තම අත්සනට සමාන අත්සනක් සහිත ලිපි කිහිපයක් යොදා ගම්පහ ප්‍රාථමික විද්‍යාලයකට ළමයින් ඇතුළු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇතැයි පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ පී එන් අයිලප්පෙරුම මහතා පැවසීය.
පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ වන තමාගේ සුපුරුදු අත්සන නොමැතිව ඊට සමාන වෙනත් අත්සනක් සහිතව එම පාසලට ළමයින් ඇතුළු කර ගන්නා ලෙසට ලිපියක් ලැබී ඇති බවට ගම්පහ කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස් කේ මල්ලවාරච්චි මහතා දැන්වූ බවත්, ඒ ගැන සොයා බැලීමට විමර්ශන නිලධාරින් යැවූ බවත් අයිලප්පෙර්ම මහතා කීවේය.
දෙමාපියන් දස දෙනකු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂගේ අත්සන සහ නිල මුද්‍රාව සිහිත ලිපි රැගෙන විත් ඇති බවත්, ඒ අනුව පාසලට සිසුන් භාර ගෙන ඇති බවත්, ඒ අතර තිබූ ලිපි කිහිපයක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂගේ අත්සනෙහි වෙනසත් තිබූ බවට පසුව කළ සොයා බැලීමේදී හෙළි වූ බවත් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
රජයේ නිලධාරියකුට රාජකාරි කටයුතු සඳහා අත්සන් දෙකක් යෙදිය නොහැකි නිසා ඒ ගැන මුලින්ම සැකයක් මතුවී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාන කඩාගෙන, වැඩේ නෝන්ඩි වෙනකොට බබා පාට් දානවද දන්නේ නැහැ මේ අධ්‍යක්ෂවරයා. ලොක්කොනේ. කරන්න ඕන දේවල් කරත් බේරෙන්න ක්‍රමත් දන්නවා. එකම බෝට්ටුවේ යන අනිත් තැන්වල ලොක්කොත් මේ වගේ අයව බේරාගන්නවනේ. හාල්මැස්සෝ තමයි හැමදාම අහුවෙන්නෙත් අල්ලන්නෙත්.ඔහොම ගියාම රට පෙරට යන්න පුළුවන් හීනේන්. (නදී)
දරුවෙකුගේ අනාගත ශුභ සිද්ධිය තකා කරපු ප්‍රාථමික වැඩක් නිසා රටේ සිදුවෙන නොහොබිනා ,වෙනත් දරුණු අපරාධ ගැන සැලකිල්ලට ගෙන මෙවැනි සුළු දෙයකට පොදු සමාවක් දීම පරම යුතුකමක්! ඇරත් පත්වීමක්,ටෙන්ඩරයක්,චෙක් පතකට අත්සනක් ගහලා නෙවේනේ ! (නි)
හරි ක්‍රමවේදයක් තිබුනා නම් දෙමවුපියන්ට ඔයවගේ දේවල් කරන්න ඕනෑ නැහැනේ. (නි)
මේ අධ්‍යක්ෂක හැර තවත් මෙවන් අධ්‍යක්ෂකයින් සිටීද දන්නෙ නැහැ (නි)