නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ රජය යටතේ සම්මත කරගත නොහැකි වුවොත් යළි අවස්ථාවක් නොමැති බවත් දේශපාලනික වශයෙන් අනාගතයක් නොමැති පිරිස් විසින් වත්මන් ආණ්ඩුවේ ගමනට බාධා කරමින් සිටින විට ඒ පිළිබඳව සැළැකිලිමත් නොවී මෙම වසර පහ ගතවීමට මත්තෙන් නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට ක්‍රියා කළ යුතු බවද තිබ්බටුවාවේ ශ්‍රි සුමංගල මල්වතු මහානාහිමියෝ පැවැසුහ.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් හමුවු අවස්ථාවේදී මේ බව මල්වතු හිමියෝ කීහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හාමුදුරුවරුනේ, දේශපාලනය හැර වෙන ඕනෑම දෙයක් ගැන කතා කරන්න (නි)
හාමුදුරුවරු දේශපාලනය කතා කරනවා. එ්ත් ලංකාවේ බුදු දහම හරියට ක්‍රියාත්මක වෙනවද කියලා හොයලා බලන්නේ නැහැ. දවසකට ලංකාවේ කොපමණ සතුන් මරනවද? ඒවා ගැන කතා නැහැ (නි)
අනේ හාමුදුරුවනේ, ඔබ වහන්සේත් මේවට එකඟද? (නි)
අපිට නම් මේ ක්‍රමය ගැන ඇත්තේ ලොකු කළකිරීමක් (නි)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
අනේ අහිංසක දේශපාලකයින් ටික. හරියට වැරැද්දක් කරලා අහුවුණා වගේ. මෙහෙම අසරණ අය වගේ නැතුව ප්‍රාණවත්ව ඉන්න. ලොකු වැඩක් කරන්න. (නි) යනකොට
හොඳින් සිතාබලා කටයුතු කළයුතු අවස්ථාවක් (නි)
මෙතන දේශපාලුවෝ ටිකක් නේද ජාතික ලැයිස්තුවෙන් මොවුන්ව පාර්ලිමේන්තුව ගත්තේ මේවට කඩේ යවන්න කියල අපිනම් හොදටම දැනගෙන හිටිය හාමුදුරුවනේ.......? (බ)
ස්වාමින් වහන්සේ කියන්නේ ඇත්ත. අපිත් එකඟයි (නි)
ඒ ස්වාමින් වහන්සේ කිව්වා කියා ජනතාව හැම දෙයක්ම පිළිගන්න අවශ්‍ය නැතිබව කාලාම සුත්‍රය අපට නිදසුන් දෙනවා. මෙතන තියෙන ප්‍රශ්නය සියලුම ජඩකම් කරනකොට එක දේශපාලුවෙක්වත් අඩුවශයෙන් ගමේ පන්සලේ හාමුදුරුවන්වත් දැනුවත් නොකර හොර රහසේම කර ගන්නවා. බෞද්ධ නායකයින්ට පමණක් දුක් ගැනවිලි කියන්න යන්නේ ලෙහෙසියෙන්ම අන්දන්න හැකි ජනතාව සිංහල-බෞද්ධයෝ නිසා. (නි)
සම්පූර්ණයෙන්ම සත්‍යයයි (නි)
විශිෂ්ට මහා නායක හාමුදුරු නමක්. සමහරු අහනවා රටට මොකටද දැන් ව්‍යවස්ථාවක් කියල. අවුරුදු 30 ක් යුද්ධ කළේ ඔය ප්‍රශ්න නිසා තමයි. ඒ වගේම හාමුදුරුවනේ රටේ හැම දෙනාටම සමානාත්මතාවයෙන් ජීවත්වෙන්න ඉඩ ලැබෙන ව්‍යවස්ථාවක් හැදෙන්න ඔබ වහන්සේ වගබලාගන්න ඕන. බුදු දහමට ප්‍රමුඛස්ථානයක් ලැබෙනවාසේම අනිත් ආගම්වලටත් නිසි තැන ලැබෙන විදිහට කටයුතු සලස්වන්න ඕනේ (බ)
අපි නම් හිතන්නේ නැහැ අලුත් ව්‍යවස්ථාවක් සම්මත කරගනියි කියලා. මේ කවුරුත් කරන්නේ හම්බවුණ අවස්ථාවෙන් හම්බ කරගන්න එක (නි)
ඇත්ත. නැවත අවස්ථාවක් ආවේ නැත්නම් අපි අමාරුවේ (නි)
සිංහල බෞද්ධ අයිතිය කවදත් රැකුණේ මහානායක හිමිවරුන් නිසාම නොවේ (නි)
සත්‍යා, මමත් ඔබ සමඟ එකඟයි. සිංහල බෞද්ධ ජනතාව මේ අවස්ථාවේදී ඉතාමත් කල්පනාකාරී විය යුතුයි. (නි)
දැන් හාමුදුරුවරුනුත් දේශපාලනයට ගැතිවෙලා වගෙයි (නි)
හාමුදුරුවනේ රටේ පාලකයින්ට කඩේ යන්න කීයල බුදු දහමේ කොහේවත් කියල නැහැනේද, සීලයයි සිවුරයි රැකගත්තොත් නේද හොද,කඩේ නොයා. (බ)
