අද (10) මාතර නගරයේ මහා කලබලයකි. සයිරන් නළා හඩවමින් ගිලන් රිය රෝහලට විදුලි වේගයෙන් ඇදී ආහ. මාතර මහ නගර සභා ගිනි නිවන රිය, අධිවේගි මාර්ග පිවිසුමේ බසයක ගින්නක් නීවිමට ගියේද සයිරන් හඩවමිණි.
තුවාල කරුවෝ 55 දෙනෙක් රෝහලට ගෙන එනු ලැබූහ.
රෝහල් අධ්‍යක්ෂ දොස්තර පමල් සුදුසිංහ ඇතුළු රෝහලේ 174 දෙනෙක් වහ වහා තුවාල කරුවන් වාට්ටු වලට යැවූහ.
හදිසි අනතුරකදී තුවාල කරුවන් වහා රෝහල් ගත කිරීමේ අවශ්‍යතාවය දැක්වෙන මේ පෙරහුරුව සැබෑ ලෙසම ක්‍රියාත්මක විය. ‘අනතුර‘ සිදුවුයේ දක්ෂිණ අධිවේගි මාර්ගයේ මාතර නිල්වලා පිවිසුම අසළදීය.
මාතර ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ මේජර් සමන් බාලසූරිය, ආපදා කළමණාකරන වෛද්‍ය නිලධාරි දොස්තර කේ.ඒ.රවින්ද්‍ර මහත්වරු යුද හමුදාව , පොලිසිය හා මාර්ග සංවර්ධන අධිකාරිය හා එක්ව මේ වැඩසටහන ක්‍රියාත්මක කළහ.
ප්‍රදේශවාසීන් බොහෝ දෙනා සිතුවේ එය ඇත්තම අනතුරක් බවයි.
එය පුහුණුවක් පමණක් බව දැන ගත්තේ සිද්ධිය අවසානයේදීය.
ඡායාරූප-ක්‍රිෂාන් ජීවක ජයරුක්

































COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නම් නියමයි (නි)
මම ඕකනේ ඔය පාරේ යන්නේ නැත්තේ (දී)
පුහුණුවේ පළමුවන අදියර විය යුත්තේ සියලුම දෙනාගේ ජංගම දුරකථන පසෙකින් තැබීමයි. මොකද ඕනෑම අනතුරකදී අපේ අය කරන්නේ සියල්ල පසෙක ලා ෆොටෝ ගැනීම නිසා. (ර)
පෙරහුරුව වගේම ටයර් පුච්චමින් පරිසරය විනාශ කරනවා.ඔක්කොටම කලින් මේ පෙරහුරුවේදී කළයුත්තේ ගිනිගන්න ටයර් නිවා දැමීමෙන් වායුගෝලයට එක්වෙන විෂ වායු අවම කිරීම නේද? (නි)
චතුර-ෆොන්සේකා මහතා හමුදාවේ හිටියට හමුදාපති වෙන කෙනෙක්. එ්කවත් දන්නේ නැහැ (නදී)
ඇත්තටම හොද වැඩක්.(හේ)
අනේ තිලක් ඔබතුමාට පෙන්නේ මේවගේ වැදගත් වැඩකදී පුච්චන ටයර් එකද ? පාරේ දුවන දුම් කොච්චි වගේ පුද්ගලික බස් ඇයි ඒවට විනය ක්‍රියා මාර්ග ගන්න බැරිද (දිල්)
තවම මිනිස්සුන්ට මේවා හුරු නැහැ (දී)
මට යුද්ධේ කාලේ මතක් වුනා. මගේ ඡන්දෙ මහින්ද මහතාට. අපි සංවේදී මිනිස්සු. (ර)
මම අද ඔය වෙලාවේ නගරයට අාවා පොලේ යන්න. එතකොට තමි සිද්දිය දැනගත්තේ්. පසුවයි දන්නේ පෙරහුරුවක් කියලා. හරිම සතුටුයි ගොඩක් මහන්සි වෙලා කරපු හොද වැඩක්. අපි මේ වගේ පෙර පුහුණු වලින් ලබාගන්න පුංචි අත්දැකීමක් උනත් මිනිස් ජිවිත බේර ගන්න ලොකු උදව්වක් වෙනවා හැමෝටම තමන්ගේ රජකාරී හොදින් කරන්න සුබ පතනවා. මාතර අපිට ආඩම්බරයි (නදී)
මටත් මේ වෙලාවේ "කොටියා ආවෝ ආවෝ " කියන පැරණි කතාවම මතක් වුනේ.(හේ)
පෙරහුරුව නම් ඉතා යහපත්. (ර)
සුජීවගේ මොලේ කුරුවල් වෙලා. කොහෙද යන්නේ මල්ලේ පොල්. (ස)
ඔන්න යුද්දේ කලේ අමතක අයට බලගන පුළුවන්.. (ස)
සීට් බෙල්ට් නැති. පට්ට පරණ බස් කවුද අධි වේගේ යවන්නේ.? (ර)
යුද්ධේ විතරම නම් මතක් වෙන්නේ නිවැරදි සැලසුමට යුද්ධ කල ෆොන්සේකා රටේ නායකයා. රටක සංවර්ධනය තීරණය කරන අනෙක් ප්‍රධාන සාධක ආර්ථිකය හා යහ පාලනයයි. නීතිය හා සාමය සහ ප්‍රජාතන්ත්‍රවාදය රැකීමට ඡන්දය දෙන්නේ කාටද ? (නදී)
අනේ ඇත්තට! මමත් හොඳටම බයවුණා (නි)
