පේරාදෙණිය සරසවියට බලයෙන් ඇතුළු වී එහි ආරක්ෂක නිලධාරිනට පහර දුන්නැයි සැකපිට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර, සම සෞඛ්‍ය විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති හා තවත් ශිෂ්‍ය නායකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පේරාදෙණිය සරසවියට බලයෙන් ඇතුළු වී එහි ආරක්ෂක නිලධාරීන්ගේ රාජකාරීයට බාධා කිරීම හා තර්ජනය කිරීම මත ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර හොඳද පොලීසියක්ද. මේකෙන්ම තේරෙනවා බලපෑමක් නැති නම්,පාලකයන්ට උවමනාව තියෙනවා නම් නීතිය හරියට ක්‍රියාත්මක වේවි (අ)
අන්තරේ කියන්නේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙච්ච දේසපාලන පක්ෂයක අතකොළුවක්. නිදහස් අද්‍යාපනය ගැන බොරුවට කෑගහමින් අධ්‍යාපනය වලපල්ලට ගෙනයන මෝඩ රැලක්. අහිංසක ලමෙකුට නිදහසේ අද්‍යාපනය ලබන්න තියෙන ලොකුම බාධාව තමයි මේ කට්ටිය . (දී)
අන්න පෙනෙනවානේ අපේ පොලෝසිය .... හරි සැරය් හොදේ ... (දී)
අන්තරය කියන කරන දේ ගැන මම කොහොමත් විරුද්ධයි නමුත් මේ රටේ ඉතාම දරුණු අපරදකාරයෝ නිදැල්ලේ ඉන්නකොට මේ වගේ කෙනෙකුට විරුද්ධව පොලිසිය ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වෙන එක නං ඉතින් විහිළුවක්. (දී)
මේ ගොල්ලෝ බොරුවට ශිෂ්‍ය අයිතිවාසිකම් ගැන කියා කියා දන්නා බව පෙන්වනවා. මොකක් හරි දීමනාවක් හෝ පහසුකමක් පාලනාධිකාරිය විසින් ශිෂ්‍යයන්ට දෙන්න යන බව මේ ගොල්ලෝ කලින් දැන ගත්තොත් එ්ක දීපියව් කියල වහාම උද්ගෝෂණයක් කරනවා. මේගොල්ලෝ නිසා අද අවුරුදු 4 පාඨමාලාව අඩු ගන්නේ අවුරුදු 5 ක් වත් ඇදිලා යනවා. මේ ගොල්ලොන්ගේ පව් නිසා තමා මේ ගොල්ලෝ කඩේ යන දේශපාලන පක්ෂය බංකොලොත් වෙලා තියෙන්නේ. මේ ගොල්ලන්ගේ කෙරුවාව ගැන සාමාන්‍ය ජනතාවට තාම අවබෝධ වෙලා නැති එක ගෙන තමයි මට දුක. කැම්පුස් ගිය මොළ සේදීමකට ලක් නොකළ අයගෙන් අසා දැන ගන්නා ලෙස ඉල්ලා සිටිමි. (නදී)
බන්දුල මහත්තයෝ, කරුමෙට සිංහල වෙලා ඉපදුනේ දිසානායක මහතා කියල කියන්න එපා. . ප්‍රශ්නයක් වුනාම ඒක විසදන්න ඕන තව ප්‍රශ්නයක් ඇති කරලා නෙමේ. වලන් කඩේට පැන්න මීහරක් රැලක් වගේ හැසිරෙනඔහෙලගෙ ආකල්ප මුල ඉදල ආකල්පමය වෙනසක් ඇති කරගන්න ඕන. (දී)
සරසවි සිසුන් උද්ඝෝෂණ,පෙළපාලි,සත්‍යග්‍රහ කරන්නේ ආසාවට නොවේ.පාලකයින් දිනෙන් දින නිදහස් අධ්‍යාපනය වල පල්ලට දමන නිසා ,එයට එරෙහිවයි.අධ්‍යාපනය සඳහා සියයට 6 ක ප්‍රතිසතයෙන් සියයට 1.8 දක්වා කප්පාදු කරමින් අවිචාරවත් වියපෘති සහ සංදර්ශන වලට නිකරුනේ මුදල් වැය කරන නිසයි.(ස)
සංජීව බණ්ඩාර හිටපු කැඳවුම්කරු ! දැන් ඉන්නේ ඉන්දික(දී)
ප්‍රනාන්දු මහත්තයෝ..ඔබ තුමන්ලා ඉන්නේ ලස්සන හීනෙක.ඔහොම හීන දැක දැක ඉන්න.නින්දේදීම බෙල්ල කපාගෙන යාවි හෙට අනිද්දා.අපි කව්රුත් ගැටුම් වලට කැමති නැහැ.එත් තනි අතින් අත්පුඩි ගැහුවට වැඩක් නැහැ..සද්දේ ඇහෙන්නේ නැහැ..අපි ඔලුව පාත් කරන කොට අපිට ඔලුව පාත් කරන මුස්ලිම් සහෝදරයින්ට අපි බොක්කේ තියෙන දේත් අරගෙන දෙනවා..නමුත් ඔලුව පාත් කරන කොට බෙල්ල කපන්න හදන අන්තවාදීන් එක්ක ඒ විදියට ගනුදෙනු කරන්න බැහැ.හීනෙන් ඇහැරිලා ඇස් ඇරලා බලන්න මොකක්ද අද රටේ වෙන්නේ කියල.ගිනි ගත්ත නෝලිමිට් එකත් ගිනි තිබ්බ කියල ප්‍රචාරේ අරින්නේ කාගේ උවමනාවකටද කියල..(දී)
අන්තරේ හොද නරක කෙසේ වෙතත් මේ නම් පොලිසිය අනුන්න්ගේ කොන්තරත්තුවක් කරලා තියෙන්නේ සිසුන් අත්අඩංගුවට ගන්න, අභූත් චෝදනා නම් ගොනු කරයි, ඕන තරම්, පොලිසියේ නම කාල තියෙන්නේ මෙන්න මේ වගේ අමන වැඩ කරන්න ගිහින්, (දී)
මේක මහා අසාධාරණ වැඩක් (දී)
මම දුන්නේ දිසානායකට පිළිතුරක් පමණයි (නි)
බලමු මොකද වෙන්නේ කියලා (නි)
දිගටම ඇතුලෙ තියන්න .එලියට අවා කියල ඉගෙන ගන්න එකක්යෑ.(දී)
ඇත්තටම බන්දුල පෙරේරා ඔබ ඉස්කෝලේ ගිහින් තියෙනවාද...?මට හිතෙන හැටියට ඔබ ලින් මැඩියෙක් වැනි සත්වයෙක්...ඔබ කාටහරි බත් පැකට් එකට කඩේ යන කෙනෙක් වාගේ...(දී)
දිසානායක. ගේ අදහසට මම ගරු කරනවා.(දී)
අනේ නැහැ රත්නවීර මහත්තයෝ.මටත් එක්ක ඔබ තුමා ගිහින් තියෙනවනේ ..ලින් මැඩියෝ අල්ලන්න හරි..ඒ මදැයි හොදටම. ..(දී)
අන්තරේට පින් සිද්ද වෙන්න තමයි අදටත්,හෙට උපදින දරුවන්ටත් නිදහස් අධ්‍යාපනයක් කියල දෙයක් යමී තරමින් හෝ ඉතිරි වෙලා තියෙන්නේ.අන්තරෙත් නොතිබුනානම් බලන්න තිබුන වෙන දේ . (දී)
කුඩු සිමෙන්ති කොට්ට ගණනින් ගෙන්වනවා කිසිම නීතියක් රීතියක් නැහැ.අසරණයෙක් හම්බ උනහම ඇස් එලියට පනින්න පත බානවා.(දී)