කියන්න පුලුවන්ද ව්‍යවස්ථාවේ තියෙන අඩුව. බලයට කෑදරකම විතරයි. කිසි වැඩක් නැහැ. අපි ලැජ්ජා වෙනවා දැන්නම් (නි)
කොහොමහරි අපිට ඉන්න තැනක් නැතිවෙනතුරු හැමෝම එකතුවෙලා රට විනාශ වෙන්න වැඩ කරන්නකෝ (නි)
සමහර හාමුදුරුවන්ටත් පෙන්නේ නැහැ රටට වෙන්න යන විනාශය. උන්වහන්සේලාත් බලන්නේ උන්වහන්සේලාගේ දේශපාලන පක්ෂය පැත්තෙන් මිසක් රට පැත්තෙන් නොවෙයි.. (නි)
මහානායක හමුදුරුවරු රටේ ප්‍රශ්නවලදි මැදිහත් විය යුතුයි. හැබැයි ඒ දේශපාලකයන්ට, ඩොලර්වලට නෙමෙයි. මේ සිංහල බෞද්ධ රට යන තේමාව යටතේ. (නි)
හාමුදුරුවන්ටත් කුට්ටියක් හම්බුවෙලා වගේ .(බ)
මැදහත් දේශපාලන විශාරදයෝ දෙතුන් දෙනෙක්වත් මේ ගැන කියන්නේ මොනවද කියල හොඳින් විමසා බලා මිසක් හාමුදුරුවෝ කියපු පලියට ඕවට ජනතාවට එකඟ වෙන්න බැහැ (බ)
මේ වගේ අය බලයට එන්නේ නැහැනේ (හේ)
මොකක්ද තියෙන ව්‍යවස්ථාවේ අඩුව. රටේ වෙන ප්‍රශ්න නැද්ද විසඳන්න? ඡන්දයක් තියන්නකො පෙන්වන්න (නි)
ඕකට ඔතරම් තියෙන හදිස්සිය මොකක්ද? කාගේ උවමනාවක්ද? (නි)
අනේ හාමුදුරුවනේ, ඔය ව්‍යවස්ථාව හදන කමිටුවේ ඉන්නේ ඔක්කම රට වනසන කල්ලි වල අයනේ. රටට අාදරය කරන රට ගැන හිතන අයගේ මතය යට කරගෙන තමයි ඕක එළියට එන්නේ. (නි)
මෙය සම්මත කරගැනීමට විරුද්ධ වන්නේ බලය වෙනුවෙන් පක්ෂග්‍රාහී වූ අය පමණයි කියායි මම නම් සිතන්නේ. (නි)
බුද්ධාගමට දැන් නිසි තැන නැහැ. අනික ඡන්ද නොතියා ඉන්නේ ඇයි? (නි)
මේක මම පිළිගන්නෙ නැහැ. අන්තිම වතාව කියලා එකක් නැහැ. (නි)
රටේ අවාසනාවට රටට හොඳක් වෙන කිසිම දෙයක් නොවෙන බව දැන් හැමෝම දන්නවා. ඒ නිසා මිනිස්සු දැන් රට ගැන තනියෙන් හිතනවා, එහෙම හිතලා තීරණ ගන්නවා. දැන් කවුරුවත් කියන ඒවා මිනිස්සු අහන්නේ නැහැ. (නි)
හාමුදුරුවනේ, ඒ ව්‍යවස්ථාව ගැන දන්නෙ නැති දේවල් දන්නා ගිහියෙකුගෙන් හරි ඉගෙනගන්න. ඕවා කියලා දෙන්න ආයේ බුදු හිමියන් වඩින්නෙ නැහැ (නි)
අපේ ව්‍යවස්ථාව දැන් සඟරාවක් බවට පත්වෙලා බව නොතේරෙන එක ගැන මට නම් පුදුමයි. අලුත් ව්‍යවස්ථාවකට වැඩිය තිබෙන එ්කෙම වෙනස්කළ යුතු තැන් කවුරුත් එකතුවෙලා වෙනස්කළා නම් හොඳ නැද්ද? මේ ව්‍යවස්ථා වෙනස් කිරීමේදී සිදුවන හානි හා යහපත ගැන හොඳට සිතාබැලිය යුතුයි. අනෙක ව්‍යවස්ථාවක් ඉක්මනට හදන්න යාමේදී නොයෙකුත් අඩුපාඩු එමට සිදුවීමට ඉඩ ඇත. (නි)
මගේ හිතට එන සිතුවිලි කියන්න අමාරුයි (නි)
මේ ආණ්ඩුව යටතේ සිදුනොවිය යුතුම දෙය මෙයයි (නි)
ඔබ වහන්සේ දන්නවද ඔය ව්‍යවස්ථාවේ තියෙන්නේ මොනවාද කියලා. ඉස්සරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඊටපස්සේ ජනමත විචාරණයකට යා යුතුයි. සහජීවන ආණ්ඩුවේ හැටියට අපිට නම් හිතාගන්න පුළුවන් මොනවාද තියෙන්නේ කියලා. බුදු සසුන තියෙන්නත් රටක් තියෙන්න එපැයි. (නි)
හොරු රැලට හොඳ ටොක්කක් (නි)
දේශපාලන පක්ෂ ඔලුවේ තියාගෙන රටට, ජාතියට ද්‍රෝහිවෙන්න නම් එපා හාමුදුරුවනේ (නි)
හාමුදුරුවරුන් දේශපාලනයට අතනොගසා මහජන මුදල් නාස්ති නොකර වැඩවිසීම වටී (නි)