IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අනෙක් අයගෙ විවේචන මට අදාළ නැහැ

2016-04-29-ent-96

පසුගියදා තුර්කියේ ඇන්ටාල්යා නගරයේදී පැවැත් වූ නිරූපිකාවන් තේරීමේ ජාත්‍යන්තර තරගයකදී ආසියාවේ හොඳම නිරූපිකාව ලෙස කිරුළ හිමිකර ගත්තේ ශ්‍රී ලංකාවේ, ඕෂධී හිමාෂා චාවින්දිය. එම කිරුළට අමතරව සංචාරක අංශයේ හොඳම නිරූපිකාව යන අංශයෙනුත් ජයග‍්‍රහණය හිමිවූයේ නම් සුන්දර ඕෂධී හිමාෂා හටය. මෙහි ඇති විශේෂත්වය වන්නේ මේ ඕෂධී මීට පෙර ශ්‍රී ලංකාවේ කිසිදු රූ රැජිණ හෝ සුරූපිනියන් සහභාගි වන කිසිදු තරගයකට ඉදිරිපත් නොවීමයි. මේ ඇය සහභාගි වූ දෙස් - විදෙස් පළමු තරගකාරි ඉසව්වයි. එහිදී ලද ජයග‍්‍රහණය ගැන සහ මේ ඕෂධී කවුද යන වග අපි ඇයගෙන්ම දැන ගනිමු.

 

2016-04-29-ent-92ඕෂධී මේ තරග අවස්ථාව ඔබ සොයා ගියේ කොහොමද?

මෙම ඉසව්ව සඳහා ලංකාවේ, අධ්‍යක්‍ෂක ලෙස කටයුතු කරන්නේ, විශ්ව පෙරේරා. ඉතින් ලංකාවෙන් මේ ඉසව්ව සඳහා ඉදිරිපත් කර තිබුණේ මගේ නමයි. මේ නිසා ලංකාවට ඉසව් දෙකක ජයග‍්‍රහණ ලබාදීමට මට පුළුවන් වුණා. හොඳම ආසියානු නිරූපිකාව සහ සංචාරක අංශයේ හොඳම නිරූපිකාව ඒ අංශ දෙකයි.

 

ලංකාව ඇතුළෙදි මීට පෙර මෙවැනි එකඳු තරග ඉසව්වකටවත් සහභාගි වී නැහැ නේද?

ඇත්තටම ලංකාවේ මම රෑම්ප් මොඩල් කෙනෙක් සහ මියුසික් වීඩියෝ වගේම වෙළඳ දැන්වීම් වලට පෙනී සිටින ශිල්පිනියක්. වෘත්තීය නිරූපණශිල්පිනියක් කිව්වොත් හරි. මෙම ජාත්‍යන්තර තරගයට සහභාගි වීමට පෙර මම ලංකාව ඇතුළෙදි එකදු රූ රැජින තරගයකටවත් ඉදිරිපත්ව සිටියේ නැහැ. ඒ නිසා මේ තරග අවස්ථාව මට බොහෝ අත්දැකීම් ගෙන දුන් එකක් වුණා.

 

මෙම තරගයට සහභාගි වීම නිසා ආර්ථික වශයෙන්, වාසි වෙන්නත් ඇති නේද?

ඇත්තම කිව්වොත්, මුදලට වඩා මෙතැනදී වටින්නෙ, රට වෙනුවෙන් අංශ දෙකකින්ම ජයග‍්‍රහණ ලබාදීමට හැකිවීමයි.

 

නිරූපණ වෘත්තියෙන් ඔබට ලැබෙන ආර්ථිකය මොන වගේද?

මේ ක්‍ෂේත‍්‍රයට ඇවිත් අවුරුදු හතරක් විතර වෙනවා. මේ වෙද්දි ස්ථාවරයක් හැදිලා තියෙන්නෙ. මට ප‍්‍රමාණවත් විදියට මට මගේ ජීවිතයට එය සෑහෙනවා. මොකද මම මගේ වෘත්තියට ගරු කරන නිසාත්, වෘත්තීය ගරුත්වයෙන් එය කරන නිසාත් යන කාරනා නිසයි.

 

නිරූපිකාවක් ලෙස ස්ථාවරයක් හදාගන්න, අවස්ථා ලැබෙන්න වගේම වටිනාකම ලබාගන්න මොන වගේ දෙයක්ද කළේ?

ලැබෙන අවස්ථාවට මම ගරු කළා. එය පොඩි දෙයක්ද ලොකු දෙයක්ද කියලා බාර නොගෙන හිටියෙ නැහැ. ආසාවෙන් උනන්දුවෙන් මුදල ගැන නොසිතා වැඬේ හොඳට කරන්න උත්සාහ ගත්තා. ස්ථාවරය ගොඩ නැගුණේ ඒ විදියටයි. අපි නියැලෙන වෘත්තියට ගරු කරන්න ඕනෑ.

 

දැන් ඔබ කාර්යබහුල චරිතයක් කිව්වොත් හරිද?

වසරක් ඇතුළතදී සෑහෙන නිර්මාණ ප‍්‍රමාණයක් බාරගෙන ඊට දායක වෙනවා. හැබැයි බොරු බිසී බවක් නම් නැහැ. මට හිතට එකඟව කළ හැකි දේට විතරයි මම දායක වෙන්නෙ.

 

වැඩියෙන්ම දායක වෙන්නෙ?

පසුගිය කාලයේදී මියුසික් වීඩියෝ වලට වැඩිපුර දායක වුණා. නිරූපණයටත් එහෙමයි.

 

ඔබ පෙනී සිටි මියුසික් වීඩියෝ අතරින් වඩා ජනප‍්‍රිය ඒවා ගැන කිව්වොත්?

මුලින්ම සංඛ දිනෙත්ගෙ "නුඹ ළඟ නැති දා", ඉන්පසුව ටෙහාන්ගෙ %වින්ද ප්‍රේමය^, දිල්ෂාන්ගේ ඉවසන්න බැරි තරම්, ඒ වගේ කීපයකටම දායක වුණා.

 

මොඩල්ස්ලා කියන්නෙ සංකර ජීවිතයක් ගත කරන, එහෙම නැත්නම්, ෆාස්ට් ලයිෆ් එකක් ගත කරන අයද?

එය එකිනෙකාට හරි වෙනස්. මට මම ගැන විතරයි කියන්න පුළුවන්. මගේ සරල ජීවිතයට සමගාමීව තමයි මේ වෘත්තියේ යෙදෙන්නෙ. මෙය වෘත්තියේදී වෘත්තිය විතරයි. විනෝදයෙන් වෘත්තියට තියෙන ආසාවෙන් එහි නියැලෙනවා. එච්චරයි, එතැනින් එහාට වේගවත් ජීවන රටාවක නියැලීමට අවශ්‍ය නැහැ.

 

රඟපෑමට අකමැතිද?

බොහෝ අවස්ථා ලැබුණා. නිරන්තරයෙන් ආරාධනා ලැබෙනවා. ප‍්‍රවීන අධ්‍යක්‍ෂවරයකු වෙතින් එයාගේ අලූත්ම නිර්මාණ සඳහා ආරාධනා ලැබුණා. ඒ නිසා අනාගතයේදී ‘සිනමාව’ එක්ක ගමනකට මුලපුරාවි. සිනමාවේ හොඳ වැඩකට දායක වීමට මැලි වන්නේ නැහැ.

 

ගම කොහෙද එතකොට ඉගෙන ගත්තෙ එහෙම?

ගම අකුරණ හික්කඩුව. අම්බලන්ගොඩ ප‍්‍රජාපති බාලිකාවෙන් ඉගෙන ගත්තෙ. අරමුණ වුණේ ගුවන් සේවිකාවක වීමටයි. ඒත් නොහිතපු විදියට මේ ක්‍ෂේත‍්‍රයට ඒමට අවකාශය ලැබුණා. මේ වෘත්තිය ගැන අද මම සතුටු වෙනවා.

 

බාහිර ලෝකයේ සමහර අය නිරූපිකාවන් සහ එයාලගෙ කොටට අදින විලාසිතා ගැන කරන විවේචන ඔබ දකින්නෙ කොහොමද?

අනෙක් අය හෝ අනෙක් අයගෙ විවේචන මට අදාළ නැහැ. මම නම් හොඳට දන්නවා මම කවුද කියලා. මගේ වාහනයෙ මම ගමන් යන්නෙ. මගේ හැකියාවෙන්, ආර්ථිකයෙන් මම ජීවත් වන්නෙ. ඉතින් අනෙත් අය හිතන විදිය මට අදාලම නැහැ. ඕනෑම කෙනෙකුට ඕනෑම විදියකට හිතන්න පුළුවනි.

 

සටහන / ඡායාරූප - සඳුන් ගමගේ

හැඩගැන්වීම්: ලක්ඛිත උක්වත්ත

 

2016-04-29-ent-95
2016-04-29-ent-94
2016-04-29-ent-93
2016-04-29-ent-90
2016-04-29-ent-91



අදහස් (0)

අනෙක් අයගෙ විවේචන මට අදාළ නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 737 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site