‘රටේ අනාගතය ගැන හිතන්නටවත් බෑ. මහා භයානක තත්වයක් උදාවෙලා තියෙන්නෙ. යාන වාහන, මුදල් නොයෙක් ජාති දීල හැම දේකටම අත උස්සල සම්මත කරන්න ඔළුගෙඩි ටිකක් හදාගෙන ඉන්නෙ. ඕකෙ සල්ලි නැති හිඟන්නු ටික කැමැති වෙනවා ඒවට. ඕකෙන් වෙන්නෙ රටට හොඳක් නෙමේ රටේ අනාගතය අඳුරු විමක් හා භයානක තත්වයක්. රට ගැන හිතෙන කිසි කෙනෙක් ආණ්ඩුවෙවත් විපක්ෂයෙවත් නෑ‘ යැයි ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ පැවසූහ.
ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී. එල්. පීරිස් මහතා ඒ හිමියන් බැහැ දැක යෝජිත ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පැමිණි අවස්ථාවේ එසේ කීහ.
‘පත්තරේ මම දැක්ක රනිල් වික්‍රමසිංහ මහත්තයටයි මලික් සමරවිර මහත්තයටයි බලය ඉක්මවා ගිය බලයක් දෙන්න යනවා. දැනටත් පාර්ලිමේන්තුව දෙවනත් කරනවා. කිසිම සදාචාරයක් නැ.මේක මහා භයානක තත්වයක්. මේ කරන්න හදන්නෙ ජනාධිපතිගෙ බලතල අයින් කරල හෙමිහිට පැත්තකින් තියල මෙයාල බලය අරන් රජය ගෙනයන්න තමා මේ හදන්නෙ. මේ මිනිස්සුන්ට මොලයක් තියෙනවනම් හිතන්න ඕන මේ මොනවද මේ කරන්නෙ හදන්නෙ කියලා‘ යැයි ද ඒ හිමියෝ කීහ.
‘ආණ්ඩුවට බයක් තියෙනව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව ගේන්න බැරි වෙයි කියල. ජන මත විචාරණයක් පැවැත්තුවත් මෙයාලට ඒක අවාසි වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළේ කරන්න හදපු දේවල් වක්‍රාකාරව සංවර්ධන විශේෂ විධිවිධාන පනතින් ගේන්න හදනවා‘ යැයි එහිදී ජී.එල්.පීරිස් මහතා කීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහෝ මේ බුදුන්ගේ ධර්මයද ? (බ)
ධම්මික ... බුදු බණ කියන්නේ දෙන දෙයක් කාල වෙනදෙයක් බලාගෙන ඉන්න එක නෙමෙයි මහත්තයෝ (බ)
ඔබවහන්සේ කියනවා වගේ අපේ සිංහල බෞද්ධයෝ මහා මෝඩ ජාතියක් ,මහණ වුවත් සමහර උන්නාන්සෙලට සම්මාදිට්ඨිය නැහැ. (බ)
අපි දැන් 18 සංශෝධනය කරලා ඉන්න වෙලාවක ...රනිල් මහත්තයා, එවැනි දෙයක් කරනවානම් ..එ්කට විරුද්ධ විය යුතුයි ...අනාගතය ගැන නම් හිතන්න තිබුනේ 18 සම්මත කර ගන්න කොට නේ ....කෙසේ වෙතත් ...විධායකය ..නියම වෙලාවට ..රටට හිතකර තීරණ ගනී නේ..(බ)
ඒකාබද්ධ විපක්ෂේ ඉන්නේ රට ගැන හිතන උත්තමයෝ වෙන්න ඇති නේද ලොකු හාමුදුරුවනේ? (බ)
ධම්ම චක්‍රය පෙන්වමින් නිර්මල බුදු දහමටත් සිංහල බෞධ සමස්ත ජනතාවටත් විනකරන නීති ගේනවා. ඉංග්‍රීසි පාලන සමයේ වත් මෙතරම් ජනතාව අසරණ කරන නීති ගෙනාවේ නැහැ.(බ)
