වසන්ත චන්ද්‍රපාල
අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතනයේ නේවාසික සිසුන් පිරිසක් විසින් එහි අධ්යක්ෂවරයා ඔහුගේ කාර්යාලයේ සිර කර තැබීමේ සිදුවීමකින් පසුව හාඩි උසස් තාක්ෂණ ආයතනය දින නියමයක් නැතිව වසා දමා තිබේ.
හාඩි ආයතනයේ නේවාසික සිසුන් සහ නේවාසික නොවන සිසුන් අතර ගැටුමක් ඇතිවී ඇතැයි ද, ඉන් තුවාල වු සිසුන් පිරිසක් රෝහල් ගත කර ඇතැයි ද, ප්‍රහාරය සම්බන්ධයෙන් සිසුන් 10 දෙනකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇතැයි ද එහි ආරංචි මාර්ග කියයි.
මෙම සිදුවිමෙන් අනතුරුව නේවසිකව සිටින සිසුන් අද පෙරවරුවේ හාඩි ආයතනයේ අධ්යක්ෂ ඒ. බාරෙන් මහතා ඔහුගේ නිළ කාමරය තුල සිර කරගෙන සිටි අතර පසුව අමිපාර කොටිඨාස භාර පොලිස් අධිකාරී සාමන්ත විජේසේකර, අම්පාර මුලස්ථාන පොලිස් පරීක්ෂක දයාල් ඉලංගකොන් මහත්වරු පැමිණ දෙපිරිස අතර සාකච්ඡාවක් පැවැත්වීය.
උදෑසන සිට සිරකගෙන සිටි අධ්යක්ෂවරයා පොලිසියේ මැදිහත්වීමෙන් ආරක්ෂිතව පිටතට රැගෙන ආවේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර ඉස්සර කල වගේ ගොවි හමුදාවක් හදන්න ඕනේ. විශ්ව විද්‍යාලයට යන්නට පෙර වැව් අමුණු ප්‍රතිසංස්කරණය කරන්න පුරුදු කරලා යවන්න ඕනේ.
ගුරුවරුන්ට ගරු කිරීමට නොදන්නා අයට මොන අධ්‍යාපනයක්ද? මේ අයට සදාකාලිකව මහජන බදු මුදලින් නඩත්තුවන ආයතන වල ඉගෙනීම තහනම් කල යුතුයි.
1973 වසරේ මෙහි මේ වාගේම සිසුන් දෙපිරිසක් අතරේ සිදුවූ ගැටුමක් නිසා පිරිසක් රෝහල්ගත කළා. තවත් පිරිසක් රිමාන්ඩ් කළා. දැන් විශ්‍රාමික දිවිය ගතකරන මට හිතෙනවා මොකක්ද ඒ කල පිස්සු වැඩේ කියා.
මේ අධ්යක්ෂවරයා සිරකර තැබීමට ඔහු කල වැරැද්ද සොයන්න. සොයා බලා සේවය තහනම් කර උපරිම දඩුවම් දෙන්න. ඊට පස්සේ එන අධ්යක්ෂවරයා හරි එතකොට හොදින් හැසිරේවි.
ධම්ම මහත්තයෝ වයසට ගියහම ගොඩක් කට්ටියට හිතෙනවා තරුණ කාලේ කලේ පිස්සු වැඩ කියල. දැන් ඉතින් පිනක් දහමක් කරගෙන ඉන්න ලබන ආත්මේදී නිදුකින් ඉන්න.
මේවට මුල නිකන් ලැබෙන අධ්‍යාපනය සහ සෞඛ්‍ය වැනි අපේ රටේ පමණක් ලැබෙන පහසුකම්, පාසලේ දිනක් කට්ටි පනින ළමයෙක් ටියුෂන් පන්තිය මග අරින්නේ නැහැ. මේ රටේ වැඩිහිටියෝ වගේම පොඩි හිටියොත් ආණ්ඩුවෙන් දෙන දෙයක් විදියට අධ්‍යාපනය දකින්නේ. මම ඉන්න රටේ නිකන් දෙන අධ්‍යාපනයක් නැහැ මව්පියෝ දරුවෝ ඉතාම මහන්සි වෙනවා කැපවෙනවා අවශ්‍ය මුදල් සොයාගෙන අධ්‍යාපනය සාර්ථක කරගන්න, ඔවුන් අපේ දරුවන්ට වඩා ගව් ගණනක් ඉදිරියෙන් අධ්‍යාපනය අතින්. අපිට ක්‍රමවේදයක් අවශ්‍යයි නිදහස් අධ්‍යාපනය ලැබූ කෙනෙක් විශ්‍රාම යනවිට රටේ ආර්ථිකයට කොපමණ දායක වෙලාද කියල බලන්න.