(ඩයනා උදයංගනී)
අධික වැසි පවතින අවස්ථාවලදී අධිවේගී මාර්ගවල ගමන් ගන්නා විට පැයට කිලෝමීටර 60ත් 80ත් අතර වේගයක් පවත්වා ගන්නැයි මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දෙයි.
මේ දිනවල පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මාර්ගය තෙත්ව පවතින නිසා ලිස්සායාම ආදිය හේතුවෙන් අනතුරු සිදුවීමේ අවදානමක් ඇති බැවින් වාහන ධාවනයේදී වාහන අතර මීටර 50 ක පරතරයක් පවත්වාගන්නා ලෙස ද දැනුම් දෙන බව එම අධිකාරියේ අධිවේගී මාර්ග මෙහෙයුම්, නඩත්තු කටයුතු හා කළමනාකරණ අධ්යක්ෂ එස්. ඕපනායක මහතා ලංකාදීපයට පැවසීය.
තවත් වාහනයක් පසුකර යනවිට ද ප්‍රමාණවත් පරතරයක් තබාගෙන ධාවනය කරන ලෙසද හදිසියේ එක්වර තිරිංග තද කිරීමෙන් වළකින ලෙසද ඒ මහතා ඉල්ලා සිටියි.
එමෙන්ම අධික වැසි සහිත අඳුරු අවස්ථාවල වාහනයේ ඉදිරිපස ලාම්පු දල්වාගෙන ගමන් කරන ලෙස ද ඒ මහතා දැනුම්දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇතුල්වීමේ ගේට්ටුවේදී මොලේ කළඳ බැගින් රියදුරන්ට දෙන්න ක්‍රමවේදයක් සකසන්න බැරිද.
එහෙම කියන්නේ කෝමද? අපි හොද පළපුරුදු ඩ්‍රයිවර්ලා. අපි සීයට එකසිය විස්සට පාගනවා හයිවේ එකේ. හැටට අඩුවෙන් යන්න නං අහවල් එකටද සල්ලි දීලා ඔකේ යන්නේ? නෝමල් පාරේම යනවනි.
අධිවේගී මාර්ගයක ගමන්කිරීම යනු සාමාන්‍ය මාර්ගයකට වඩා රථයේ ගමන් ගන්නා මගීන් සිය ජීවිතය පරදුවට තැබීමකි. ලංකාවේ අධිවේගී මාර්ග වලට ඇතුළුවන රියදුරන් වේගය ගැන පමණක් කල්පනා කරන අයුරු බොහෝවිට ප්‍රදර්ශණය වේ. පැ.කිමී. 100 වේගයෙන් ගමන් ගන්නා සැහැල්ලු වාහනයක්, වාහනය නැවැත්විය යුතු බවට මොළයට කෙරෙන පළමු සංඥාවේ සිට වාහනය සම්පූර්ණයෙන් නවතින තැන දක්වා අවම මීටර 80~90ක දුරක් අවශ්‍යය. කාලගුණය, අදාල මාර්ගයේ ස්වභාවය, මගීන් ඇතුළු වාහනයේ සම්පූර්ණ බර සහ තිරිංග පද්ධතියේ ස්වභාවය ඇතුළු කරුණු රාශියක් මෙම දුර තීරණය කිරීමට ඉවහල් වෙයි. මා ජීවත් වන ජපානයෙ අධිවේගී මාර්ගයන් හි රියදුරන්ට තමාට ඉදිරියෙන් ඇති වාහනය සමඟ දුර පහසුවෙන් නිර්ණය කිරීමට දුර සඳහන් පුවරු වම්පස සවිකර ඇත. එවන් දැනුවත් කිරීම් සහ විනය ගරුකත්වය, මීදුම/හදිසි නැවතීම්/අනතුරක් දුටුවිට පසුපස වාහන වලට අනතුරු ඇඟවීමේ සංඥාව දැල්වීම් වැනි කරුණු ඉතා වැදගත් වේ.
අධිවේගී මාර්ගයක් පමණක් මදි එහි රිය ධාවනය කරන්න අවශ්‍ය දැනුම හා කුසලතාවය තිබෙන්න ඕන අනික ඊට සුදුසු ආරක්ෂිත නවීන වාහනයක් තිබෙන්නත් ඕන එය කලට වෙලාවට නඩත්තු කල එකක් වෙන්නත් ඕන , මම ඉන්න රටේ නොගැලපෙන වාහනයක් අධිවේගයේ ගියොත් කොහෙන් හෝ පොලිසියට මට්ටු වෙනවා.