බුදුදහම යනු සිරිසගබෝ වීම නොව. අසාධාරණයට විරුද්ධවීමත් හරි දේ කිරීමත් බුදුදහමේ කොටසකි. පගා වලට අත ඉස්සීම බුදුදහම නොව. නායක තෙර අපට කියන්නේ එයයී. (බ)
ඔබ මහා රජ සමග ඉන්න කල මහරජ කතා කළ ආකාරය මා හොදට දන්නවා (බ)
ගරුතර ස්වාමීන්වහන්ස පසුගිය පාලන සමයේ සිදුවුන දේවල් නොදකින්න ඔබ වහන්සේ එම සමයේ ශ්‍රී ලංකාවේ වැඩ වාසය නොකළෙහිද? නැතිනම් නොදැක්කා සේ සිටියාද කියා අපට දේසනා කර වදාරන සේක්වා !! සාදු සාදු (බ)
ධම්මික, බුදුන්ගේ ධර්මයෙන් තමයි රට පාලනය කරනවා කියල යහපාලන ගුන්ඩුව ආවේ (බ)
ඇත්ත කතාවක් (බ)
කාලයක් නම් බුදු ණ නොවෙයි ඇහුවේ මහින්ද බණ (ම)
අතීතයේ මේ කට්ටිය අනාගන්නාවිට ස්වාමින් වහන්සේලා වැඩ සිටියේ කොහේද ? (නි)
ධම්මික,බුදුන්ගේ ධර්මය මේ දිවයිනේ උදේ හවා හැම මුල්ලකම ඇසෙන්න තිබුනත් රටේ සිදුවන අපරාධ,දුෂණ ක්‍රියා අඩුවෙලා තියෙනවද? අනික මේ වෙලාවේ රට හා අපේ දරුවන් වෙනුවෙන් මල්වතු,අස්ගිරි මහනායක හිමිවරුන්ගේ වගකීම පැහැර හරිනම් මොන යම් සඟ රත්නයක් පෙර ගමන් ගනීනම් උන්වහන්සේලා සමග අපිත් පෙරට ආ යුතුයි නේද? (බ)
රනිල් වික්‍රමසිංහ කියන්නේ ඒකාධිපතියෙක් කියල මිනිස්සුන්ට තේරෙනකොට වෙන්න තියෙන දේවල් ඔක්කොම වෙලා ඉවරයි (බ)
රට වැරදි මගක යනවානම් උන් වහන්සේ අවවාද දෙන්න ඕනි .ඔබ හරි ස්වාමින් වහන්ස (බ)
අපේ හාමුදුරුවනේ අපේ අගමැතිතුමා විවාහ නීති වෙනස් කරන දවස වැඩි ඈතක නැහැ ,ජන්මෙට වැඩිය පුරුද්ද ලොකුයි කියනවනේ (බ)
හාමුදුරුවනේ, දැන් උපාසක ඇත්තන්ට මහා ප්‍රශ්නයක්. දැන් එක මහා නාහිමිනමක් එකක් කියනවා, තව කෙනෙක් තව එකක් කියනවා. අපිට නම් පෙනෙන්නේ බුදුන් වදාළ ධර්මයට නොවෙයි මේ වැඩ කරන්නේ, පක්ෂ පාට අනුවයි කියලයි. ඔය දේවල් රාජපක්ෂ මැතිතුමා ඉන්න කාලේ ඔබ වහන්සේට මතක නැතිවුණානේ? (නි)
මේ ඉන්නේ රහතන් වහන්සේ නමක් හෝ පසේ බුදුවරයෙක් කියලද දම්මික ඔයාට හිතෙන්නේ? නැහැනේ. මෙවැනි භික්ෂුන්වහන්සේලා නිසා තමයි ඔබටත් අද ඔය විධියට අද කතා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. දන්නේ නැතිනම් අහගන්න ඔයාගේ දෙමාපියන්ගෙන් අහගන්න අප රටට නිදහස ලැබීමට පෙර තිබුණු දේශපාලනික සාමයික පසුබිම ගැන. හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි. එහෙම නැතිනම් ශ්‍රී ලාංකිකයෙක් නොවුනත් ටිබෙට් ජාතික එස් මහින්ද හිමි ලිවූ කවි නිසා ඔබ එකල හිටියා නම් කියාවි රටින් පිටුවහල් කරනවා කියල. කියවන්න තවදුරටත්: (බ)
බුද්ධ ශාසනය රැකගන්න නම් රටකුත් තියෙන්න ඕනෑ. පළමුව ඔබ වහන්සේලා ඉදිරිපත්වී රට රැකදෙන්න. අපි බුද්ධ ශාසනය රැකගන්නම්. (නි)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
මෙතන ගෙදරින් පිට රටේ වෙන්නේ මොනවද කියා දන්නේ නැති මිනිස්සු ටිකක් තමයි මේ රටේ සිංහල ජාතිය ගැන කතාකරන හාමුදුරුවරුන්ට දොස් කියන්නේ. (නි)
රටේ ඇතිවී තිබෙන තත්වය බියකරුයි,ඛේදජනකයි. රට එම තත්වයට පත්වීම ගැන භික්ෂුන්වහන්සේලත් එක්තරා ප්‍රමාණයකටවත් වග කිවයුතුයි නේද නායක හාමුදුරුවනේ ? (බ)
ජීඇල් මහතාණනි, මෙවැනි සංඝ පුත්‍රයන් නොමග යවා, ඔබලා මේ නටන නාඩගම මොකක්ද ? මුළු රටම නැති කරන බොරු වලින් ඇත් වෙන්න, බලය ලබා ගන්න ජාතිය ආගම තුලින් මගේ පුංචි රට නැති කරන්න එපා. බුද්ධියට නිගරු කරන්න එපා (බ)
මම නම් හිතන්නේ ගැටඹේ හාමුදුරුවෝ අතීතයේ සිටියේ හරි තැන කියායි (නි)
මේ මොන සරණන් ගච්ඡාමි කියලද කියන්නේ ? (බ)
මොනවා කරන්නද සමනල විප්ලවයේ දේදුනු වර්ණයෙන් ඇස මුලාකරගත්තවුන්ට දෙබරවිෂ වල භයානක කම තේරෙන්නේ නැහැ කියන දෙය මේ ගොඩක් කමෙන්ට් වලින් පෙනෙනවා. (බ)
බලපෙරේත දේශපාලනයට,දේශපාලකයින්ට කත් අදින සිංහලයෙනි.තමන්ගේ ලෙයින් මසින් බිහිවෙන අනාගත සිංහලයන් ගැන මුලින්ම සිතන්න පුරුදු වන්න. දෙවියෙකු ලෙස මිය යන්න ඉඩ තිබියදී , තමා වටා සිටි වන්දි බට්ටයින්ට යකා නැටීමට ඉඩ දී ,තමන්ගේ පමණක් නොව මුළු රටේම අනාගතය විනාශ කිරීමේ අවස්ථාව වර්තමාන පාලකයන්ට සැලැස්වූ හිටපු ජනපති තුමත් මේවාට වග කිව යුතුය. (බ)
අපේ හාමුදුරුවනේ ඔය ලංකාවේ ඉන්න ප්‍රධාන පෙලේ සිංහල විද්වතුන් පිරිසකට මාස්පතා අතිවිශාල මුදල් සම්බාරයක් පිටරටින් ලැබෙනවා ජාතිය ආගම නිගරු කරන්න සහ බලය බෙදන්න කියල, ඉතින් ඒ අය එක කරගෙන යනවා බොහොම හොදට. (බ)
හාමුදුරුවෝ කියන දේ නොඅසා යහපාලනයට ඡන්දය දුන්නා. දැන් සනීපද සිංහල බෞද්ධයන්ට. (නි)
දැන් මේ යන විදිහට මේ රජය තම බලය රඳාපවත්වා ගන්න අනිවාර්යෙන්ම 88-89 වඩා විශාල ජන සංහාරයක් වුණත් කරන්න පසුබට වෙන්නේ නැහැ. පුද්ගලයාගේ ඉතිහාසය අමතකකර නැවත පත්කර ගැනීමෙන් අපි කිසිදිනක සමාව දෙන්න බැරි වරදක් කළ බව මගේ හැඟීමයි (නි)
මේ යහපාලන රජය පත්කරගන්න අතිමහත් වෙහෙසක් දරපු උගත් විද්වතුන් ඒ දිනවල කියුවේ යහපාලන රජය හරියට වැඩකරන්නේ නැත්නම් අපි ඒ අයව ගෙදර යවනවා කියලයි. එ්ත් යහපාලන රජය දැන් ක්‍රියා කරගෙන යන ආකාරයට ඔය විද්වතුන්ට වැඩි දිනක් යන්න මත්තෙන් වැලිකඩ හිරගෙදරට වෙලා විප්ලවය ගැන පොතක් දෙකක් ලියන්න වෙන එක නම් සිකුරුයි (නි)
