(ඉන්දිකා රාමනායක)
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් අගෝස්තු 23 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට මාළිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (18) නියෝග කළේය.
සෞඛ්‍ය අමාත්‍යාශයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළ වලට අලාභ හානි සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු චෝදනා ලැබ සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රයන් මල්ලි, එහෙනම් පොඩ්ඩක් ඇතුලට ගිහින් වීරයෙක් වෙලා එන්නකෝ.
මේ වගේ කෙනෙක් දොස්තර කෙනෙක් වෙලා අාවොත්, බෙහෙත් ගන්න අයට දෙවි පිහිටයි.
මේ මනුස්සයා මහජන බදු මුදලින් ඉක්මණට ඉගෙනගෙන අහවරකරලා රැකියාවක් කරලා ඒවා නැවත රටට ගෙවනවා වෙනුවට ආයෙත් අපේ බදු මුදලින් නඩත්තුවෙන හිර ගෙට යන්නද හදන්නේ? ගෙවන ජනතාවට අබ සරණයි... මෙවැනි ආකල්ප ඇති පරපුරක් බිහිවුණොත්...
රයන් අයියා ඇයි වීරයෙක් වෙන්න පරක්කු වුණේ...
මෙයට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කරලා තියෙද්දී ද මෙච්චර කල් අත්අඩංගුවට ගන්න ගිය පොලීසියට පාට් දැම්මේ? කොහොමද අනාගත දොස්තරලගේ තරම...?
යදමින් බැඳ විලංගු දා රයන් පුතා රැගෙන යන්න මොහු සිදුකල වැරදි සොයා දිගටම දඟ ගෙයි දමන්න
මෙතන අදහස් දාන ගොඩක් අයට තියෙන්නේ තමාට හෝ තමාගේ ළමයට දොස්තර කෙනෙක් වෙන්න බැරි වුන කුහක ඉරිසියාවයි. රටේ වෙලා තියෙන ප්‍රශ්නෙත් 8 පාස් නැති අය රටේ රැකියාවන් සදහා තීන්දු තීරණ ගන්න එක.
මෙයා දොස්තර කෙනෙකු වුණාම දුප්පත් අපට ප්‍රතිකාර ගන්න ගියාම අපේම සල්ලිවලින් ඉගෙනගෙන අපටම චණ්ඩි පාට් දමයි ද දන්නේ නැහැ... !
බැයිද දන්නේ නෑ දිගටම ඔහේ තියාගන්න... අපට ගමනක් බිමනක් යන්න විදියක් නෑ මේ අය හැමදාම මහපාරේ තමයි.
ඔය වගේ විශ්ව විද්‍යාල පොරවල්, ඔතනින් එළියට පය තියලා, දොස්තර නලාව කරේ ගහගෙන, ටයි පටිය කර වටේ බැඳගත්තාම රෝගීන්ගේ පොකට් එකට කරන හදිය අපි නොදන්නවැයි? චැනල් සෙන්ටර් කළු කඩේ ඔළුගෙඩි ගානට ගාන කැඩුණාම..., ඔය දැන් තියන දර්ශනේ, අහලකවත් නැහැ.
මෙතන අදහස් පළකරපු බොහෝ අයට අදහසක් නැහැ ඇත්තටම මොවුන් කරන අරගලය මොකක්ද කියා වත්, මේ ළමයි දැම්මේ චන්ඩි පාට් නෙවේ ආණ්ඩුවේ අත්තනෝමතික අසාධාරණ තීරණයන්ට එරෙහි නැගී සිටීමක්, ආණ්ඩුවේ ඉන්න සමහරුන්ට ඕන සයිටම් මුදලිගේ කඩේ රැකගෙන යන්න, නිදහස් අධ්‍යාපනය මතු පරපුර සදහා රැක ගැනීම සදහා කරපු කැප කිරීමක් මේ ළමයි කරන්නේ, මෙයාලට තමන්ගේ ගැන විතරක් හිතල ජීවත් වෙන්න ඕනි නම් වෛද්‍ය පත්වීම අරන් සැපට ඉන්න තිබ්බ, නමුත් මොවුන් එහෙමත් නොකර අනුන් වෙනුවෙන් තමයි මේ කැප කිරේම කරන්නේ, බොහෝ අයට නොතේරුනාට ඇත්ත ඕකයි,
1 ශ්‍රේණියේ සිට 12 ශ්‍රේණිය දක්වා මේ ගොල්ලන්ට පුද්ගලික පන්තිත් ගිහින් ඉගෙන ගන්න පුළුවන්... මේකට ආවාම තමයි අරගලය මතක් වෙන්නේ..
බුද්ධික ඔයාගේ කතාව තමයි තිත්ත ඇත්ත ...
ඉස්සෙල්ලම කරන්න ඕනෙ පුද්ගලික රෝහල් වසා සියලුම වෛද්‍යවරු රජයේ රෝහල් වල වැඩ කරවන්න අපි පාරට බහින්න ඕන
ඔය මහ ලොකු ටෝක්ස් දුන්නාට අල්ලන්න වරෙන්තු යවන කොට මහ මොලකරුවන් පැත්ත පලාතෙ නෑ වෙන්ඩ දොස්තරල නිකම්ම ගිහින් බාර වෙනව .මෙන්න විප්ලව කාරයