(බිඟුන් මේනක ගමගේ)
ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබියදීත් කර්නල් මංජුල කාරියවසම් මහතා අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා අධ්‍යක්ෂ ධූරයේ තවදුරටත් කටයුතු කරමින් සිටින්නේ යැයි ලංකා ගුරු සංගමය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාට හා අධ්‍යාපන ඇමැතිවරයාට අද (30) පැමිණිලි කර ඇත.
සේවා ව්‍යවස්ථා උල්ලංඝනය කරමින් යුද හමුදාවේ නිලධාරියකු ක්‍රීඩා අධ්‍යක්ෂ ධූරයට පත්කිරීමට එරෙහිව ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තිය සමිතිය ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙස්සමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් දී තිබියදීත් අදාළ නිලධාරියා තවදුරටත් ධූරයේ කටයුතු කරන බවට ලැබුණු තොරතුරු මත ලිඛිතවම මෙම පැමිණිල්ල කළේ යැයි එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා “ලංකාදීප” යට පැවැසීය.
අධිකරණ නියෝග පවා නොතකා හරිමින් කටයුතු කිරීමට අදාළ කර්නල්වරයාට හයියක් ලැබුණේ කෙසේදැයි ප්‍රශ්න කළ හෙතෙම මේ සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සහ අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා කඩිනම් පියවර ගත යුතු යැයි අවධාරණය කර කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය කාලයේම කලේ හිතවතුන්ට හා පක්ෂ ක්‍රියාකාරීන්ට අධ්‍යාපනයේ විදුහල්පති හා පරිපාලන සේවයට පත්කිරීම් ඒවාට විරුද්ද නොවූ මෙයා මොනවාද මේ කියන්නේ නඩුව පැවරුවේ එවැනි අයද බලන්න
අධිකරණ නියෝග පවා නොතකා හරිමින් මේ වගේ අය මේ විදිහට කටයුතු කරන්නේ මේ රටේ නීතියට කෝචෝක් කරමින්ය. ලැජ්ජයි අපිට අපේ රටේ පාලකයෝ ගැන.
නීතියට බය නැතුව වගෙයි