අධ්‍යාපන අමාත්‍යංශයේ සිටින වැඩක් නොකරන පල්වූ නිලධාරීන් ඉවත් කර ඒ සඳහා වසර දෙක තුනක් සේවය කිරීමට හමුදාවෙන් හා පොලිසියෙන් නිලධාරීන් බඳවාගන්නැයි අධ්‍යාපන ඇමැතිට දැන්වූ බව රනිල් වික්‍රමසිංහ අගමැති කොළඹ රාජකීය විදුහලේ පැවැති උත්සවයකදී පැවසීය.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටළු සහ ඉදිරියේ ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමැති, ලේකම් ඇතුළු වගකිවයුතු නිලධාරීන් පිරිසක් සමග සාකච්ඡා කළ බවද අගමැතිවරයා කීවේය.
අධ්‍යාපන අමාත්‍යංශය හා පළාත් සභා ගැටළුවකින් තොරව එක්ව කටයුතු කළ යුතු බවත් මෙම කරුණේදී ව්‍යවස්ථාවේ සඳහන් 13 වැනි සංශෝධනය අකුරටම ඉටු කරන බවත් කී අගමැතිවරයා සෑම දරුවකුටම පාසල් අධ්‍යාපනය වසර 13ක් අනිවාර්ය කරන බවත් වසර 10කින් දළ දේශීය නිෂ්පාදිතය දෙගුණයක් කොට ඉන් 6%ක් අධ්‍යාපනයට වෙන් කරන බවත් කීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධ්‍යාපනේට මොකද වෙන්න යන්නේ (කෞ)
ඔන්න ඔහොම කෙලින් වැඩක් කර රටට පෙන්වන්න. මහත් පිනක්. රටට සෙතක්. ඡන්දත් ලැබෙයි. අපිට ඕන එය වගේ දේවල් මිස විදුලි පුටු වත් වෙන දෙයක් ගැනවත් නෙමෙයි. වැඩ නොකරන සහ පහුගිය කාලේ ඇමතිලත් එක්ක එකතු වෙලා හොරකම් කළ අදටත් යෙහෙන් වැජඹෙන නිලධාරින්ට දඩුවම් දෙන්න. නිකන් නෙමෙයි සොයලා බලලා සාක්ෂි ඇතිව. එතකොට කාටවත් කියන්න දෙයක් නැහැ. (බ)
රටේ සල්ලි නිකන් ඉදලා ගන්න අයට නම් හොදක් සිද්ධ වෙන්න එපා. වෙන්නෙත් නැහැ. එහෙම ඉන්න දෙන්නත් එපා. පුටු රත් කරන්න මහජනයා මුදල් ගෙවන්නෙ මොකටද? වෙන රටවල කොච්චර කාර්යක්ෂමද රාජ්‍ය සේවය. (බ)
පරණ හොර නිලධාරි නඩය ආයතන ඇතුලේ රජ කරන කම් විදුලිය නෙමෙයි කිසිම දෙයක් හරියට කරන්න බැහැ. බොරු අනුකම්පාව නැතිව ඉක්මනින් සොයාබලා වැරදි හොරකම් කළ බලය අයුතු ලෙස පාවිච්චි කර ඇති අයට නිතිමය දඩුවම් ලබාදෙන්න. මෙසේ නොකිරීමේ ප්‍රතිඵල එන්නෙ නැවත ඡන්දයක් තිබූ දවසකයි. (බ)
කියලා වැඩක් නැහැ ඕවා කරලා පෙන්වන්න. ජනතාව ඔබ සමගයි. පරණ හොර නඩය ඉවත් කරන්න. නිසි දඩුවම් දෙන්න. මොකද විනාශ කළේ රටේ ජාතික ධනය නිසා (බ)
අධ්‍යාපන අමාත්‍යංශයේ විතරක් නෙමයි හැම තැනම සිටින වැඩක් නොකරන පල්වූ නිලධාරීන් සහ පහුගිය කාගේ ඇමතිලත් එක්ක එකතු වෙලා හොරු කාපු බවට ආයතන තුළින්ම කසුකුසු ඇති ඉහළ පුටුවල නිලධාරිනුත් දඩුවම් දී ඉවත් කරන්න. (බ)
වැඩ නොකරන හොරු රටට බරක්. මේ බර අපි ඇද්දා. තවදුරටත් අදින්න බැහැ. මෙය ඉතා හොද දෙයක්. කරලා පෙන්වන්න. ජනතාව ඉතා කැමති වෙයි. ජනතාවට ඇති ප්‍රශ්නය මේ දක්වා නෙකළේ ඇයිද යන්නයි. එකාලේ ඒ පැත්තෙයි මේ කාලේ මේ පැත්තෙයි ඉන්න දෙපත් නයි න් ගෙනුත් ප්‍රවේශම් විය යුතුයි. (බ)
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට, එක එක පායවල් වලට, පොලිසියකට හොර රහසේ සිවිල් පිට නිලධාරියෙක්ව යවලා බලන්න මෙයාලා කොහොමද ජනතාවට සළකන්නේ කියලා. (නි)
පරණ හොරුන්ට දඬුවම් දෙන්න. අළුතින් හොර නඩ ඇතිවිම වළක්වක ක්‍රමෝපාය හැදිය යුතුමයි. (නි)
හැමතැනම සිටින වැඩක් නොකරන පල්වූ නිලධාරීන් /නිලධාරිනියන් ඉවත්කරන්න. හොරුන්ට ආයතන වලින්ම දඬුවම් දෙන්න. හොරු තාම යහතින් (නි)
විදේසගත අහිංසක ශ්‍රමිකයන්ගේ මුදල් ගසාකෑ, අයථාලෙස පරිහරණය කළ සහ නාස්ති කළ ආයතන සම්බන්ධයෙනුත් මෙවැනි දැඩි පිළිවෙතක් අනුගමනය කරන්න. (නි)
පරණව හොරුන්ව රකින්න නම් එපා. එසේ කිරිමෙන් කළකිරෙන ඡන්දදායකයාගේ සිත හැදීමට කාටවත් නොහැකිවේ. (නි)
අගනුවරට කිට්ටුව ඇති ප්‍රාදේශිය කාර්යාල වල වැඩනොකරන සහ අනවශ්‍ය වැඩ කරන අය ගැනත් හොයලා බලන්න. (නි)
ආරක්ෂක අමාත්‍යංශයේ කාර්යක්ෂම නිලධාරින් සුළුවශයෙන් හෝ සියලුම රාජ්‍ය ආයතන වලට අනුයුක්ත කළයුතුය (නි)
කොළඹට කිරි අපිට කැකිරි තමා මේගොල්ලන්ගේ වැඩ.. (නි)
හැබැයි සද්දේ වගේම වැඩත් තිබුණොත් හොඳයි (නි)
එදා විදුහල්පතිලාට හමුදා පුහුණුවක් දෙනකොට මේ අයම නේද කෑ ගැහුවේ? කැම්පස් ළමයින්ට දුන්න පුහුණුවත් නැවැත්තුවා. ඒවායේ අගය දැන් තේරෙනවද (නි)
අනවශ්‍ය වියදම් කළ නිලධාරින් ගැන ක්‍රියාමාර්ග ගත්තද? මහජනතාව මේ ගැන ඉතා අවදියෙන් ඉන්නේ. (නි)
වැඩක් නොකරන අය රටට බරක්. (නි)
අධ්‍යාපන අමාත්‍යංශයට කලින් පාර්ලිමේන්තුවේ ඉන්න වැඩකට නැති අය එවන්න (කෞ)
අලුතෙන් දක්ෂයන් බඳවා ගන්නවා කියන එක වෙනම දෙයක්. එ්ත් මේක? (නි)
දුෂණය නැතිකරලා රටට යහපතක් කරන්න කියලා තමයි මිනිස්සු කතිර ගගහා කාලෙන් කාලෙට ඔබලාව පත්කරන්නේ. එ්ක තේරුම් ගන්නේ නැති එකයි ප්‍රශ්නේ. (නි)
අන්න නියමයි, අධ්‍යාපනයේ ඉන්න නිලධාරීන් පොලිසියට දාලා පොලිසියේ ඉන්න නිලධාරීන් ටික අධ්‍යාපනයට දාමු. ළමයින්ට කඳුලූ ගෑස් ගහන්න, කැරලි මර්දනය කරන හැටි හොඳට උගන්වමු. ගොවින්ට නැති වෙන්න දෙමු. එතකොට ලංකාවේ තියෙන ප්‍රශ්න ඉවරයි. (ර)
උගතුන්ගෙන් වැඩ ගන්න දැනගන්න ඕන. (ර)
දුෂිතයන්ට උදව් කරමින් යැපුන නිලධාරී පැලැන්තියක් හැම රාජ්‍ය අංශයක් තුළම සිටි.අද පෙනෙන සමහර දේවල් දකින විට ආණ්ඩු පෙරලීමට යම් දායකත්වයක් රාජ්‍ය අංශයේ කඩාකප්පල්කාරී ක්‍රියා මඟින් ලබාදිය හැකි බව හඳුනා ගෙන ඇත. (කෞ)
වැඩක් නොකර, පින් පඩි ගන්න ගන්න නිකමෝ එලියට දාන එක හොඳ දෙයක්. ඒ උනාට හමුදාවේ සහ පොලිසියේ අයට පුළුවන් වේවිද අධ්‍යාපන අමාත්‍යංශයේ වැඩ කටයුතු කිරීමට ? (ර)
රටක අද්‍යාපනය නගා සිටවීම බලදාරින්ගේ වගකීමක් ! 6% හරි 10% දීල වැඩේ හරියට කරනවම් ඉදිරිය හරිම සාර්ථකයි. පාසල්ව ගරුබවතුන් තමන්ගේ වගකීම හරියට ඉටුකරන්න ගොඩක් දරුවන් දරුවන් ට්යුසන් පන්තිවලට ගිහිල්ල තමයි විබාගේ කරගන්නේ පාසල තුල නිසි අධ්යාපනයක් තියෙනවනම් දරුවන්ට කාලය ගොඩක් ඉතිරිකරගන්න පුළුවන් දෙමුපියන්ගේ මුදල් ගසා කෑමත් නැතිවෙනවා. (ර)