අන්තරේට බනින අය ලග ලක්ස 65 ක් තියා තුන් වේල කන්න සල්ලි තියෙන අයද? (දී)
පුළුවන් තරම් තද නීති හදලා මේ වගේ මිනිස්සුන්ව ආපහු එන්න බැරි වෙන විදිහට හිරේට යවනවා නම් ලොකු උදව්වක්. මම විශ්වවිද්‍යාල පළමු වසර ශිෂයෙක්.මෙයාලා නිසා අපිට නිදහසේ ඉගෙන ගන්න නෑ.හැමදාම මොකක් හරි බොරුවක් ඉස්සරහට දා ගෙන පිකටින්.පළමු වසර ශිෂ්‍යන්ව බලෙන් ගෙනිහින් තමා මෙයාලගේ බලේ පෙන්නන්නේ. පළමු වසර ශිෂයෝ නැතුව මෙයාලගේ පිකටින් එකකට ළමයි 200ක් හොයා ගන්න බැ. ශිෂ්‍යන්ට නිදහසේ ඉගෙන ගන්න නොදී නිදහස් අධ්‍යාපනේ රකින්න හදන මහා ලොකු වීරයෝ.ලැජ්ජයි. (දී)
විශ්ව විද්‍යාලයේ ඉන්නේ අවුරුදු තුනයි නැත්නම් හතරයිනේ. ආපු වැඩේ කරගෙන යනවා නම් හොඳයි නේද? තව පරම්පරා කීයක් එන්න බලාගෙන ඉන්නවද? ඔයාලා කරන්නේ ඉදිරි පරම්පරාවලට එහෙම නැත්නම් ඔයාලගෙම දූ දරුවන්ටම වලකපන එක නේද? (නදී)
මම උසස් පෙළ කලේ 1987 දි. පලවෙනි වතාවෙම සරසවියට යන්න ලකුණු ගත්තා. මට යන්න වුනේ 1990 දී. එක්කෝ වහලා නැතිනම් කාට හරි ගහලා. අපිට පාඩුවේ ඉගෙනගන්න දුන්නෙම නැහැ. සැරෙන් සැරේ මාස ගණන් කැම්පස් වහලා. වයස 30 කිට්ටු වෙනකම් උපාධිය කරන්න වුනා. උපන් වෙලාවේ හොඳ කමටද මන්දා අයාලේ නොගිහින් විශ්ව විද්‍යාල වහපු කාලේදී වෙනත් වෘත්තීය විභාග කලා. මේ වගේ මිනිස්සු උපදින්නේ රටේ කරුමෙට වඩා දෙමව්පියන්ගේ කරුමෙට.(නදී)
නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කියා කියා තියන අධ්‍යාපනයත් කාලා දානවා. ඉගෙන ගන්න කෙනෙකුට වත් ඉගෙන ගන්න දෙන්නේ නැහැ. මේ එක්කෙනෙක් වත් තමන්ගේ උපාධිය වත් සම්පුර්ණ කරගෙනද ? මේගොල්ලන්ගේ වැඩ නිසා තමා උපාධිදරින්ව රැකියාවකට ගන්න වත් පුද්ගලික අංශය අදි මදි කරන්නේ. (නදී)
නුවන් , මට නම් හරිම කනගාටුයි ඔබ වැනි තරුණ ළමයින් ගැන. මම සරසවියට යන කාලයේත් අපි ගෙදරට නාකි වෙනකන් උපාධිය කරන්න සිද්ධ කලේ මේ උදවියම තමා. ඒ කාලයේත් මාස ගණන් සරසවිය වහලා විභාග අත ලඟට එනකොට මොකක් හරි උගුලක් අටවලා ඒවා නවත්තනවා. මේ කරුම්මක්කාරයෝ නිසා ඔබලා ඉගෙනීම අතපසු කර ගන්න එපා. (නදී)
බන්දුල පෙරේරා ඔබ කාට කඩේ ගියත් කමක් නැහැ. ටිකක් ශීලාචාර විදියට අදහස් ප්‍රකාශ කරන්න. මෙතන හැමෝටම තමන්ගේ ස්වාධින අදහස් ප්‍රකාශ කරන්න කතෘ තුමා ඉඩ දීල තියෙන්නේ ප්‍රජාතාන්ත්‍රික කතිකාවතක් සඳහා. එහෙම කියල අනෙකුත් පාඨකයන්ට චාරයක් නැති විදියට කතා කරන්න එපා. මෙතන හැමෝම ඉතාම ශීලාචාරව තමා විරුද්ධවාදී අදහසක් වුනත් කියන්නේ. ඔබේ කතාව වනාතමුල්ලේ අයියා කෙනෙකුටත් එහා. (නදී)
පහුගිය කාලයේ කරපු උද්ගෝෂණ මත සිට තම ශිෂ්‍ය නායකයන්ට මෙතන ගොඩක් අය බැනල තියෙනවා. හැබැයි ඒ අය අරගල කරලා තිබුනේ අපි කාගේත් දරුවෝ වෙනුවෙන් හා සාදාරන ඉල්ලීම් වෙනුවෙන් බව අපි කවුරුත් මතක තබා ගමු නේද? (නදී)
අන්තරේ උදවියගේ කටවල් සහ වැඩ නිසා තමා කවදා හරි නිදහස් අධ්‍යාපනය නැති වෙන්නේ. (නදී)
කටට කටක් නැත මෙහෙම කටක් නැත ..බන්දුලගේ අලි කට වාගේ ! (නදී)
ඉගෙන ගන්න ළමයින්ගේ අයිතීන් වෙනුවෙන් ඔබ කැප වෙනවා (දී)
අන්තරේ උදවිය ගැන කතා කරන වඩා හොඳයි කට බිම උලා ගන්නවා (නදී)
බන්දුල පෙරේරා මොනවාද මේ කියවන්නේ ? පුවත අන්තරේ ගැන බන්දුල ඉන්නේ නො ලිමිට් එකේ ඇඳුම් තෝරන්න ගිය ගමන් ද කොහෙද ? තෝරා ගන්නකො ගැලපෙන කාන්තා අත් බැගයක්. ඔබට කඩේ යන්නත් ප්‍රයෝජන වේවි. (නදී)
බන්දුල , ඔබගේ කටින් පිටවෙන වචන කිසිම සංයමයක් නැහැ. පුවතට අදාලත් නැහැ. ඒ මදිවට එහි සැඟවුන තර්ජනයක් තියනවා. මේවා මොලය කලඳක් තිබෙන කෙනෙක් මේ වගේ කාලයක කරන ප්‍රකාශ නෙවෙයි. (නදී)
අන්තරේ කටවල් වලට දෙවැනි නැහැ බන්දුල පෙරේරාගේ කටත්. බෙන්ගාල බොක්කට පීඩන අවපාතයක් ආවා වගේ. වෙන කාටවත් තමාගේ ස්වාධීන මතයකට ඉඩ දෙන්නේ නැහැ.(නදී)
පුවත අන්තරය ගැන . බන්දුල ගේ එක කකුලක් මෙතන අනෙක නො ලිමිට් එකේ. !(නදී)
නුවන්, බලෙන් එක්කරගෙන ගිය අය ගිරිය පුප්පන් කෑ ගහන්නේ පෙළපාලි වලට තියෙන අකමැත්තට වෙන්න ඇති. ඔය ඔක්කොම යන්නේ නිකන් යුද්ධෙකට යනවා වගේ. ඔය නම් පෙළපාලි ගිය කෙනෙක් වෙන්න බැහැ. නමුත් බලෙන් අනිත් මිනිස්සුන්ව එක්කරගෙන යන පාටක් පේන්නත් නැහැ.(නදී)
බන්දුල කෑරලෙක් වගේ කියවනවා. හරිම අමිහිරියි බලන්නකෝ මහානාම තමන්ගේ අදහස් ලියපු හැටි. ටිකක් දිග වුනත් නොහොබිනා වචන හෝ තර්ජන ගර්ජන කිසිවක් නැහැ. තමන්ගේ අදහසත් ශිෂ්ඨ සම්පන්නව ලියලා.(නදී)
අදහස් ටික කියවල ඉවරවෙනකොට නිව්ස් එක මතක නැතිවෙනවා මේගොල්ලන්ගේ රණ්ඩු වලට (නදී)
බන්දුල, සිංහල උරුමය වෙනුවෙන් කෑගහන ඔබ අර ගංවතුර විපත් කාලේදී පීඩාවට පත් ජනතාව ගැන අනේ අපොයි කියලාවත් එකම එක අදහසක් ලිව්වද කියලා කියන්න. හැබැයි දේශපාලුවෝ ආරක්ෂා කරන්න නම් උඩ පැනලා ඉදිරිපත් වෙනවා. (නදී)
මම මේ පාඨක පිටුවට නිතර අදහස් ලියන කෙනෙක් නෙවෙයි. හැබැයි හැකි සැම විටම අන් අයගේ අදහස් කියවනවා. මෙහි ලියන සියලුම මහත්ම මහත්මීන් , සැම දෙනෙක් ම පාහේ , විරුද්ධවාදී මතයක් වුනත් ශීලාචාර විදියට ඉදිරිපත් කරනවා. ඒත් බන්දුල පෙරේරා නම් කිසිම ආචාර ධර්මයක් නොදන්නා කට දොඩවන දේශපාලන හස්තයක් බව පේනවා. (නදී)
බොරු පිස්තෝල අරන් යකා නටපු අය තවමත් එළියේ ඉන්නවා. පොලිසිය කළොත් කරන්නේ ඔවැනි දේ තමයි. (නදී)
රවී ඔබ හරි. මොන අදහස් දැරුවත් අනෙකා ගේ මතය තමන් අනුමත නොකලත් සභාවකදී ශීලාචාරව කතා කරන හැටිවත් බන්දුලගේ වැඩිහිටියන් ඒ කාලයේදී උගන්නලා නැද්ද මන්දා.(නදී)
වැඩක් වෙයිද කියලා නිකන් හිතන්නකො (දී)
අපි මෙතන මොන අදහස ප්‍රකාශ කලත් එය සිහි බුද්ධියෙන් කරන තරමට අපිටම හොඳයි. කට වැරදීම නිසා අධිකරණයෙන් පවා දඬුවම් ලබපු උදවිය ඉතිහාසයේ හිටියානේ . නොයෙක් අදහස් ලියනකොට ඒවා තමන්ටම නොසිතු ලෙස පාරා වළලු වී පැමිණෙන්න පුළුවන්. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තිබුනාට උත්තරීතර අධිකරණය වගේ වැදගත් තැන් ගැන කියන දේවල් කලපනාවෙන් කියන එක හොඳයි. කතු තුමනි , පාඨක සැමගේ යහපත වෙනුවෙන් මෙය පල කල මැනවි. (නදී)
ඉගෙන ගන්න ආවනම් ඉගෙන ගන්න පුතේ (දී)
වැඩක් වෙන්නේ නැහැ කි ගමනක් නම් ගත්තාද ඇතුලට (දී)
දැන් ඉතින් සම සෞක්‍ය ප්‍රශ්නය මෙතනින් නිමවෙයි නේද. (දී)
මම දුන්නේ දිසානායකට පිළිතුරක්. එතන තිබුනේ මාතෘකාවෙන් පිට දෙයක් නම් ඒ පිළිතුරත් එහෙම වෙන්න ඇති.(නදී)
ඒ මනුස්සයානම් පුදුම කරුමයක් කල කෙනෙක් (දී)
