මොහොමඩ් ආසික් සහ ජේ.ඒ.එල්.ජයසිංහ
තොරතුරු දැන ගැනීමේ පනතට අනුව අධ්‍යාපන අමාත්‍යාංශය තොරතුරු ලබා නොදෙන බව අධ්‍යපන අනධ්‍යයන සේවක සංගමය චෝදනා කරයි.
එම සංගමය අද සවස මහනුවර දී පැවැත්වූ මාධ්‍ය හමුවේදී එහි ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න මහතා මේ බව සදහන් කළේය.
ලෝකයේ මුල් තැනට පත් වූ තොරතුරු පනතක් අපට ඇති බවට රජය දිගින් දිගටම කිව්වද තොරතුරු ලබා දීමේදී ඇතැම් රජයේ ආයතන නිසි ලෙස කටයුතු නොකරන බවද ඔහු කීය.
2017 අප්‍රේල් මාසයේදී අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා ඇති නමුත් ඒ සදහා මාස හයක් ගත වී ඇතත් මේ වන තුරුත් එම තොරතුරු ලැබී නොමැති බවද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ යහළුවකුට ලැබුණු පිළිතුරු ලිපිය අනුව තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාදෙන්නේ දැනට තිබෙන තොරතුරු පමණි. ප්‍රශ්ණ වලට පිලිතුරු නැත. මෙය සත්‍යයක්ද?
කලබල නොවන්න. මේ උන්දැලා තමන්ගේ තොරතුරුවත් දන්නේ නැතිකොට කොහොමද තමන් වැඩකරන ආයතනයේ තොරතුරු දැනගන්නේ? අනිත් වැදගත්ම දෙය මේ පවතින්නේත් යල්පැනගිය තොරතුරු....
මේ කතාව ඇත්ත... මටත් තොරතුරු නොදී මග හරියි. හොරු වෙනුවෙන් හොරු.