(නිමල් අල්ගෙවත්ත , අමල් වික්‍රමරත්න)
ගාල්ල මහින්ද විද්‍යාල හිටපු විදුහල්පති වු දොන් කරුණාසේන අතුකෝල මහතාගේ අතින් දක්ෂිණ අධිවේගි මාර්ගයේ සිදුවු වාහන අනතුර සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය හා ගාල්ල අක්මීමන පොලිසිය එක්ව ඉදිරිපත් කළ චෝදනා තුනෙන්ම නිදහස් කරනු ලබන බව ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අසංකා හෙට්ටිවත්ත මහත්මිය අද (31) නියෝග කළාය.
නොසැළකිලිමත් ආකාරයට රිය ධාවනය කිරීම, අනතුරක් වළක්වා ගැනීමට අපොසත්වීම සහ රුපියල් 82 000 ක අලාභයක් සිදු කිරිම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබිණි.
මාර්ග සංවර්ධන අධිකාරිය අක්මිමන පොලිසිට කළ පැමිණිල්ලක් මත ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයේ මෙම නඩුව පැවරිණි.
අධිවේගි මාර්ගයේ සැරිසරන සතෙකුගේ ස්පර්ශ වීම නිසා අනතුරක් සිදු වු විට අධිවේගි මාර්ගයේ ආරක්ෂිත වැටට හානියක් සිදු වුවහොත් එහි වගකීම රියදුරු වෙතට පවරන්නට හැකිද යන්න පිළිබඳව මෙහි දී සාක්කි මගින් ඉදිපත් කැරිණි.
අධිවේගි මාර්ගයේ මාර්ග ආරක්ෂාවට සකස් කර තිබෙන වැටට සිදු වු හානිය සම්බන්ධයෙන් තක්සේරුව සිදු කරන්නට මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරයාට නොහැකි බවත්, හෙතෙම පිළිගනු ලැබිණි.
ඉංජිනේරුවරයා ඉදිරිපත් කළ අනතුර සිදුවු ස්ථානයේ සැලැස්ම, තාක්ෂණික නිලධාරියා ඉදිපත් කළ සැලැස්ම හා තක්සේරු සැලසුම්වරයා ඉදිරිපත් කළ තක්සේරු මුදලත් එකිනෙකට පරස්පර විරෝධී තත්වයක් තිබිණි.
කරුණු සැලකිල්ලට ගෙන, හිටපු විදුහල්පති කරුණාසේන අතුකෝල මහතා චෝදනා තුනෙන්ම නිදහස් කරනු ලබන බව මහේස්ත්‍රාත්වරිය පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලුම දේවල් පරික්ෂා කරලා තමයි තීන්දුව දෙන්නේ... පැමිණිලිකරුවෝ වැරදි කාරයෝ... විත්ති කාරයෝ නිදහස්...
ලෝකයේ අනිකුත් රටවල නම් අධිවේග මාර්ගයේ ආරක්ෂාව සැලසිය යුත්තේ මාර්ග පාලන අධිකාරිය මගින්... නිසි ආරක්ෂිත වැටවල් යොදා තිබුණානම් පමණයි රියදුරු වැරදි වන්නේ. මොකද අධිවේගී මාර්ගයේ ගමන් කිරීමට මුදල් අයකරනවනේ.. රථ රක්ෂණ අාවර්ණ සමාගම විසින් පාලන අධිකාරියට චෝදනා ගොනුකර නිසි රක්ෂණ වන්දි ලබා ගත්තොත් අධිකාරියේ උදවිය තම රාජකාරිය සැලකිල්ලෙන් කරයි.
හොඳ නඩු තීන්දුවක්... මුදල් ගෙවා අධිවේගී මාර්ගයේ ගමන් කරන කොට වාහන වල සහ මගීන් ආරක්ෂා කරගැනීමට මාර්ග සංවර්ධන අධිකාරිය බැඳී ඉන්නවා. බොහෝවිට අබලන් ලොරි රථ වැනි වාහන කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නොමැතිව අධිවේගී මාර්ගයට ඇතුල් කරන්න අවසර දෙනවා...