මෙතන සමහර අයගේ අදහස් දකින කොට තරහට වඩා දුකක් තමා ඇති වන්නේ. මොකද මෙයාල මේ වපුරන අදහස් නිසා අපේ රට ආයේ කෙළවරක් නැති යුද්දයකට ඇද දමන තත්වයක් පේන්න තියෙනවා. කරුණාකර ජාති වාදයට හෝ ආගම් වාදයට උඩ ගෙඩි දෙන්න එපා ඔබ මොන දේශපාලන මතය දැරුවත් රටට ආදරේ කරන රටට වැදගත් පුරවැසියෙක් වන්න බලමු . මමත් මොරටුව සරසවියේ ඉගෙනගත්තේ. ඇතුළු උනේ 1986 මුල. එලියට ආවේ 1992 දෙසැම්බර වල. එවකට රටේ තිබුන දේශපාලන තත්වය තුල උපාධිය නොවේ අපේ ජිවිත රැක ගත්තේ බොහොම අමාරුවෙන් බව එකල කැම්පස් ගිය අය දනිති. අන්තරය යනු පැහැදිලිවම එකතරා දේශපාලන පක්ෂයක සෘජු අතකොළුවක්. එයාලා ගේ දෙෂ්පාලනය ඉදිරියට ගෙනයන්න අන්තරය භාවිතා කරනවා කිසිදු හිරිහැරයකින් තොරව. අන්තරය කරන හැම දෙයක්ම වැරදි නැහැ. සිසුන් ගේ සාදාරණ අයිති වාසිකම් දිනා දෙන්න අන්තරය ලොකු දෙයක් කරනවා , ඒ වගේම එයා ලව මෙහෙයවන කට්ටිය ගේ දේශපාලන ව්‍යාපාරයට ඊට අනියම ලෙසින් ආධාර කිරීම තමා සිදුවන්නේ. මම මුලින් කියූ ලෙස විශ්ව විද්යා ල වල , ප්‍රශ්න විසදන්න ස්වාදීන කොමිසන් සබා විශ්ව විද්‍යාල වල පිහිටවා පක්ෂ ගැති දේශපාලනය තහනම් කල යුතුයි. විශ්ව විද්‍යාල ප්‍රශ්න විසදීමට උසාවි හා එම මණ්ඩල අපක්ෂපාතිව කටයුතු කල හැකි පරිදි රටේ නීති නැවත කෙටුම්පත් කල යුතුයි.(නදී)
දේශපාලනිකරණය වූ අධ්‍යාපනය (දී)
මේ කරදරය තවම ඉවර නෙද්ද? (දී)
රටේ මෙච්චර ප්‍රශ්න තිබෙද්දී පොලිසියට මේක තමයි ඉතාම වැදගත්ම දේ. (දී)
මේ අන්තරේ අර අන්තරේ ඉන්න, ශිෂ්‍යයන් වෙනුවෙන් පෙනී සිටින ව්‍යාජයන් ඔක්කොම ළිං වල ඉන්න තඩි ගෙම්බෝ වාගෙ. මේ ගොල්ලන් කපටියෝ, ආත්ම වංචාකාරයෝ, විදේශ රටවල විශ්ව විද්‍යාල කීපයකට ගිහිල්ල හොඳ අධ්‍යයනයක් කරල ආවනම් දැන ගන්න පුළුවන් වේවි තම තමන්ගේ භුමිකාවල තරම. අහිංසක දෙමව්පියන්ගේ සමහර අහිංසක දරුවන්ට යන එන මං නැතිකරණ පාපතරයෝ. (අ)
මට කියන්න මේ ප්‍රශ්න ඇතිකළේ කවුද කියලා මම නොදන්නා කමට අහන්නේ (දී)
අනිත් ළමයින්ගේ ඉගෙනීම විනාශ කරන අන්තරේ රටින් තුරන් කරන්න (නදී)
විශ්ව විද්යා ල වලට හා ආණ්ඩුවේ රස්සා වලට ගන්න කොට වෙනම ගිවිසුමක් අත්සන් කර ගන්න ඕනේ. නීති විරෝධී රැස්වීම් හෝ වර්ජන වලට සහබාගි නොවෙන බව. මට මතක නැ මම කැම්පස් යනකොට 1986 එහෙම අත්සන කලාද නැද්ද කියලා. මොකක් හරි ප්‍රශ්ණයක් තියෙනවා නම් නිතිය මගින් විසදා ගත යුතුයි , තියෙන නීති ප්‍රතිපාදන ඒ සදහා ප්‍රමාණවත් නැති නම් අලුතින් නීති සංසෝදනය කර උසාවි වල අවශ්‍ය බලතල ලබාදිල , රජයේ රැකියා වල විශ්ව විදායල