ජර්මනියේ විදේශ ඇමැති ෆරෑන්ක් වෝල්ටර් ස්ටීන්මෙයර්ගේ ශ්‍රීලංකා සංචාරයට එක්ව සිටි සාමාජිකයෙක් විදේශ අමාත්‍යංශයේ විද්‍යුත් මාධ්‍යවේදීන් දෙදෙනෙකු අතර හුවමාරුවූ උණුසුම් වචන මැද්දට පැන දෙදෙනා සාමදාන කළේය.
ඔවුන් ළඟට ආ ජර්මන් ජාතිකයා එම දෙදෙනාටම හොඳ සිංහලෙන් කතාකළේය.
‘කලබල වෙන්න ඕන නැහැ.නිශ්ශබ්ද වන්න‘
යනුවෙන් ඔහු කියද්දී මරාගන්නට ගිය අර දෙදෙනා සන්සුන් වූහ.
මීට අවුරුද්දකට පමණ කලින්ද මෙවැනි සිද්දියක් එම ගොනැගිල්ලේදීම සිදුවිය.එදා සිංහලෙන් කතාකළේ චීන තානාපති නිලධරයෙකි.
එම චීන ජාතිකයා සමග පැමිණ සිටි ශ්‍රීලංකා ජාතික සමාගම් අධ්‍යක්ෂකවරයෙක් ඔවුන් දෙදෙනාට තේ කෝප්ප දෙකක් ගෙන එන ලෙස කාර්යාල සහායකයෙකුට කීවේය.
‘මෙයාට දියවැඩියාව තියෙනවාද දන්නේ නැහැ.සීනි වෙනම ගේන්න‘
යනුවෙන් අධ්‍යක්ෂකවරයා ගෝලයාට කීවේය.
නිල සාකච්ඡාව අවසානයේදී චීන ජාතිකයා සමුගනිද්දී අධ්‍යක්ෂකට හොඳ පාඩමක් ඉගැන්වූයේය.ඒ හොඳ සිංහලෙන් කතාකරමිනි.
‘මහත්මයා මට දියවැඩියාව නම් නැහැ.‘
එම අධ්‍යක්ෂකවරයා නොදැන සිටි කාරණය වූයේ ඒ චීන නිලධරයා තානාපති නිලධරයෙකු වීමට පෙර ශ්‍රීලංකා සරසවියකින් සිංහල ඉගෙනගත් අයෙකු බවය.
විදේශිකයින් සිංහල නොදන්නා බව සිතූ තවත් වෙළෙන්දෙක් හොඳටම අමාරුවේ වැටුණේය.ඒ ලිබර්ටි ප්ලාසා සංකීර්ණයේදීය.
ජපන් ජාතික තානාපති නිලධරයින් පිරිසක් ඔහුගේ සාප්පුවට ඇතුල් වෙද්දී අයිතකරු ගෝලයන්ට කෑගසා කීවේ
‘ගාණ වැඩිකරලා කියනවා‘ යනුවෙනි.
ජපාන තානාපති නිලධරයා සිංහලෙන් කතාකළේය.
‘ගාණ වැඩිකරලා කිව්වොත් මම මේ කඩෙන් බඩු ගන්නේ නැහැ.‘
ජපන් ජාතිකයාගේ ඒ කතාවෙන් සාප්පුව හිමිකරුට පොළව පලාගෙන යන්නට හිතෙන්නට ඇති.ඒත් ඔහු සිදුවූ වරදට සමාව ඉල්ලා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද කාලේ අපේ මිනිසුන්ට සිංහලත් බෑ ඉංග්‍රීසිත් බෑ සිංග්ලිෂ් නම් පුළුවන් (බ)
පිටිගල මිලානෝ බුද්ධිමත් විදිහට හැමදේම දකිනවා. ඔහු අගය කළ යුතු වෙනවා. (බ)
පරම්පරාගතව පැවත එන ශ්‍රී ලාංකිකයන්ගේ ජාන පිළිබඳව විදිමත් පරීක්ෂණයක් කළහොත් මම හිතන්නේ ලෝක ප්‍රජාව අතරයි අපි අතරයි තිබෙන වෙනස හඳුනා ගැනීමට ඉඩ කඩ ලැබේවි. (ම)
මේ දෙවැනි කතාවේ අධ්‍යක්ෂ, කාර්යාල සහායකයාට කිවූ දේ වරදක් නැහැ. ඒ චීන ජාතිකයාට එවේලේ කියන්න තිබුනා ඔහුට දියවැඩියාව නැති බව. අඩුවැඩි වශයෙන් සෑම දෙනාගේම අඩුපාඩු කම් තියෙනවා. (අ)
පිටබැද්දර ජයා, මම ඉන්නේ ස්විඩන් වල.මේ රටේ නම් ඔයා කියන දඩ ගහන්නේ නැහැ.ඒත් මිනිස්සු අනිත් අයට කරදරයක් නැතුව ජීවත්වෙනවා වගේම නීතියටත් ගරු කරනවා.මේ රටේ මිනිස්සු හැදියාවෙන් ඉතා ඉහළින් ඉන්නවා.ලංකාවේ මිනිස්සු මේ තත්වෙට ගන්න තව අවුරුදු 50ක්වත් යාවි.රූපවති කියන්නේ ඇත්ත.දැන් මටත් බනින්න එපා රූපවතිට වගේ. (නි)
පිටබැද්ද ජයා, බටහිරයෝ දන්නා බෞද්ධ දර්ශනයක් නැහැ කියල කියන්නේ ඔවුන් ගැන හරියට දැනගෙනද? හිතාගෙන ඉන්නේ බුදුදහම හරියට දන්නේ අපි, බටහිරයෝ දන්න දෙයක් නෑ කියල නේද? ඔවුන් බුදුදහම දන්නවා විතරක් නෙමෙයි ඒක හරියට පිළිපදිනවා.
