(චතුරංග සදරැස්ගම)
අනුරාධපුර වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සිසුවෙකුට එම ආයතනයේ අධ්‍යක්ෂකවරයා අමානුෂික ලෙස පහර දීමට විරෝධය පළ කරමින් එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින් පිරිසක් අද (4) අනුරාධපුර නගරයේ දී උද්ඝෝෂණයක් කළහ.
“මේ වන විට අපේ සහෝදර සිසුවෙකුට අධ්‍යක්ෂකවරයා පහර දීමෙන් එම සිසුවා අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. මෙසේ ශිෂ්‍යයන් මර්ධනය කිරීම සදහා පාලන අධිකාරිය ගන්නා මේ උත්සහය අපි හෙළා දකිනවා.“ යයි අන්තර් විශ්වවිද්‍යාල විද්‍යා ආයතනයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු හර්ෂ කුමාර මාධ්‍ය හමුවේ පැවසීය.
අනුරාධපුර මුලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සංජීව මහානාම මහතා පැවසුවේ එහි පාලන අධ්‍යක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව බවත් ය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුරුවරයෙක් දරුවෙකුට පහර දුන්නත් පිකටින් උසාවි යන රටක් මේක දෑහැමි සමාජයක් බිහි වෙන්නේ කොහොමද? මට මතකයි පාසලේදී ගුරුවරයෙක් පුටු කකුලකින් මාගේ කකුලට පහරදීලා කකුල නිල් වෙලා තිබිලත් මගේ පියා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉහල නිලයක් දෑරු අයෙක් වෙලත් ඔහු මා අතේ ලිපියක් සහ වෙවෑල් දෙකක් අදාල ගුරුවරායට ලෑබෙන්න සෑලෑස්සුවා ලිපියේ පවසා තිබුනේ දරුවන්ට වේවෑලෙන් පහර දෙන්න යන වගයි
අපේ රටේ සිසුන්, පොඩ්ඩ බැරිවෙනකොට පාරේ උද්ඝෝෂණ කරනවා. ඉගෙන ගන්න යනවා කියන අරමුණ කැලේ ගිහින්. මේ අයට කසපාර ගහල හික්මවන්න ඕනේ.