(ජයන්ත සමරකෝන්)
අධිවේගී මාර්ගයේ දෙපස හා ආසන්නයේ ප්රදර්ශනය කෙරෙන අනවසර දැන්වීම් පුවරු සියල්ල ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
රිය අනතුරු වැඩි වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයිද අධිකාරිය සඳහන් කළේය.
මෙම පුවරු ඉවත් කිරීම සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරිය විසින් අදාල ප්රාදේශිය පාලන අධිකාරිය දැනුවත් කර ඇතැයිද එහි නඩත්තු හා මෙහෙයුම් අධ්යක්ෂ සමන් ඕපනායක මහතා පවසයි.
අධිවේගී මාර්ගයේ සිමාවේ සිට මීටරු 60 ක දක්වා දැන්වීම් පුවරු ප්රදර්ශනය තහනම් වන අතර එය නොතකා මෙම කාර්ය වැඩි වශයෙන් සිදු කරගෙන ගොස් ඇතැයිද ඒ මහතා සඳහන් කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්... අධිවේගී මාර්ගය දෙපස විතරක් නොවේ... රටේ සෑම මහා මාර්ගයක් දෙපසම ඇති විශාල දැන්වීම් පුවරුත් අයින් කළ හැකි නම් ලොකු දෙයක්. මාර්ග සංඥා පුවරුව පේන්නෙත් නැහැ ඒවා නිසා...
අධිවේගී මාර්ගයේ දෙපස දැන්වීම් පුවරු නිසා ගමන් මාර්ගයට මිනිසුන්ගේ තිබෙන අවධානය කැඩෙන බව ඇත්ත. එබැවින් ඒවා ඉවත් කිරීම සුදුසුය.
ඉතාම හොඳ වැඩක්... ආදායම් අතින් ගැටළුවක් ඇතිවුණත් මාර්ග අනතුරු අඩුවීම ඊට වඩා වැදගත්..
හැමදේකටම ඩිස්ලයික් දාන මේ ගොබ්බයා කවුද?
මෙතනට අදාළ නැති වුනත් මිනිසුන්ගේ අවදානය කැඩෙන තව දෙයක් ඇත. ඒ නාලිකාවල බණ කියන විට බණ අසන පිරිස පෙන්වීමයි.
අර 62කේ ගොබ්බයන් හැර වෙන කව්ද?
ඊටත් පළමුව කල යුත්තේ අධිවේගී මාර්ගවල රිය පදවන්නේ කොහොමද කියල රියදුරන් දැනුවත් කිරීමයි. පැයට කිලෝමීටර් 100 සහ 60 වේගයන් අතර වෙනස බොහෝ රියදුරන් නොදන්නා බවකුයි මම දැකල තියෙන්නේ.