කරන්දෙණිය විවිධ සේවා සමූපාකාර ඉන්ධන හල් සේවකයන් හැර ග්‍රාමීය බැංකු දහයේ හා ප්‍රාදේශික විස්සක සේවකයෝ අද වැඩ වැරූහ.
අධ්‍යක්ෂ ලලිත් කරුණාරත්න මහතාට එරෙහිව මේ විරෝධය ඇරැඹිණි.
මේ වර්ජනය නිසා සමිතියේ බැංකු හා සමූපකාර ගනුදෙනු කරුවෝ දැඩි අසීරුවට පත්වූහ.
සමිතියේ සාමාන්‍යාධිකාරී, ගණකාධිකාරී හා අධ්‍යාපන නිලධාරී යන තුන්දෙනාගේ පැමිණීම සම්බන්ධයෙන් අධ්‍යක්ෂ පොලීසියට කර ඇති පැමිණිල්ලකට එරෙහිව කරන්දෙණිය සමූපකාර සංකීර්ණය ඉදිරිපිට මේ උද්ඝෝෂණය ඇරැඹූ සේවකයන් කියනුයේ ඔහු එම පැමිණිල්ල ඉල්ලා අස්කරගන්නා තුරු වර්ජනය අත් නොහරින බවයි.
සාමාන්‍ය අධිකාරී ඇතුළු පිරිසද පොලීසියට පැමිණිල්ලක් කර ඇත. මේ දෙපිරිසම ඊයේ (27) පොලීසියට කැඳවිමෙන් පසුව උපදෙස් දී ඇත්තේ පැමිණිල්ල සමථ මණ්ඩලයට යොමු කරන බවයි.
සමූපකාර සමිතියේ සභාපති එම් එච් වීරවික්‍රම මහතා කියනුයේ සේවකයන් තමන්ගේ අයිතිය වෙනුවෙන් ගෙන යන අරගලයට විරුද්ධ විය නොහැකි බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධ්‍යක්ෂකව කැපෙයිද කියලා මට බයයි. (නි)