(නිමල කොඩිතුවක්කු)
දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට බව කියමින් අධ්‍යාපන කේෂත්රය සඳහා වැරදි අයුරින් පත්වීම් ලබාදීමට රජය ගන්නා උත්සාහයට විරෝධය පළකරමින් ගුරු, විදුහල්පති ඇතුළු අධ්‍යාපන ක්ෂේත්රයේ වෘත්තීය සමිති එක්ව ලබන 26 වනදා ලෙඩ නිවාඩු දමා යළි දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක් සිදුකරන බවත් එදිනට මෙම සියලූ නියෝජිතයන් කොළඹට කැඳවන බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා පැවසීය.
මෙම වැඩ වර්ජනය හේතුවෙන් පාසල් වාර විභාග වලට බාධා විය හැකි බැවින් 26 වන දින පැවැත්වෙන පාසල් වාර විභාග නතර කරන ලෙසට පලාත් අධයාපන ලේකම්වරුන්, පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට සහ කලාප අධ්‍යක්ෂක වරුන්ට මේ වනවිට ලිඛිතව දැනුම් දි ඇති බවද ඔහු කියා සිටියේය.
දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් බඳවා ගැනිමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පා මෙවර ශිෂ්‍යත්ව විභාගයේ සිට සියලූම ජාතික විභාග රාජකාරී වලින් ඉවත් වීමට ශ්‍රි ලංකා අධ්‍යාපන පරිපාලන සේවය, ශ්‍රි ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය, ශ්‍රී ලංකා ගුරු සේවයට අදාල සියලූම වෘත්තීය සමිති එක්ව ඒකමතිකව තීරණය කළ බවද ස්ටාර්ලින් මහතා පැවසීය.
අධ්‍යාපනය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව නියෝජනය කරන සියලූම වෘත්තිය සමිති එක්ව සිදුකල සාකච්චාවකින් පසුව මෙම තිරණයට එළැඹි බවද ඔහු කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුවත්පතක තිබුනා රාජ්‍ය සේවා කොමිසම නැවත සමීක්ෂණයක් කරන්න තීරණය කලා කියා ඔය නුසුදුසු අයගේ ලිපිගොනු. ඒ නිසා නරකද දරුවන්ගේ අධ්‍යාපනයට බාධා නොකර එම සමීක්ෂණ අවසන්වන තුරු තව පොඩ්ඩක් කල්දෙන්න.
වර්ජනයෙන් සිසු සිසුවියන්ට පාඩුවෙන එකක් නැහැ. ටියුෂන් වලින් ගොඩ යත හැකිය. කොහොමත් වැඩිපුර ළමයින් හොඳ විභාග ප්‍රතිපල ලබන්නේ ටියුෂන් හින්දා. වෛද්‍යවරු පෞද්ගලික සායනයන් පවත්වනවා වගේ මෙගොල්ලොත් වර්ජනය අතරතුර ටියුෂන් දෙයි