IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අධ්‍යාපනය නංවන්න ලංකාව-වියට්නාමය අත්වැල් බැඳ ගනී

(අංජුල මහික වීරරත්න)

2024-2026 කාලය සඳහා ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර අධ්‍යාපනික සහයෝගීතාව පිළිබඳ ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද්වීපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇති අතර ඒ සඳහා 2017-2020 දක්වා කාලසීමාව තුළ එළඹ ඇති ගිවිසුම සංශෝධන සහිතව 2024 -2026 දක්වා වන කාලසීමාව සඳහා ක්‍රියාත්මක කිරීම පිණිස දෙපාර්ශ්වය විසින් එකඟ වී ඇත. 

ඒ අනුව උසස් අධ්‍යාපන ක් ක්ෂේත්‍රයේ සංවර්ධනය සහ නවෝත්පාදන සම්බන්ධ තොරතුරු හා අත්දැකීම් හුවමාරු කර ගැනීම, ඒකාබද්ධ පර්යේෂණ පැවැත්වීම, දෙපාර්ශ්වයේ විශ්ව විද්‍යාල සහ පර්යේෂණ ආයතන අතර ද්වීපාර්ශ්වික සහයෝගිතා වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම,දෙපාර්ශ්වය විසින් එකඟ වූ ක්ෂේත්‍රවල ප්‍රථම උපාධි හෝ පශ්චාත් උපාධි අධ්‍යයනය සඳහා ශිෂ්‍යත්ව  හුවමාරු කර ගැනීම හා දෙරටේ විශ්වවිද්‍යාල/ පර්යේෂණ මධ්‍යස්ථාන අතර සිසුන්/ විද්වතුන් හුවමාරු කර ගැනීම ආදී අරමුණු සහිතව 2034-2026 දක්වා වන කාලසීමාවට වලංගු වන පරිදි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ වියට්නාම සමාජවාදී ජනරජය අතර අධ්‍යාපන සහයෝගීතාව සම්බන්ධයෙන් වන ගිවිසුමට එළඹීම පිණිස අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (2)

අධ්‍යාපනය නංවන්න ලංකාව-වියට්නාමය අත්වැල් බැඳ ගනී

ජයනාත් Wednesday, 26 June 2024 12:06 PM

වියට්නාමය ! ආරංචිය සුබයි කියමුනේ...

:       0       6

chandima Thursday, 27 June 2024 12:53 AM

වියට්නාමයත් කන්නයි යන්නේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 536 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 271 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site