රටේ අධ්‍යාපන ක්ෂේත්රය තුළ සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ සහ නව යෝජනා ඇතුළත් සාමාන්‍ය අධ්‍යාපනය පිළිබද ජාතික ප්‍රතිපත්තිය සදහා වූ යෝජනා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම අද (26) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී සිදු විය.
අධ්‍යාපන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් රජයට උපදෙස්දීම සදහා පිහිටුවා ඇති ජාතික අධ්‍යාපන කොමිසන් සභාව සහ ජාතික අධ්‍යාපන ආයතනය එක්ව කරන ලද අධ්‍යයනයන් තුළ මෙම යෝජනා සකස් කර තිඛෙන අතර ජාතික අරමුණුවලට අදාළව දැනට සාර්ථකව ක්‍රියාත්මකවන ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ තවදුරටත් ශක්තිමත් කිරීමෙන් එහි අඛණ්ඩතාව පවත්වාගෙන යාමත්, අලූතින් පැනනැගෙන අවශ්‍යතා සහ අභියෝගයන්ට මුහුණදීමට හැකිවන පරිදි වෙනස්කම් ඉස්මතු කර දක්වමින් මෙම යෝජනා සකස් කර තිබේ.
130



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ක්‍රියාත්මක කරනවා නම්, වර්තමාන අධ්‍යාපන ඇමතිත් වෙනස්විය යුතුයි නේද. (නි)
සාමාන්‍ය පෙළින් පසු උසස් පෙළට ඇතුළුවීමට පෙර අවුරුද්දක පුහුණු රැකියාවක් කිරීමේ අවස්ථාව සහ ඉංග්‍රීසි හා පරිගණක දැනුම ලබාගැනීමේ අවස්ථා සිසුන් වෙත ලබාදිය යුතුයි. (නි)
අපි උසස් පෙළ පළමු වතාවෙම සමත්වෙලා පළමු උපාධිය අරන් පළමු රැකියාවට යනකොට වයස 25 යි. පිටරටවල අය වයස 21 වෙනකොට පළමු උපාධිය කරලා රැකියාවට යනවා. අපිත් මේ තත්වයට යා යුතුයි. (නි)
මොන ප්‍රතිසංස්කරණ ආවත් ජනප්‍රිය පාසල් කියන සංකල්පයට නම් තිත තැබෙන එකක් නැහැ.(හේ)
ලංකාවේ ද්විතීය හා ප්‍රාථමික අධ්‍යාපන ක්රමෝපායන් වෙනස් කිරීම අවශ්‍ය වේ (නි)
මේ ප්රතිසංස්කරණත් කොහොම එ්වාද දන්නේ නැහැ. ඉසේ ඇම්මට කොට්ටේ මාරු කළා වගේ තමයි මේ සංස්කරණයි ප්‍රතිසංස්කරණයි, අපේ ව්‍යවස්ථා හැදිල්ලයි. තම තමන්ට හිතෙන හිතෙන ඒවා හරි, කොහෙන්හරි කොපි කරගත්ත එකක් හරි තමයි තියෙන්නේ. අපි දරුවන්ට උගන්නන්න ඕනෑ කාටවත් අතනොපා තමන් ඉගෙනගත් දෙයින් තම දෙපයින් නැඟීසිටින්න (නි)
මේ දක්වා කොපමණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කළාද? ලැබුන ප්‍රතිඵලය මොකක්ද? කොල්ලෝ කෙල්ලෝ පාරට පැමිණ උද්ඝෝෂණ කරනවා හැරෙන්නට පැහැදිලිව පෙනෙන දියුණුවක් වෙලා නැහැ (නි)
හදී හූනියම් විද්‍යාව, වශීකර්ම විද්‍යාව, දේවාලවල කපු විද්‍යාව, බෝධිපූජා තැබීමේ විද්‍යාව, පගා විද්‍යාව, දේශපාලුවන්ට පන්දම් ඇල්ලීමේ විද්‍යාව ආදී එලොව මෙලොව වැඩ සළසන විෂයනුත් ඇතුළත් කළා නම් හොඳයි! (නි)
අපි බලමුකෝ මොකක්ද මේකෙ තියෙන්නේ කියලා (නි)
යහපතක් වෙන වැඩක් නම් අපිත් කැමතියි (නි)
හැමදාම මේ රට පාලනය කරන්නේ රෝයල් ආදී පාසල්වලින් ඉගෙනගත් උදවියයි. ඔවුන් ජනතාව ඉදිරියට යන්නේ තෝපාවැව ආදී ගමේ පාසලෙන් ඉගෙනගත් උදවිය කඩතුරාවක් කරගෙන. මේ රටාව වෙනස් කළහැකි අධ්‍යාපන ක්‍රමයක් මේ රටට අවශ්‍යයි. (නි)
එදා සිට අද දක්වා ඔබ රටට දක්වන දායකත්වය අපි සදා අගය කරමු. මහාචාර්යතුමනි, ඔබට දීර්ඝායු! (නි)
උසස්පෙළට හොරකම සහ වංචාව කියන විෂයත් ඇතුළත් කළා නම් හොඳ නැද්ද? (නි)