වල ප්‍රශ්න උසාවි හා වෘතිය සමිති හරහා විසදා ගත යුතුයි. ඒ සදහා උසාවි බල ගැන්විය යුතු අතර , ස්වාධින මණ්ඩල පිහිට විය යුතුයි . බලන්න පහුගිය කාලේ මොන තරම් වර්ජන තිබ්බද ? මට මතකයි එක ඇමති කෙනෙක් ප්‍රසිද්දියේ කිව්වා එක්තරා වෘතිය සංගමයක් රජයට වත් පාලනය කරන්න බැහැ කියලා . ඇයි එයාලා පුද්ගලික සල්ලි වලින් ඉගෙන ගත්ත අයද ? නැහැ නිදහස් අධ්‍යාපනයට පින්සිද්ද වෙන්න එකේ පන්තියෙ ඉදන් විශ්ව විදායලය දක්වා මහජන බදු මුදල් වලින් ඉගෙන ගෙන , තව වැඩිදුර ඉගෙන ගැනීමටත් මහජන බදු මුදල් ගත්ත අය. ඉගෙන ගෙන ආවට පස්සේ , තර්ජනය කරනවා , අපි අයින් වෙනවා , අපි රට යනවා කියලා. මෙයාලගේ උපාධි හා අනෙකුත් රජය අනුග්‍රහයෙන් ලබාගත් සියලුම දේවල් ශුන්‍ය කල යුතුයි. එහෙම නැතිනම් නැවත ශත 5 ඉදන් අය කල යුතුයි. මේ වගේ දේවල් වෙන රට වල වෙන්නේ නැහැ. කරුණා කර තම රටට ආදරය කරන්න , තම ජාතියට , තම ආගමට නොවේ , තම රටට ආදරය කරන්න.(නදී)
ඉගෙනගන හොඳ රැකියාවක් කරන්න උත්සහ නොකර දේශපාලනය විශ්ව විද්යාලවලට ගෙනෙන මේ වගේ පුද්ගලයෝ අවශ්‍යද? (නදී)
දණ්ඩ නීති සංග්‍රහයේ 101 අනුබල දීම යටතේ අලුත්ගම රැස්වීම් පවත්වා අනුබල දුන් කිසිවෙක් තාමත් අත්අඩංගුවට ගත්තේ නැත. අලුත්ගම කඩ සාප්පු ගිනිතබමින් ,ජීවිත සහ දේපොළ විනාශ කරද්දී නිහඩව නිසොල්මන්ව බලා සිටි පොලිසිය අහිංසක සරසවි සිසුන්ගේ ඇස් එලියට පනින්න පහර දීමටත් ඔවුන්ව අත් අඩංගුවට ගන්නටත් පසු බට වෙන්නේ නැහැ. එකම රටේ නිතිය ක්‍රියාත්මක වන්නේ දෙයාකාරයකටය.(නදී)
විශ්වවිද්‍යාලවල ප්‍රශ්න ඇති කරලා කොල්ලන්ට ඉගෙන ගන්න දෙන්නේ නැත්තේ මෙයාලා තමා. මහා ලොකුවට නිදහස් අධ්‍යාපනේ ගැන කතා කරනවා. ඒ උනාට ප්‍රථම වසර ශිෂ්‍යන්ට නිදහසේ ඉගෙන ගන්න දෙනවද? හැමදාම උද්ගෝෂණවලට ඇදගෙන ගිහින් ලමයින්ව මඩවන එක තමා මෙයාලගේ රස්සාව. කරුණාකරලා දැන්වත් ළමයින්ට නිදහසේ ඉගෙන ගන්න දෙන්න.(නදී)
ඉගෙන ගන්න ළමුනට හිසරද කාරයෙක්. (නදී)
දිසානායක මොහුන් අහිංසක නැහැ මුළු සරසවි පද්ධතියම විනාශ කරමින් අන්තරය ඇතුළු සිසු සංගම් රටට කරන හානිය සමහරවිට අලුත්ගම විනාශයට වඩා විනාශයක්. රටේ උසස් අධ්‍යාපනය වනසන මොහුන්ට අලුත් නීති හදා හෝ උපරිම දඩුවම් දියයුතුය