කැලණි ගඟ අසබඩය. හෝ ගාන පොකුණ ආසන්නයේය. සුරාමතින් සිටි පිරිසක් වැටලීමට පොලිසිය පැන්නාලු. පිරිස අතර සිටි කිහිප දෙනකු පැන දිවූහ. වැඩි දෙනා කුලී වැඩකරන්නෝය. පෙනුමට හීන්දෑරිය. එක් මත්ලෝලියෙක් එතැනම නතර වී සිටියාලු. ඔහු හිස බිමට නවාගෙන සිටියේය.
‘ඒයි නැගිටපන්‘ යනුවෙන් පොලිසියෙන් කෑගැසුවේය.
ඔහු අඩවන් දෙනෙතින් හිස හරවා පොලිස් නිලධරයා දෙස බැලූවේය. ‘ඒයි අපි පොලිසියෙන්. නැගපන් ජීප් එකට‘ යනුවෙන් පොලිස් නිලධරයා අණ කළේය. එවිට අඩවන් දෙනෙත හිමි තරුණයා බැගෑපත් වී ‘අනේ සර් අමාරුවෙන් ගත්ත ආතල් එක කඩන්න නම් එපා. හෙමින් උස්සලා ජීප් එකේ තියන්න‘ යනුවෙන් පැවසීය.
පොලිසිය දත් මිටි කාගෙන ඔහු ජිප් රියට නංවා ගත්තේය. එසේ කිරීමේදී පීසී කෙනකුගේ දකුණු කකුලද වරක් දෙවරක් ඉස්සී ආතල්කාරයාගේ පශ්චාත් බාගය ස්පර්ශ කළ බවද කියති.
ඒ ආසන්නයේම තවත් සිද්ධියකි. රහසේ වැලි ගොඩදමන පිරිසක් අල්ලන්න පොලිස් නිලධාරීන් ගියාලු. කොටසක් අඳුරේම පොලිසියට කොටුවූහ. තව කිහිප දෙනෙක් ගඟ යටින්ම පීනා ගිහින්ලු. අල්ලාගත් අය මතට ලොල් වෙලාලු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ සිහිනෙන් මා මුදන්න ළං නොවන්න ! මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න !!(නදී)
මේ ගොල්ලෝ අල්ලන්නේ මේ වගේ අහිංසක මිනිස්සු තමයි. ලෝක හොරු ඉන්නවා උන් ගාවට කිට්ටු වෙන්නෙත් නැහැනේ. (නදී)
පොඩි මිනිහ අල්ලාගෙන වැඩ කාරයෝ කියන්න පත්තරේටත් දානවා. (නදී)
මත්ද්‍රව්‍ය වලින් තමන්ට වෙන විනාශය ගැන දන්නේ නැහැ මිනිස්සු. සිරෝසිස් හැදිලා, පවුල් අනාථ කරගෙන, ලස්සනට ගෙවන්න තිබුනු පවුල් කඩාගෙන, සිහිය විකල් කරගෙන ගන්නේ ආතල්ද? බොන මිනිහා ඉස්සෙල්ල ආතල් ගන්න බිව්වට පස්සෙ බොන්නෙ ඒක වළක්වාගන්න බැරි නිසා. බිව්වෙ නැත්තම් වෙව්ලනවා. පොඩ්ඩක් මහ රෝහලක බීමත්කමින් ලෙඩවූවන්ගේ වාට්‍ටුවකට එන්න. ඇවිල්ලා බලන්න නියම ආතල්.. අනේ බුදු සර්.. මට මැරෙන්න බෑ සර් කියන අය බලන්න එන්න. (නි)