(ඩයනා උදයංගනී)
ගුරු මාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නට යාමේදී ඊට එරෙහිව දරුවන් උසි ගන්වන ගුරුවරුන්ට එරෙහිව අමාත්‍යාංශ මට්ටමින් දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
වසර ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක නොවී පැවති ගුරු මාරු වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා තමන් නායකත්වය දී ඇති බව කී අමාත්‍යවරයා ඇතැම් පාසල්වල ගුරුවරුන් පාසල් දරුවන් ද උසි ගන්වමින් මාරුවීම්වලට එරෙහිව කටයුතු කරන බවට තොරතුරු ලැබී ඇතැයි ද කීය.
පවතින ප්‍රතිපත්තීන්ට අනුකූලව ඉදිරියේදී වසර පහෙන් පහට ගුරු මාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරවීම සඳහා අවශ්‍ය යාන්ත්‍රණයක් සකස් කරන බව ද කී අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ විහාර මහා දේවී විද්‍යාලයේදී අද (16) පැවති උත්සවයක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙති තුමනි මම ඔබට අභියෝග කරනවා එක පාසලක අවරුදු 5 ට වැඩි කාලයක් සේවය කරන ගුරුවරුන්ගෙන් 50% ඉදිරි මස 6 තුල මාරු කර පෙන්වන්න කියලා ,සමහර ගුරුවරු පුද්ගලික ටියුෂන් පන්ති පවත්වමින් , විශාල ධනයක් , දරුවන්ගේ දෙමාපියන් වන පොලිස් නිලධාරීන් , පෙරකදොරුවන් , රජයේ උසස් නිලධරීන් , දේශපාලකයන් හරහා , විශාල ආර්ථික , දේශපාලන , නීතිමය පැත්තෙන් බලයක් ගොඩ නගාගෙන ඇත , මේ වැඩෙත් හරියට අර ජොන්ස්ටන් මහතය එළවලු ප්‍රවාහනයට ප්ලාස්ටික් පෙට්ටි යොදාගැනීම අනිවාර්ය කිරීමේ නිතිය වගේ වේවි ,
අමාත්‍යතුමාගේ හොඳ තීරණයක්.........
ගුරු මාරු ප්‍රතිපත්තිය ඉක්මනින් ක්‍රියාත්මක කල යුතුයි. ගුරුවරුන් එක තැන පල් වීම ඒ පාසල් වල අධ්‍යාපන මට්ටම පහල යාමට හේතු වී තිබෙනවා. විශේෂයෙන් ජාතික පාසල් වල තත්වය ඉතාම භයානකයි. ජාතික පාසලක් වන නුවරඑළිය ගාමිණි මාධ්‍ය මහා විද්‍යාලය ඊට හොඳ නිදසුනක්. එහි උසස් පෙළ කිසිදු විෂයක් උගන්වන්නේ නෑ. ළමයි පාසල් නෑවිත් අමතර පන්තිවලට යා යුතුයි. පාසලේ කාලයක් සේවය කරන ගුරුහොරුන් කිසිම සේවයක් කරන්නේ නෑ. දේශපාලන බලහත්කාරකම් කරමින් සිටිනවා. විදුහල්පතිට ඊට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්න ශක්තියක් නෑ. දරුවන්ගේ විනයත් පවතින්නේ ඉතාම පහල මට්ටමක. ජාතික පාසල් වලටත් මෙහෙම වෙනවානම් රටේ අධ්‍යාපනය ගැන කවර කතාද...?
තෙල්දෙණිය කලාපයේ දුෂ්කර පාසල්වල ඉන්න ගුරු හොරුත් නිදහස් කරන්න
ආදි ශිෂ්‍ය සංගම්, සංවර්ධන සංගම් වැනි සංගම් වල බලපෑමට යටත් නොවී මෙය සිදු කරන්න
සියලුම රාජ්‍ය නිලදාරීන් සහ සේවකයන්ගේ විනය ආයතන සංග්‍රහය හරහා ක්‍රියාත්මක වෙනවා නමුත් මට හමුවුන ගුරුවරුන් බොහෝ දෙනෙක් කිව්වේ ආයතන සංග්‍රහය අදාල වෙන්නේ රජයේ කාර්යාල සේවකයන්ට පමණයි කියල. වර්තමානයේ ගුරුපත්වීම් වලත් ආයතන සංග්‍රහය 'මුදල්රෙගුලසි සහ චක්‍රලේක වලට අවනතව කටයුතු කලයුතු බව සදහන් වෙනවා නමුත් වර්තමානයේ පත්වීම් ලබන කිසිම කෙනෙකුට එම නීති පිළිඹදව කිසිම පුහුණුවක් දෙන්නේ නැහැ මෙනිසා තමයි මෙම ගැටළු ඔක්කොම මේ නිසා මින් ඉදිරියටවත් රාජ්‍ය සේවයට බඳවා ගන්න සැමට සේවාස්ථ පුහුණුවත් දීමට කටයුතු කිරීම වැදගත් වෙනවා
ප්‍රතිපත්තිය හොඳයි. නමුත් ආනන්ද නාලන්ද ඉස්කෝල වලට ඒ මාර්ගයෙන් මුස්ලිම් ගුරුවරු පුරවන්න ආවොත් ප්‍රශ්නයක් වේවි.