බුදුරජාණන් වහන්සේත් අර්ථයෙන් ධර්මයෙන් රජවරුන්ට කරුණු කාරණා පහදා දුන්න. රජවරු ඒවා අහලා අඩුපාඩු හදාගත්තා. දැන් කාලේ ඒවා ගැන හිතන්නේ නැත්තේ රටට ආදරයක් නැති නිසා තමයි. රට විනාශ කළොත් ඒ පාපය පසුපස ඒවි. ජනතාවට වෙන දේ කුමක්ද? අලුත් ව්‍යවස්ථා ඕනෑ නැහැ. තියන එකේ අඩුපාඩු පෙන්වා දීලා එය නිවැරදි කරගනිමු. එය ලේසියි. ඒ වගේම පැහැදිලියි. ජනතාව සහයෝගය දේවි. (නි)
සමහරුන්ට දැන් බුදු බණ මතක්වෙලා මේ කියන දේවල් වහකදුරු වෙලා. පාරම්පරික දේශපාලනය මේ රට වනසනවා (නි)
කසුන්, ඔබ කාට ඇඟිල්ල දිගු කළත් ධර්මයට ඇඟිල්ල දිගු කරන්න එපා. සමාජය පිරිහෙන්නේ ධර්මයේ වරදින් නෙමෙයි. අද ශ්‍රී ලංකාවේ බහුතරයක් සිංහලයෝ මත්ද්‍රව්‍ය, මත්පැනට ගොදුරුවෙලා. ඔවුන්ට දාව උපදින්නේම ගුණදහමින් පිරිහුණු දරුවෝ. එක අංශයක් පිරිහෙද්දී ,අනිත් අංශය බලසම්පන්න වීම පුදුමයට කාරණාවක් නෙමෙයි. (නි)
මේ අදහස් දාන සමහර උදවිය, අනිත් අය දාන අදහස් ටිකත් කියවා රට පත්වී ඇති තත්වය තේරුම් ගන්නවා නම් හොඳයි, නිකන් ආඩපාලි නොකියා. (නි)
හාමුදුරුවනේ, සංඝයා වහන්සේලා එකතුවී මේ රට බේරා ගතයුතු කාලය ඇවිදින්. (නි)
අශාන්, හාමුදුරුවෝ රටගැන කලබල වුණත් එකයි, එජාපෙට බලය ලැබෙයි කියලා කලබල වුණත් එකයි. කලබලවෙලා තිබෙන්නේ වෙන්න යන නස්පැත්තියට. එජාපෙට නම් මේ ආත්මේ නැවත බලයක් ලැබුනොත් ඒ ඔබ වගේ මිනිසුන් නිසා මිස රටට ආදරයක් තිබෙන මිනිසුන් නිසා නොවෙයි. (නි)
සුජීව, ඔය කතාකරන්නේ ඇස්බැඳගෙන නමුත් ඇසෙන දේට නේද? ඇස් ඇරලා බලන්න රටේ මොනවද වෙන්නේ කියලා. (නි)
වඳින්න වඳින්න ඔලුව අතගාන එකත් මෝඩයා. ඔලුව අතගාන්න අතගාන්න වඳින එකත් කට්ටයා. (නි)
මහින්ද වැරදි මඟ යනකොට ඒක නිවැරදි කරන්න කටයුතු කළා නම් අද ඔය කියන තත්වය වෙන්නෙ නැහැනෙ. කොහොම වුණත් අද අපිට තාත්තලා පුතාලගෙ බාප්පලාගේ කටවුට් නොදැක සංදර්ශන නැතුව ඉන්න පුලුවන් එකම ඇති. රටේ සෑම මිනිහෙකුටම සමාන අයිතීන් තිබිය යුතුයි. කිසිදු ජනවර්ගයක් දෙවෙනිකොට නොසැළකිය යුතුයි. (නි)
මේ රට පාලනය කරන පාලනය කළ ඔක්කොම එකම බෝට්ටුවේ තමා. තමන් ගැන පමණයි. එහෙම නොවුණා නම් මේරට දියුණුවට පත්වෙන්න ඕනැනේ. රට පාලනය කරපු අය ආගමික නායකයො මහජනතාව මේ හැම අයෙකුම වගකිව යුතුයි මේ හැම දෙයකටම. තවත් අවුරුදු දෙසියක් තුන් හාරසියයක් යනවිට මොනවා වෙයිද කියලත් හිතාගන්න පුලුවන්. (නි)