අපි සංවේදී වුණාට දේශපාලකයෝ සංවේදී නැහැ පුතා. (නි)
අධික වේගය නිසා මේවා වෙන්නේ (දී)
මමත් ඇත්තටම හිතුවේ ලොකුම ලොකු අනතුරක් වෙලා ඇති කියලා (නි)
මමත් මේක ඇත්තම එකක් කියලා බයවුණා (නි)
සුජීව ගැන හරිම දුකකි මොලේ නැතිවෙලා වගේ අනේ කවුරු හරි හම්බ වුනොත් ගෙනත් දෙන්න (දී)
හොඳ පුහුණුවක් (නදී)
කොඳු ඇට පෙළට හානියක් වෙලා කියල සැකකරන රෝගියෙක් කවදාවත් ඉඳගෙන යවන්න හොඳ නැහැ. රෝගියාගේ ජීවිතය බේරුනත් එයින් පසු මුළු ජීවිත කාලයම විඳවන්න වෙනවා සුසුම්නා ආබාධිත තත්වයට පත්වෙලා. පෙරහුරුවක් වුණත් හරියට කරන තරමට හොදයි අදාළ පුද්ගලයින් හරියට දැනුවත් කරලා. මොකද මේ මිනිස් ජීවිත... (නි)
ලංකා තිලක්,ඔබ හරියටම හරි. (නි)
සරත්, මේක පෙරහුරුවක් කියල දාල තියෙන්නේ එ්ක තමා. මෙතන සිදුවන්නේ අනතුරක් සිදුවීමේදී, මහජනතාවගේ ක්‍රියාකාරිත්වය මධ්‍යයේ , වෙද, හෙද ඇතුළු අදාල සියලු කාර්ය මණ්ඩලවලට ක්‍රියා කිරීමට අවශ්‍ය පුහුණුවක් ලබාදීම සහ එවැනි අවස්ථාවක අවශ්‍යකරන උපකරණ වල ක්‍රියාකාරිත්වය සහ මෙහෙයුම් පරික්ෂා කිරීම. (නදී)
මේ කරන්නේ ඡන්ද ව්‍යාපාරයකි. මෙය පෙරහුරුවක් නොව. මිනිසුන් නැවත හයිවේ ගැන කුල්මත් කරවන සැලසුමකි මේ. මෙවැනි අවස්ථා කිහිපයක් අපට ඡන්දයට පෙර මුණ ගැසේවි.(හේ)
අපරාදේ රටේ වැඩ කරන අයගේ වේලාව.(හේ)
මෙහෙමකරාම අනතුරක් වුනාමත් හිතවී පුහුනුවක් කියලා පුහුණුවක් කරන්නේ සියලු ආයතන දැනුවත් කරලා ඒ නිසා එය සාර්ථක වෙනවා .අනතුරක් වුනාම තොරතුරු ගෙනයන්නේ ජනතාව .මේ වගේ දේවල් නිතර දුටුවාහම හිතාවි අනතුරත් පුහුනුවක් කියලා . ඕකට කියන්නේ කොටියා කැවෝ.. කොටියා කැවෝ .(හේ).
මොකද මේ හදිසියේම පෙරහුරු තියන්නේ හැමතැනම? (නි)
කවුරු කොහොම කිවුවත් මේක වටිනවා. මොකද සුනාමි එනකොට අපේ කවුරුත් දැනගෙන හිටියේ නැහැ මොකක්ද කරන්න ඕනෑ කියලා. ලංකාවෙ කලින් දවසක එහෙම පෙරහුරුවක් තිබිලා තිබුණා නම් එදා සුනාමියෙන් ඒ වගේ ජීවිත ප්‍රමාණයක් නැති වෙන්නෙ නැහැ. අද ලංකාවෙ මිනිස්සු බාගෙට බාගයක්වත් දන්නෙ නැහැ භූමිකම්පාවකදි ටොනේඩෝ එකකදි මොකක්ද ගන්න ඕනෑ පියවර කියලා (නි)
ජිවිත හානියක් නැත්තම් එච්චරයි.අධික වේගයයි මේ හැම අනතුරකටම මුල.(හේ)
සමහරුන් මෝඩ කතා ලියල තියෙනවා. කකුලෙන් ඇදීමේ ජන්ම පුරුද්දට සේරම දේවල් පෙනෙන්නේ අපරාදයක් දේසපාලනයක් නිසරු දෙයක් විදියට. (ස)
සුජීව නමින් ලියන කෙනා කුහක අදහස් ඇත්තෙක්. බුදු සරණ යි. (ස)
නීතියක් ඇති රටක් සුදු වෑන් නැති රටක් (බ)
බුද්ධි, චන්ද්‍රිකා ගේ ආණ්ඩුව කාලෙත් සරත් ෆොන්සේකා මහත්තය හමුදාවේ හිටියා හැබැයි යුද්දේ ඉවර කරන්න බැරි උනා නේද? (නදී)
මේ අස්සේ මේ අයට පිස්සු ද මන්දා (නදී)
ඉඳහිට හෝ අවදි කරන එක හොඳ දෙයක් .(හේ)
නියම ක්‍රමේ ඡන්දය පරදින බව දැන ගෙන ජනතාවගේ හිත මොහොතකට හරි වෙන අතකට යොමු කරන්න. හැබැයි මම කියන්නේ නැහැ කාගේද චුටි මොලේ කියලා. (නදී)
හදිසි අනතුරු විපත් ගැන ජනතාව දැනුවත් මෙන්ම පුහුණු කිරීම ඉතාමත්ම හොදය, මතකනේ සුනාමිය, ....කවුරු කළත් හොද දේ හොදමය ,... නමුත් අද කාලයේ ගොඩක්ම වෙන්නේ විශාල වශයෙන් ධනය නාස්තිකරන විකාරය,(හේ)