කරන්දෙණිය විවිධ සේවා සමූපාකාර ඉන්ධන හල් සේවකයන් හැර ග්‍රාමීය බැංකු දහයේ හා ප්‍රාදේශික විස්සක සේවකයෝ අද වැඩ වැරූහ.
අධ්‍යක්ෂ ලලිත් කරුණාරත්න මහතාට එරෙහිව මේ විරෝධය ඇරැඹිණි.
මේ වර්ජනය නිසා සමිතියේ බැංකු හා සමූපකාර ගනුදෙනු කරුවෝ දැඩි අසීරුවට පත්වූහ.
සමිතියේ සාමාන්‍යාධිකාරී, ගණකාධිකාරී හා අධ්‍යාපන නිලධාරී යන තුන්දෙනාගේ පැමිණීම සම්බන්ධයෙන් අධ්‍යක්ෂ පොලීසියට කර ඇති පැමිණිල්ලකට එරෙහිව කරන්දෙණිය සමූපකාර සංකීර්ණය ඉදිරිපිට මේ උද්ඝෝෂණය ඇරැඹූ සේවකයන් කියනුයේ ඔහු එම පැමිණිල්ල ඉල්ලා අස්කරගන්නා තුරු වර්ජනය අත් නොහරින බවයි.
සාමාන්‍ය අධිකාරී ඇතුළු පිරිසද පොලීසියට පැමිණිල්ලක් කර ඇත. මේ දෙපිරිසම ඊයේ (27) පොලීසියට කැඳවිමෙන් පසුව උපදෙස් දී ඇත්තේ පැමිණිල්ල සමථ මණ්ඩලයට යොමු කරන බවයි.
සමූපකාර සමිතියේ සභාපති එම් එච් වීරවික්‍රම මහතා කියනුයේ සේවකයන් තමන්ගේ අයිතිය වෙනුවෙන් ගෙන යන අරගලයට විරුද්ධ විය නොහැකි බවයි.
2025 දෙසැම්බර් මස 16
115
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අධ්‍යක්ෂට එරෙහි සමූපයත් වීදි බසී
ගාමිණී Wednesday, 27 March 2013 09:42 PM
අධ්‍යක්ෂකව කැපෙයිද කියලා මට බයයි. (නි)