අධ්‍යාපන අමාත්‍යංශයේ කාර්යක්ෂමතාව සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි කිහිපයකින් පසු ඉහළම තනතුරු තුනක නිලධාරීන් ස්ථාන මාරු කළ බව අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.
ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශයේ ගුණාත්මක සංවර්ධන අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක මහතා අධ්‍යාපන සේවා අතිරේක ලේකම් ලෙස ද, ගොඩනැගිලි අංශයේ මදුරා වේහැල්ල මහත්මිය ගුණාත්මක සංවර්ධන අතිරේක ලේකම් ලෙස ද, අධ්‍යාපන සේවා අතිරේක ලේකම් ලෙස කටයුතු කළ අයි එම් කේ ඩී ඉලංගසිංහ මහතා අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් ලෙස ද ස්ථාන මාරු කරනු ලැබ සිටිති.
අධ්‍යාපන අමාත්‍යංශයේ ඇතැම් අංශවල දුරකතනවලට පවා ප්‍රතිචාර නොදක්වන නිලධාරීන් සිටින බවත්, මේ නිසා දුර බැහැර ප්‍රදේශවල පුද්ලයන්ට දුරකතනයෙන් කතා කර සිදු කර ගත හැකි රාජකාරි සදහා අධ්‍යාපන අමාත්‍යංශයට පැමිණීමට සිදුව ඇති බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් කීවේය.
අධ්‍යාපන අමාත්‍යංශයේ අකාර්යක්ෂමතාවට හේතු වන නිලධාරීන් සිටී නම් ඔවුන් අමාත්‍යංශයෙන් පිටතට මාරු කර යැවිය යුතු බවත්, මෙවර උසස් නිලධාරීන් ස්ථාන මාරු කර ඇත්තේ අධ්‍යාපන සේවා අතිරේක ලේකම් අයි එම් කේ ඩී ඉලංගසිංහ මහතා එම තනතුරින් ඉවත් කිරීමේ අරමුණින් බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.
දේශපාලන පළිගැනීම් ලැයිස්තුවලට ඉංගසිංහ මහතා ඉඩ නොදෙන නිසා දේශපාලන පළිගැනීමේ ලැයිස්තුවෙන් එන පිරිසට පත්වීම් දීම සදහා මෙම නිලධාරීන් හුව මාරුව කර ඇති බව ද ස්ටාලින් මහතා පසයි.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ දේශපාලන පළිගැනීම් සිදු නොවූ නිසා දේශපාලන පළිගැනීම් ලැයිස්තු ඉදිරිපත් කළ නොහැකි බවත්, අධ්‍යාපන අමාත්‍යංශයේ සිටින චෝදනා ලාභීන් වෙනත් ස්ථානයකට මාරු කර යැවිය යුතු බවත් ස්ටාලින් මහතා සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd