විවිධ නම් වලින් පෙනී සිටිමින් විවාහයන් 11ක් හා විවිධ ආයතන හා පුද්ගලයින්ගෙන් රුපියල් ලක්ෂ ගණනක් මුදල් වංචා කළ පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව මහියංගනය පොලිසිය කියයි. සැකකරුවට විරුද්ධව බහු විවාහ හා මුදල් වංචා සම්බන්ධයෙන් හම්බන්තොට, කඩුවෙළ, මාතර අධිකරණයන් හී විභාග වන නඩුවලට ඉදිරිපත් නොවීම නිසා වරෙන්තු නිකුත් කර ඇතැයි ද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුපෙම් ලොවේ සුපුන් සරා මල් සරා ...... මේ අනංගයා තමයි මහා පෙම් හොරා ..(අ)
පුදුමයිනේ මෙච්චර විවාහ සංක්‍යාවක් කරගෙන අහුනොවී මේ පුංචි රටේ මෙච්චර කල් හිටිය එක. (දී)
කල කල දේ පල පල දේ...දැන් අනංගයාගේ සිකුරා මාරු වෙලා. (දී)
11 ක් විවාහ කරගන තියෙන්නේ තනියම ගිහිල්ලද ? කසාදයක් බදින්න එන මිනිහා ගැන හොයලා බලන්නේ නැතුව අහපු ගමන් කසාද බදින රටක්ද මේ. (නදී)
විවාහයන් 11ක් නම් හැමෝම මෙයාට සුබපතන්න ඕනේ, තම ආගම ජාතිය වෙනුවෙන් තම වර්ගයා වැඩිකරන්න හිතල කරපු සේවයක් වෙන්න ඇති, (දී)
ඉස්සර කාලයේ වගේ නෙවෙයි දැන් කාන්තාවන් විවාහ වෙන්න කලින් හොඳින් සොයා බලා කටයුතු නොකලොත් මෙවැනි ගැට වල ට අසු වෙනවා. අන්දවන කෙනා , හෝටලය, මල් සැරසිලි, ෆෙෂල්, ගැන දක්වන සැලකිල්ල තමන් විවාහ වෙන්න තෝරාගත්ත කෙනා ගැන සොයන්න දක්වන්නේ නැහැ. (දී)
ජයා ,නියම පද වැල් දෙක.(දී)
මෙහෙම අයගේ චායාරුපයක් හරි දාන්න ඕන. එතකොට තව තව හොර අල්ලගන්න පුළුවන්. කවුද දන්නේ 11 දෙනාට අමතරව තව උදවිය රැවටිලාද කියලා. (දී)
මේවන් වැඩ කරන මිනිස්සු අපායටම යනවා සිකුරුයි (දී)
අපයේ ගනු ටිකත් ඉවරයි (අ)
අපේ රටේ කාන්තාවෝ විවාහ වෙන්න කලින් නිකමටවත් හොයලබලන්නේ නැද්ද? (අ)
මිනිහ අන්තඃපුරයක් දාන්න සැලසුම් කරන්න ඇති. පස්සෙ දවසක රජ වෙන්නත් බැරි නැහැ. (ස)
මෙවන් පුද්ගලයන්ට දෙන්න ඕන දඬුවම එකොලොස් දෙනාම නිත්‍යානුකුලව විවාහ කර දීමයි. අඩුම ගානේ එක බිරිදට එක දරුවයි .11x1 =11 (ස)
එල්ලන්න ඕනේ මැරෙනකම්. (ස)
අම්මෝ මේ මනුස්සයා අදහන්න වටිනවා නේ (දී)
සුරඟන ලෝකේ ජීවත් වෙන අක්කල නගාලට මේවා හොද පාඩම් (දී)
විවාහ 11 කරගෙනත් අහු නොවී හිටිය කියන්නේ ,හොඳ කපටි මොලයක් තියෙන්න ඇති . කොහොමද ටිකිරි මොලේ, (ස)
ඇත්තටම මේ වගේ මිනිස්සුන්ට දෙන්න ඕන දඬුවම මොකක්ද..? ජිලෝගේ දඬුවමත් නරකම නැහැ, ඒත් ජිලෝ එම ගැහැණුන්ටම දුක් විදින්න වෙයිද ....? (ස)
මහියංගනේ සෙල්ලම් දාන්න බැහැ, බුදුන් වැඩි තැන නේ, (ස)
මේ වගේ නීති විරෝදී ක්‍රියාකාරකම් වලට හේතුව හැඳුනුම් පතේ විවාහ අවිවාහ බව සඳහන් නොකරන අඩු පාඩුව. පනින රිලවුන්ට ඉනිමං තියන්නේ රජය. (ස)
මෙවන් පිරිස් තව ල්න්නවා ලංකාවේ ඒ නිසා පින්තුරයක් තියෙනවානම් පලකරන්න (දී)
මහියංගනෙත් පන්නානම් මෙයා තමා ලංකාවේ ඉන්න එකම පිරිමියා (දී)
අපේ රටේ කෙල්ලොත් මොවුන්ට අහු වෙනවනේ ඇත්තට (දී)
හැඳුනුන්පතට විවාහ ඌ ගමන්ම විවාහයි කියන නීතිය ගෙන එන්න, ස්වාමියාගේ හෝ බිරියගේ නමත් එහි ලියමු (දී)
විකල්ප තේරුනේ නැ.ඔබ කියන්නේ රජතුමාට අන්තඃපුරයක් තියෙනවා කියලද ?(දී)
නැකත් බලලා, සුභ මුහුර්තිය, දවස, සුභ දිසාව, කරපු මගුල් වලට මොකද උනේ? හැම එකක්ම බලපු ජෝතිශ්‍යයා සුභ මනමාලයෙක්ද කියලා කියන්න බැරි උනා.ජෝතිශ්යයෝ කියන්නේ කපටි මිනිස්සු. මුදල් හොයන සුත්‍රයක් (දී)
මොන ක්‍රමයට මනමාලයෙක් සොයා ගත්තත් විවාහයේදී වැඩිහිටියන් මැදිහත් කර ගෙන ඒ දේවල් සිදු කරගන්න අයට මෙහෙම අමාරුවේ වැටෙන්න තියන අවස්ථා සාපේක්ෂව අඩුයි. පොඩි සැකයක් ආවත් පවුලේ හිතවතෙකුට කියලා හරි ඒ ගැන සොයලා බලනවා. මගුල් කපුවොත් පොලව පැලෙන බොරු කියලා දෙපැත්තෙන්ම ගතමනාව කඩා ගන්නවා. (දී)
දැනුවත්ව 11යි .නොදැනුවත්ව ?.කොහොම වුනත් මිනිහ හොද වැඩකාරයෙක්.මමනම් වරදක් කියන්නේ නැහැ. එතරම් හොද රංගන ශිල්පියෙක්, (දී)