ශ්‍රී ලංකාවේ සිට ක්‍රියාත්මක වූ බව කියන අයි එස් ඒජන්තවරයකු සමඟ සම්බන්ධතා පැවැත්වීයැයි අත්අඩංගුවට ගත් 16 හැවිරිදි පාසල් දැරිය මරාගෙන මැරෙන බෝම්බ කාරියක ලෙස යෙදවීමේ උත්සායහක් තිබී ඇතැයි ඉන්දියා මාධ්‍ය වාර්තා කරයි.
එම පාසල් දැරිය තවත් අයි එස් සාමාජිකයන් 200 දෙනකු පමණ සමාජ වෙබ් අඩවි ඔස්සේ ඇසුරු කර ඇති බව ඉන්දියා ත්‍රස්ත විමර්ශන ඒකකය අනාවරණය කරගෙන ඇතැයි ද ඉන්දියා මාධ්‍යය කියයි.
කර්නාටක ප්‍රාන්තයේ සිටිය දී අත්අඩංගුවට ගත් සිරාජ් උද්දීන් නම් අයි එස් සාමාජිකයා ශ්‍රී ලංකාවේ සිට ක්‍රියාත්මක වූ බව කියන අයි එස් සාමාජිකයා හරහා එම සිසුවිය සංවිධානයට බඳවාගෙන ඇතැයි ද අනාවරණය වී තිබේ.
ෆේස්බුක් හා වට්ස්ඇප් හරහා තමා අයි එස් සංවිධානයට බඳවා ගත් බවත්, වෛද්‍යවරියක කරන ලෙස තමා කළ ඉල්ලීම ඔවුන් පිළිගත් නිසා මරාගෙන මැරෙන බෝම්බකාරියක ලෙස ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට තමා එකඟ වූ බවත් සිසුවිය ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට පාපොච්චාරණය කර ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.
එම සිසුවියගෙන් තවදුරටත් ප්‍රශ්න කරගෙන යන බවත්, ඇය පුනරුත්ථාපනය කර සමාජ ගත කරන බවත් කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද මේ වෙන්නේ.(හේ)
ඉක්මන් කරන්න. දැන්ම සොයා බලන්න.(හේ)
දැන් ඔය කවුද ලංකාවේ එකා? (බ)
අයි එස් සාමාජිකයින් නොහොත් අන්තවාදී සංවිධාන මේ රටේ තියෙනවා කියල මුලින් කිව්වා මතක ඇති. දැන්වත් සොයා බැලුවොත් හොදයි. (බ)
මෙහෙම ගියොත් මොනවා වෙයිද . තාක්ෂණය ගැන දක්ෂ වැටහීමක් තියන අනාගත දොස්තරවරිය. (බ)
මමනම් මොකවත් කියන්නේ නැහැ.ජනාධිපතිතුමා කියනවා මේවා ගැන කතා කරන අය අන්තවාදීන් කියල. (කෞ)
අදහස් ප්‍රකාශ කරන හැමෝටම කියන්නේ , ලංකාවේ අයි එස් ගැන කතා කිරීම නිසා රටේ සන්හිදියාවට ලොකු හානියක් වෙන්නේ එනිසා කටවල් වහගෙන නොදැක්ක ලෙස ඉන්න. කතා කලොත් අලුත් පනත අනුව වසර දෙකකට සිරගත විය හැක. (කෞ)
හා, හා හසංක, කලබලනොවී හෙමිහිට හොයලා බලමුකෝ. (නි)
මරාගෙන මැරුනහම කොහොමද දොස්තරවරියක් වෙන්නේ? (නි)
ලංකාවේ මෙවැනි දේවල් සිදුවන්නේ ඇයි කියලා අපිට නම් හිතාගන්න පුළුවන් (නි)