ඔය සිද්ධියෙන්වත් හැදෙනවා නම් හොඳයි. ඒත් සති දෙකක් යන්නත් කලින් තව මොකක්හරි ඔයවගේම වැඩක් ආයෙත් කරනවා (නි)
නියම කතාව! (නි)
ඒ වුණාට මිලානෝ සොයුර නොහදිච්ච අපේ ය ..අපි වරදක් පෙන්වා ඒ හි ඇති අනිසි ප්‍රතිපලය සහ ඒ දෙය කල පුද්ගලයාට දොස් කීවාම අපිව මරන්න පනිනවා..අපි නොහැදිච්ච අයලු එකලු ලංකාවට බනින්නේ? ..? විදේශිකයින් නියම බෞද්ධ දර්ශනයෙන් ජීවත්වෙන්නේ අනුන්ට ඇප උපකාර කරගෙන කාටවත් කරදරයක් නැතිව..? ආසාවල් ලෝබකම් වෛරයෙන් පලිගැනීම් මිනිසුන් කපල කොටලා මරණ දේවල් නැතිෛ.එක නේන්නම්? අවිහිංසාව ..එක තමයි බුද්ධ දර්ශනය..අපේ මිනිසුන් නොදන්නා පිටරට මිනිසුන්ළෛඟ ඇති එකම මිනිස් ගුණය..? (අ)
ඒත් පාඩමක් ඉගෙනගත්තාද දන්නෙ නැහැ (නි)
ජයවීර හරියටම හරි අපේ කට්ටිය කවදාවත්ම හැදෙන්නේ නැ(ම)
ලජ්ජා වෙන්න ඕනෑ, ඒ පිටරට තානාපති නිලධාරීන් අපේ භාෂාවෙන් කතාකළා ඇහෙනකොට නෙමෙයි, පිටරටවල තියෙන අපේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල කීයෙන් කීයක එම රටේ භාෂාව කතාකළ හැකි නිලධාරීන් අඩුතරමින් එක්කෙනෙක්වත් ඉන්නවද කියන එක දැනගත් දවසටයි. (නි)
ඔය වගේ වැඩ කොච්චර නම් වෙනවද.? (ර)
තමන්ගේ භාෂාව කතා කළාට කිසි ප්‍රශ්නයක් නැහැ හොඳ චේනාවෙන්. ධම්ම කිව වගේ චීන ජාතිකයට දියවැඩියාව තිබුනනම් මොකද වෙන්නේ වැඩි සීනි බීල. (බ)
හැමදාම අපි සිංහලකම පහතට දා ගෙන කතා ගෙතුවේ, (ස)
ලංකාවට එන බොහෝ දෙනෙක් සිංහල භාෂාව හදාරා එන බව අපේ අය දන්නේ නැහැ. අපි ඉන්දියාවේ චෙන්නාහි සාප්පුවල අය කතාකරන්නේ සිංහලෙන්. (නි)
මේ ගොල්ලෝ මිනිස් වෙසින් සිටියාට අපි ඔවුන් කවුද කියලා දැනගත යුතුයි (නි)
මේක තමයි නියම 'නුතන මානවයා' ගේ ගති පැවතුම්. ලියන්න ඕනෑනම් මීට වැඩිය තව ගොඩක් දේවල් තියෙනවා. විදේශිකයන් අපිට වඩා ගොඩක් ශිෂ්ටසම්පන්නයි. විදේශ රටවල හැදෙන ලංකාවේ ළමයින්ගෙන් ඒක පෙනෙනවා. ඔවුන්ගේ හැදියාව මැනවින් පෙනෙනවා. (නි)
ලංකාව කන්නේ ඔය වගේ මිනිස්සු තමයි. විදේශිකයෙක් දැක්කහම බඩු වල, ඇතුළුවීමේ ගාස්තුවල මිල වැඩිකරලා පෙන්වන හැටි බලන්නත් අප්‍රසන්නයි. ලංකාවේ මිනිස්සු හිතන්නේ විදේශිකයෝ මෝඩයෝ කියලා.සමහවිට එයාල ඔය කියන ගාස්තු ගෙවනවා. ඒ වගේම ආපහු ඒ රටවලට ගිහිල්ලා ලංකාවේ හැටි මෙහමයි කියන්නත් අමතක කරන්නේ නැහැ (නි)
අපි ලෝකය ගැන දන්නවට වඩා , ලෝකය අපි ගැන දන්නවා කියලා හිතුවොත් ඇඟට ගුණයි (නි)
ඔන්න ඔන්න රුපවති අදත් පටන් ගත්ත නොදන්නා දේවල් කියන්න , රුපවතියේ බටහිරයෝ දන්නා බෞද්ධ දර්ශනයක් නැහැ , ඒ රටවල කොළ කෑල්ලක් බිම දාන්න බැහැ එකටත් නිතිය රියාත්මක කරනවා . දඩ ගහන්න්කෙනෙකුගේ සුමානේ පඩියට හරියන්න , ඕන ඔහොම තමයි උපරිම දඬුවම් දීල නිතිය ක්‍රියාත්මක කරලා (අ)
යහපාලනය (බ)