දැන්කාලේ හාමුදුරුවරු කියන මතු ආත්මය නියාන්ඩතාල් මානවයාටත් තිබුනාද කියා පැහැදිලි කරන්න. බුදුන් කිසිවිටකත් මතු ආත්මයක් ගැන කතා කර තිබේද? (නි)
හාමුදුරුවනේ, පළමුව බුදුදහම අසංවර චීවරධාරීන්ගෙන් ගළවාගන්න. පන්සල් වල හැම එකටම මුදල් එකතු කරලා කොන්ක්‍රිට්කරණයෙන් බුදුදහම නොරැකෙන බව ප්‍රසිද්ධියේ දේශනා කරන්න (නි)
සමහර අදහස් කියවද්දී කණගාටු හිතෙනවා (නි)
සිවුරයි දේශපාලනයයි කවලම් කරගන්නේ නැතුව ඔබ වහන්සේලාට අයිති රාජකාරියේ යෙදෙනවා නම් තමයි හොඳ. දේශපාලනය කරන්න ඕනෑනම් සිවුරෙන් බැහැර වෙලා කරන්න. බුදුන් විසින් පනවා තිබෙන භික්ෂු විනය පිටකයේ කිසිම තැනක නැහැ නේද ඔබවන්සේලාට දේශපාලනයේ නිරතවීමට හැකියි කියා (නි)
බයක් නැතුව ඇත්ත කතාකරන හාමුදුරු කෙනෙකුට ඉන්නේ මේ හමුදුරුවෝ විතරයි. මේ රට මුහුණ දීලා තියන භයානක තත්වය රටේ බහුතර ජනතාවට එක්කෝ තේරෙන්නේ නැහැ, එහෙම නැත්නම් දකින්නේ නැහැ වගේ ඉන්නවා. මෙහෙම ගියොත් තව ටික කලකින් සිංහල හැමෝටම අඬන්න තමා වෙන්නේ. (නි)
අසංක, බොරු බේගල් කියන්න එපා. බුදුදහමට නිගරු කරන්න බැහැ ශ්‍රද්ධාව තිබෙන එකදු පුද්ගලයෙක් හෝ හිටියොත්. මීටවඩා බලගතු ක්‍රියාවන් දහමට එරෙහි වුවත් එම කිසිදෙයකට බුදුදහමේ ප්‍රගතිය අඩාල නොවී අවුරුදු 2600 ක් දහම ආරක්ෂා වුණේ නැද්ද? (නි)
හාමුදුරුවනේ, මෙයාලගේ ඉතිහාසය පුරාම තිබුනේ මොනවාද? බලය බෙදීම ගැන නේද? දැන් මොනවාද කියන්නේ ඉතින්? (නි)
හාමුදුරුවනේ, අපේ දේශපාලකයන් යහමඟට ගන්න පුලුවන් ඔබවහන්සේලාට විතරයි (නි)
ජනාධිපතිගෙ බලතල අයින් කරන්න කියල නේද හාමුදුරුවනේ මිනිසුන් ඡන්දෙ දුන්නේ. (බ)
දැනටමත් අසීමිත බලයක් ලැබිල තිබෙනවා. රට විනාශයි රට බේරා ගන්න කාව මැරුවත් කමක් නැත.(බ)
මල් පොහොට්ටුවත් අරගෙන රට වටේම ගිහින් උලා කෑවත් ඔබ තුමාට අනාගතයක් නැහැ මහත්තයෝ. (බ)
දේශපාලකයන්ගෙ සමගිය ගැන හාමුදුරුවරු කතාකරන්න අවශ්‍යද. එ් කාලේ කවුරුවත් මේවා ගැන කතාකළේ නැහැ (නි)
හාමුදුරුවෝ කලබල වෙලා තියෙන්නේ රටගැන නෙවෙයි එජාපෙට බලය ලැබෙයි කියල. ඔබවහන්සේ ඉස්සෙල්ලම කියන්න ගැටබෙ පන්සලට දිනපතා ලැබෙන ලක්ෂ ගාණක මුදලට මොකද වෙන්නේ කියල. (බ)
මල්වත්තෙන් කියන්නෙ මේකට හාස්පසින්ම වෙනස් කතාවක්නෙ හාමුදුරුවනෙ..පාර පැනල ගිහින් පන්සල් දෙක එකමුතු වෙන්නෙ නැතුව, රටේ ඉන්න අපිට එකමුතු කම ගැන, රටේ අනාගතය ගැන කියන්න එනවා..හාමුදුරුවො පන්සල බලාගන්න. ආගම පතුරවන්න. රටේ නායකයො රට පාලනය බලා ගනී (බ)