අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංදේශයක් බාරදීමට අගමැති කාර්යාලයට එන බව කලින් දැනුම් නොදී තිබියදීත් පෙළපාලියේ ගමන් මග හදිසියේම වෙනස් කර කොල්ලුපිටියට පැමිණි අවස්ථාවේ නියෝජිතයන් 5 දෙනකුට ඒ සඳහා ඉඩදුන් බවත් ශිෂ්‍ය සංගමය එය ප්‍රතික්ෂේප කළ බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය කියයි.
පොලිසිය සමග ගැටීමකට මැදිවූයේ මේ නිසා යැයි ද අගමැති කාර්යාලය පවසයි. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට සංදේශයක් බාරදෙන බව මුලින් කියා පසුව පෙළපාලියේ ගමන් මග වෙනස් කිරීමෙන් පසුවද සිසුන් 5 දෙනකුට අගමැති කාර්යාලයට පැමිණීමට ඉඩ සලසා දීමෙන් ප්‍රයෝජන නොගත් නිසා අවාසනාවන්ත සිද්ධියක් වූ බවද අගමැති කාර්යාලය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුමන මානන්දුව, ඇසළ සහ රුචි කියන්නේ සම්පුර්ණ ඇත්ත. මෙය සිහිනුවණින් යුතුව ඇස් කන් ඇරගෙන ජීවත්වන කාට වුණත් අවබෝධවන දෙයකි. විශ්ව විද්‍යාලයේ අන්තරය වැඩියෙන්ම පිස්සු නැටූ කාලයක ඔවුන් නිසා සිව් අවුරුදු උපාධියකට ජීවිතයෙන් සත් අවුරුද්දක් නිකරුණේ ගෙදරටත් විශ්ව විද්‍යාලයටත් නාස්ති කරන්නට සිදුවීමේ පාඩුව අපට දැනුදු දැනෙයි. (නි)
මුරලිට කරුණාවෙන් කිවයුත්තේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය අනුන් හෙළාදැකීමට බලපත්‍රයක් නොවන බවත් උගත්කමත් බුද්ධියත් එකක් නොව දෙකක් බවත්ය. (නි)
කන්නන්ගර මහත්තයාගෙන් පස්සේ පොත්, නිල ඇඳුම්, මහපොළ දුන් දේශපාලඥයෝ හැරුනම නිදහස් අධ්‍යාපනය රැකගත්තේ අන්තරය තමා. රුචි, නොදන්නා ඒවා කතාකරන්න එපා. ඔයා ඒ පැත්තේ නොගිය කෙනෙක් වග පෙනෙනවා. (නි)
නිදහස් අධ්‍යාපනය තිබිය යුත්තේ පාසල් සඳහා පමණයි. තෘතීක අධ්‍යාපනය සඳහා දියුණු රටවල මෙන් ශිෂ්‍ය ණය ක්‍රමයක් ආරම්භ කළයුතුයි. මෙය දේශපාලකයින්ගේ වාසියට රටේ විනාශයට කළදෙයක්. ඔය නිදහස් අධ්‍යාපනය නිසා අනෙක් රටවලට නොලැබුන ලංකාවට පමණක් ලැබුන සෙත කුමක්ද? (නි)
මෙහි බොහෝදෙනා කරුණු නොදැන අදහස් ප්‍රකාශ කරන බව පෙනේ. අප කළයුත්තේ රාජ්‍ය විශ්ව විද්‍යාල ප්‍රමාණය සහ ඒවායේ සිසුන් ප්‍රමාණය වැඩිකිරීමට රජයට බලපෑම් කිරීමයි. මෙවැනි පුද්ගලික විශ්ව විද්‍යාල තුළින් රාජ්‍ය විශ්ව විද්‍යාල අඩපන වන ආකාරය අත්දැකීමෙන් දනිමි. එවිට හැකියාවට නොව මුදලට මුල්තැන ලැබෙනු ඇත. (නි)
බටලන්දේ රනිල් සරසවි සිසුන්ට සලකන්නේ මෙහෙමද?මේකද?යහපාලනය. (ස)
ලංකාව දුප්පත් රටකි. උසස් අධ්‍යාපනයට වෙන්කරන්නේ සොච්චමක් පමණි. දරුවනේ, කරුණාකර ඉගෙනීම අවසන් කරගෙන උපාධියක් අරගෙන රටට සේවයක් කරන්න බලන්න.කරන දේශපාලනයක් ඉගෙනගෙන අවසන්වෙලා කරන්න. සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ කාලය කා දමන්න එපා. ඔය ළඹයි විශ්ව විද්‍යාලයේදී සමාජවාදයට සහ මාක්ස්වාදයට පණ වුණත් දෙන්න සුදානම් වුණාට ඉන් පිටවුණහම ඔය මතවාද මොකුත් නැත (නි)
පළමුව ප්‍රශ්නය හොදින් විශ්ලේෂණය කරන්න ඕනෑ. විවෘත විශ්ව විද්‍යාලයේ ගාස්තු කිහිප ගුණයකින් ඉහළ දාලා. ඒක පුද්ගලික එකෙක් නොවෙයි.ළමයි හරි අමාරුවෙන් ඉගෙනගන්නේ. එයාලා එක්ක කතාකරලා බලන්න.බොරුවට සාකච්ඡා කළාට ප්‍රශ්න විසඳුනේ නැහැනේ (නි)
මම නම් හිතන්නේ මොවුන් ඉගෙනගන්න ළමයින්ටත් ඉගෙනගන්න දෙන්නේ නැහැ. (නි)
පහුගිය කාලයේ හැමදේටම බැන්නා රාජපක්ෂ ආණ්ඩුවට. දැන් ගුටිකෑවම කාටද බනින්නේ? (නි)
මේ අන්තරේ හැමදාම කළේ පාරේ පෙළපාලි විතරයි.මොවුන් කරන්නේ වැඩක් කරන මිනිසුන්ගෙත් වෙලාව පාරවල් වහගෙන කන එක.මොවුන්ට සල්ලි දීලා ඉගෙනගන්න දුන්නා නම් හරි. (නි)
පාරවල් අවහිර කරමින් උද්ඝෝෂණ කිරීම නිසා අපහසුතාවට පත්වන්නේ එදිනෙදා අත්‍යවශ්‍ය ගමන් යන මහජනතාවයි. මහා මාර්ග, පදික වේදිකා අවහිර කිරීම තහනම් කෙරෙන නීති සහ දඬුවම් තීරණයකොට සකස් කිරීමේ කාර්යය කෙරෙහි වගකිවයුත්තන්ගේ අවධානය යොමුවේවා! (නි)
තියෙන ප්‍රශ්නයක් සාකච්ඡාවෙන් සම්මන්ත්‍රණයෙන් මිස හර්තාල් කරලා දිනාගන්න එක නෙමෙයි කරන්න ඕනෑ.අද ක්‍රමය පළමුව සාකච්ඡාව, දෙවනුව හර්තාල් පෙළපාලි.මේ ගොල්ලෝ පටන්ගන්නෙම වැරදි තැනින්නේ. ඉතින් කන්න වෙන එක අහන්න දෙයක්ද? මේ තියෙන්නේ අපේ ආණ්ඩුවක්. කතාකරලා බේරගන්න පුළුවන් (නි)
අන්තරේ අයට යමක් තිබෙන අයත් එක්ක ඇත්තේ පුදුම තරහක්.කොළඹ ලොකු පාසලක නමක් කිව්වොත් නයාට අඳුකොළ වගේ. හැමතිස්සෙම ඉන්නේ කේන්තියෙන්.ඇති නැති පරතරය? ගිය ආත්මවල වල කළ පවු නිසා තමයි පහසුකම් නොලැබෙන්නේ.මොවුන් නිසා ළමයි කීදෙනෙක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය කඩාකප්පල් කරගත්තද කියලා දන්න අය දන්නවා. (නි)
ඇත්තටම මේ තියෙන්නේ පිටබැද්දර ජයාගේ ආණ්ඩුවක්ද....මන් හිතුවේ රනිල් මහත්තයාගේ යු අැන් පි ආණ්ඩුවක් කියල. අපරාදේ.. රනිල් මහත්තය අධ්‍යාපන ඇමති හැටියට 88/89 දී ළමයි එක්ක කතා බහ කරලා ප්‍රශ්න විසඳලා දීපු ආකාරය වගේ ප්‍රයෝගික ප්‍රශ්න විසඳීමක් මෙයාලට දෙනකන් මෙයාලගේ ගැටළු විසදන්න අමාරුයි. එයාල මහින්ද මහත්තයගෙන් එහෙම ඉල්ලුවට ලැබුණු නැති එකේ ඔන්න ඔහේ රනිල් මහත්තයටවත් ඔය ගැටළු විසදන්න ආණ්ඩුව රනිල් මහත්තයට ටික දවසකට දෙන්න පිටබැද්දර මහත්තයෝ..නැත්නම් මිනිස්සුන්ට පාරවල් වල යන්න එන්න ලැබෙන්නේ නැහැ..මෙයාලගේ මෑණිවරු මතක් කර කර වාහන ඇතුලේ හිර වෙලා ඉන්නවා මිසක්. (ස)
අලුත් ප්‍රශ්න නොවේ-විසදුම් ඉල්ලලා වෙනස් කලේ -උතුරේ ප්‍රශ්නවලට ප්‍රතිචාර සමානද? (ස)
අහිංසක ශිෂ්‍ය/ශිෂ්‍යාවන්ට අකමැත්තෙන් හරි මෙවැනි උද්ඝෝෂණ සහ පෙළපාලි වලට සහභාගී වෙන්න සිදුවෙන්නේ ජේෂ්ඨ ශිෂ්‍යයින්ගේ තර්ජන සහ බලපෑම් නිසා. (ම)
සරලව හිතන්න. ඔය අන්තරේ ඉන්න එක්කෙනෙක්ගේ වත් මූනුවල ඉගෙනගන්න පාටක් වත් තියෙනවද? ලකුණු ටිකක් අරගෙනකළා වානිජ වලින් කැම්පස් එන අය. 5 වසර ශිෂ්‍යත්වයෙන් කොළඹ එන බොහොමයක් හොඳ මොළ ලකුණු මට්ටමට හිරවන අතර මේවගේ අය මේ ලැබිච්ච අවස්ථාවෙන් වත් ප්‍රයෝජන ගන්නේ නැහැ. මෙම ලකුණු මට්ටමට ගැන නැවත සලක බැලියයුතු කාලය එලඹ තිබෙනවා. එලෙසම චර්යාව හා හැදියාව. රටේ ඕනෑම තැනක ඉඳල දැන් ඉගන ගන්න අවස්ථාව හා විධි තියනවා. ලංකාවේම පාස් මාර්ක් සමාන කල යුතුයි 5 වසර ශිෂ්‍යත්වය මෙන්. (ස)
මෙයාලව නම් පට්ට ගෑහැවුවත් මදි. අපිටත් කාලයක් තිබුනනේ. ඒත් මෙහෙම නැහැ. ඖෂධ පනත් අකුලා ගන්න කියන්න මෙයාල කවුද? අපි මේ පනත ක්‍රියාත්මක කරනකන් කොයි කාලයක් බලාගෙන හිටියද? (ස)
අන්තරේ ඇදගෙන නාලා තියෙනේ (ම)
ඒකනේ කියන්නේ පනින්න පෙර සිතාබලන්න කියලා (නි)
දකුණට කදුළු ගෑස්-උතුරට සංහිදියාව -ඔන්න වෙනස. (ස)
කොහොමත් අන්තරේට ඕනෑ මොනවාහරි ප්‍රශ්නයක් දාලා පාරවල් බ්ලොක් කරලා මිනිස්සු මහමඟ රස්තියාදු කරන්න.ඕක ඔවුන්ට තිබෙන මානසික ලෙඩක් (නි)
මේවට කියන්න අපිට වචන නැහැ (නි)
සුමනා, ඔබට විශ්ව විද්‍යාල වලට ගිය අය පිළිබඳ කුහකත්වයක් ඇති. එහෙත් නොදන්නා දේ නොකියා ඉන්න.මේ කතා කරන්නේ නිදහස් අධ්‍යාපනය රැකගන්න. ඔබ හෝ ඔබේ දරුවන්ගේ හෙට දවස ගැන ...... (නි)
කොට්ටෝරුවා කෙහෙල් ගහට කෙටුවහම හොට පැටළෙනවා.... (නි)
කියයි නිදහස් අධ්‍යාපනය රැකෙන්නේ අපි නිසයි කියලා. බැලුවහම නිදහස් අධ්‍යාපනය කන්නේ අපි තමයි කියලා කියන්න තමයි වෙන්නේ. (නි)
මේ පිස්සු නටන්නේ අපේ සල්ලි වලින්. ඔවුන් හිතාගෙන ඉන්නේ ඒවා ඔවුන්ට ලැබෙන්නේ අයිතිවාසිකමක් විදියට කියලා. මොන රජය ආවත් මෙහෙමයි. මීටපස්සේ සල්ලි ගෙවලා ඉගෙනගන්න කියන්න. එවිට අමාරුකම් දැනෙයි. පිනට ලැබෙනකොට මස් රාත්තලම ඉල්ලනවා. (නි)
ඔය අන්තරේ ඉන්නේ සරසවි සිසුන් නොවෙයිද? මොනවා වුණත් යහපාලනයට නම් මේ වගේ මර්දන ක්‍රියා කැප නැතිබව සිහිතබා ගත්තොත් හොඳයි නේද? (නි)
මමනම් කියන්නේ නියෝජිතයෝ පස්දෙනෙකුට අගමැති කාර්යාලයෙන් ලැබුන අරාධනාව අන්තරේ පිළිනොගත්ත එක වැරැද්දක්. ඒකනිසා ජල ප්‍රහාරය ඉතාම සාධාරණයි.(ම)
මුරලි මහත්තයෝ - නිදහස් අධ්‍යාපනයේ යහපතට ඔය අන්තරේ ඉන්න එකෙක්වත් මොනවත් කරලා නැහැ. උන්ට තියන අධික කුහක කමක්. උන් කියන්නේ 1 ලකුණක් අඩුවෙලා කැම්පස් යන්න බැරිඋනොත් පුද්ගලික විශ්ව විද්‍යාල වලින් ඉගෙනගෙන ඉදිරියට එන්න බැහැ. දෙමවුපියන්ට මුදල් තියනවනම් දරුවෝ ඇයි තව අවුරුද්දක් කාලය කන්නේ. මුන් ඉගෙන ගන්න කැමති එකාටත් ඉගෙන ගන්න දෙන්නේ නැහැ. කකුලෙන් අැදල වලට දාන්න හදන්නේ. (බ)