පුද්ගලික නෙමෙයිද. ලංකාවේ පුද්ගලික ඒවා තව මදි. තව ඕනෑ. ඕවට විරුද්ධ වෙන්නේ කුහකයෝ, තමන්ගේ බඩ ගැන විතරක් හිතන අය. ඔය පෙළපාලියේ යන අයවත් දන්නේ ඇතුව ඇති අැයි යන්නේ කියලා (නි)
පුදුම කුහක සිසුන් කොට්ටාශයක්. තමුන් අනුන්ගේ බදු මුදල් වලින් ඉගෙන ගනිමින් වෙනත් අයවලුන්ගේ අධ්‍යාපන අයිතියට අභියෝග කරනවා. (හේ)
මේ කිසිම ප්‍රශ්නයකට පිළිතුරක් නැහැ. ප්‍රශ්න මග හැර , ප්‍රශ්න විසදන්න බැහැ.(හෙ)
ලංකාවේ විශ්ව විද්‍යාල සිසුන් නැත්නම් නිදහස් අධ්‍යාපනයේ මළගම වෙලා ගොඩක් කල් ..(හේ)
මෙවැනි විකාර උද්ඝෝෂණ නැවැත්වීමට නම් ලංකාවට ඒකාධිපති පාලනයක් අවශ්‍යයි. හමුදා පාලනයක් වුවත් ගැලපේ.(ම)
පාලකයන්ගේ දුර්වලකම (ම)