
(අංජුල මහික වීරරත්න)
කුච්චවේලි සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිල්ල, වාහරේ සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණ ගොඩනැඟිල්ල සහ වාලච්චේන අධිකරණ සංකීර්ණය මාර්ගගත තාක්ෂණය ඔස්සේ විවෘත කිරීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේදී සිදු විය.
වාහරේ, කුච්චවේලි සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණ ගොඩනැඟිලි විවෘත කිරීමේ අවස්ථාවට ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු එන්. එම්.එන්. අබ්දුල්ලා මහතා ඇතුළු විනිසුරුවරු සහභාගී වූහ.
වාලච්චේන අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ උත්සවය මඩකලපුව මහාධිකරණ විනිසුරු ටී.ජේ.ප්රභාකරන් මහතා ඇතුළු මහාධිකරණ, දිසා අධිකරණ සහ මහෙස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
නීතිඥයින්, අධිකරණ කාර්ය මණ්ඩලය සහ රාජ්‍ය නිලධාරීන් එම අධිකරණ පරිශ්‍රයන්හි පැවති විවෘත කිරීමේ අවස්ථාවන්ට එක්ව සිටි අතර, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මෙනෙවිය ඇතුළු අමාත්‍යාංශයේ උසස් නිලධාරීහු මාර්ගගත තාක්ෂණය ඔස්සේ අමාත්‍යාංශයේ සිට මෙම අවස්ථාවට එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd