(බුද්ධික කුමාරසිරි)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම ආසන්නයේදී අද(29) උදෑසන යුද හමුදාවට අයත් ජීප් රථයක් සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී ඇතැයි දක්ෂිණ අධිවේගී මාර්ග රථ වාහන පොලිසිය පවසයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත පිවිසුමෙන් ඇතුළු වී ඇති මෙම රථය කොට්ටාව පිවිසුමෙන් පිටවීමට ආසන්නව තිබියදී උදෑසන 10 ට පමණ එක්වරම ගිනි ගැනීමට ලක්ව ඇති බවත් එම අවස්ථාවේදී රථයේ හමුදා නිලධාරීන් තිදෙනකු සිට ඇති බවත් කියති.
ගින්න හට ගන්නවාත් සමග ඔවුන්ට පිටතට පැන ගැනීමට හැකි වී ඇති බැවින් කිසිවකුට හෝ හානියක් සිදුවී නොමැති බවද පොලිසිය පවසයි.
සිද්ධිය පිළිබදව සැල වීමත් සමග වහා කි‍්‍රයාත්මක වූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථ වාහන ගිනි නිවීම් ඒකකය පැමිණ ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළ ද එම අවස්ථාව වන විටත් රථයට සම්පූර්ණයෙන් ගිනි ඇවිලී තිබූ බවද පොලිසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඉන්දියන් වාහන වල ප්රමිතිය, මේවා යුරෝපයේ තියෙන අවම වාහන ප්රමිතියටවත් ගැලපෙන්නේ නෑ...
මටත් කියන්න තියෙන්නේ ඒකමයි, ඉන්දියන් කුණු ගොඩවල්
ජනතාවගේ හිස ගිනි අරන් ඉන්න වෙලාවේ මේ මොන ගිනිද?
ඕවායින් වත් පාර්ලිමේන්තුවේ ඉන්න 225 පාඩමක් ඉගෙන ගන්නේ නැහැනේ. අපේ මිනිසුන්ට ගන්න පුළුවන් වාහනේකට තියෙන්නේ ඉන්දියන් හරි චයිනා විතරයි. හිතන්න කොච්චරක් ගෙවන්න ඕනද හොද වාහනයක් ගන්න. අපි මහන්සි වෙන තරමට ප්රතිපල මේ රටේ ඉන්නකොටනම් ගන්න බැහැ
වාහන වල එන්ජිමේ උෂ්ණත්වය පෙන්වන මීටරයක් කාර් වලත් තියෙනවනේ. අපි නම් එන්ජිම රත් වෙලාද කියලා එළවන කොට නිතර බලනවනේ !! එකත් එකට වතුර නැතිවම ඇර දාලා යන්න ඇති.