
(අංජුල මහික වීරරත්න)
අධිකරණ ක්ෂේත්රයේ සියලු ගැටළු වෙනුවෙන් අවශ්‍ය විසඳුම් ලබාදීමට අවධානය යොමු කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවැසීය.
රත්නපුර අධිකරණ නීතිඥ සංගමය සමඟ එම අධිකරණ සංකීර්ණයේ පිහිටි නීතිඥ පුස්තකාලයේදී පැවැති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව කීය.
අධිකරණ කටයුතු පවත්වාගෙන යාමේදී පවතින ගැටළු සහ නීතීඥයින්ට සිය වෘත්තිය සිදු කිරීමේදී මුහුණ දී ඇති ප්‍රශ්න පිළිබඳව මෙහිදී අවධානය යොමු වු අතර, ඉදිරිපත් කරන ලද ගැටළු සඳහා එකින් එක විසඳුම් ලබා ගත හැකි ආකාරය ගැන අධිකරණ අමාත්‍යවරයා පැහැදිලි කළේය.
“ අධිකරණ පද්ධතියේ පවතින්නේ වසර දෙක තුනක සිට පවතින ගැටළු නොවෙයි. ඒවා වසර පහළොවක පමණ සිට පවතින ගැටළු බව සඳහන් කළ යුතුයි. වත්මන් රජය බලයට පත් වන විට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ සහ අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල අනුමත පුරප්පාඩු හය දහසකට වඩා තිබුණා. පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් බඳවා ගැනීම් සිදු කර තිබුණේ නැහැ. එහෙත් මේ වන විට එම පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් දෙදහසකට වඩා සිදු කිරීමට කටයුතු කර තිබෙනවා. අධිකරණ අමාත්‍යාංශයේ වගකීම වන්නේ අධිකරණ කටයුතු සඳහා අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමයි ”
යනුවෙන් ද අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනිසුරු පුරප්පාඩු පුරවල පටන්ගන්න. නඩු පමාකරන, කල්දාන, කල්දාගන්න වගකියන අයට විරුද්ධව කටයුතු කරන්න වෙනම ක්‍රමයක් පිහිටුවන්න.