දක්ෂිණ අධිවේගී මාර්ගයට උඩින් ටයරයක් වැටුණු දුටු විගස අධිවේගී මාර්ගයේ හදිසි ඇමතුම් අංකය වන1969 ඇමැතූ නමුත් කිසිම ප්‍රතිචාරයක් නොලද බවත් තවත් හදිසි ඇමැතුම් අංක දෙකකින්ද උත්තර නොලැබුණු බවත් මල්වාන වල්ගම සිරිසුදර්ශනාරාමාධිපති මකුළුදූවේ නන්දරතන හිමියෝ කියති. අවසානයේ කඩුවෙල පිවිසුම් දෙරටුවේ අයකැමිට ඒ බව දැන් වූ බව ද ඒ හමියෝ කියති. රෝදය වැටුණු ආකාරය මෙන්ම අධිවේගී මාර්ගයේ හදිසි ඇමැතුම් වලට ප්‍රතිචාර නොදැක්වීම ගැන ද පරීක්ෂණයක් පවත්වන්නැයි ඒ හිමියෝ ඉල්ලති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලක්ෂපාන .මේ අපේ රටේ ක්‍රමයේ වෙරද්දයි.කුඩා කාලයේ සිටම රට පුහුණු කරලා තිබෙන්නේ දනයට,බලයට ,කුලයට ඔලුව පාත් කර දෙකට නැවී වැඩ කරපන් කියලයි. ජාත්‍යන්තරයට පය ගහපු කෙනාට එහි පවතින ශිෂ්ට සම්පන්න ක්‍රමයත් අපේ රටේ පවතින ක්‍රමයත් හොඳට තේරුම් ගත හෙකියි. (දී)
ඕව කිය කියා ඉඳල වැඩක් නැහැ ළමයිනේ !!අර පල්ලියේ මුර කාරය රෑට බල්ලෝ බුරන කොට හැමදාම දෙවියන්ට කන්නලව් කරන අතරදී බිරිඳ කිව්වා වගේ ගලකුත් අතට ගත්තනම් හොඳය් නේද? යන උපදේශය ගැන හිතපල්ලා !! (දී)
හැම තැනම හොරු (අ)
ඔය පටන් ගත්තා විතරනේ, තව අවුරුදු 10 කින් පස්සේ බලමුකෝ වේගය කොහොමද කියලා. (නි)
මොන පරීක්ෂණ ද අපේ හාමුදුරුවනේ පොලිසිය දැන් කටුව ඇතුලටම වෙලා ඉන්නේ. (අ)
දැන් මොන ප්‍රතිචාරද ? අධිවේගයේ යන බලවතුනට දඩ කොළ ලියන එකත් දැන් නවත්තලාලු . ඔය වැටුන රෝදයත් ලොකු තැනක කෙනෙක් උඩින් යනකොට වැටුන එකක් කියලා හිතලා සද්ද නැතිව ඉන්න ඇති. හරියට රාජකාරි කරන්න ගිහින් මොකටද නිකන් ඉල්ලන් කන්නේ කියලා හිතෙන්න ඇති. (නදී)
මුලින්ම මල්වාන වල්ගම සිරිසුදර්ශනාරාමාධිපති මකුළුදූවේ නන්දරතන හිමියෝට ගෞරව කරනවා රටේ සිදුවෙන දේවල් ගැන අවධානයෙන් සිට අවශ්‍ය පියවර ගැනීම ගැන. පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන්නේ ඇති කෙනාට එක විදියකටත්, නැතිකෙනාට තව විදියකටත්. බලය ඇති කෙනාට එක විදියකටත් බලය නැති එකාට තව විදියකටත්. (දී)
අපේ රටේ මොන දෙයක් වත් ගානක් නැහැ . (ස)
අද රටේ තත්ත්වය බලද්දී පුදුමවෙන්න දේකුත් නැහැ (නි)
අපේ හාමුදුරුවනේ පොලිසියත් අසරණයි.අපිත් අන්ත අසරණයි. පින්වත් වැඩම පමණක් කරන සුපිරිසිදු කියල එයාලම කියාගන්න දේශපාලකයෝ පොලිසිය නිරුවත් කර හමාරයි.පොලිසියට නීති කියාදෙන රටේ දේශපාලකයෝ රටේ නීති අමු අමුවේ කඩකරලා අපරාදකාරයෝ පොලිසියෙන් බලහත් කාරයෙන් බේරාගෙන රතුපලසින් ගෙදරට කැන්දාගෙන යන කාලයක් (දී)