(ෂෙහාන් චාමික සිල්වා)
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වන ළහිරු වීරසේකර සහ තැන්නේ ඤාණානන්ද හිමි ඇතුළු සැකකරුවන් හය දෙනෙකු අද (31) එක් අයකුට රුපියල් 2500 බැගින් වූ ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කළේය.
2015 ඔක්තෝබර් 6 වැනිදා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරියේ විරෝධතාවයක් පවත්වා රුපියල් දෙලක්ෂ අසු හතර දහසක අලාභයක් සිදු කිරිම ඇතුළු චෝදනා කිහිපයකට එරෙහිව ඔවුනට නඩු පවරා තිබිණි.
නිසි පරිදි නඩුවට පෙනී නොසිටිම නිසා පසුගිය 19 වැනිදා ඔවුනට වරෙන්තු නිකුත් කර තිබූ අතර නඩුව අගෝස්තු 25 වැනි දා දක්වා කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවේ නීති යන්නේ මොන දිසාවටද ? රුපියල් දෙලක්ෂ අසු හතර දහසක අලාභයක් සිදු කර, අධිකරණ නියෝගයට පිටුපා සිටින මේ චුදිතයන්ට දීපු දඬුවම නම් ඉතාම පොඩි සොච්චමක් නොවේද ?
මොවුන්ට නීතිගරුක වීම ගැන මතක හිටින පාඩමක් සහ දඬුවමක් දෙන්න ඕනෙ. එහෙම නොවුනොත් ඔවුන් නැවත නැවතත් සියලු විශ්ව විද්‍යාල සිසු සිසුවියන්ගෙ අධ්‍යාපනය කඩාකප්පල් කරනවා. .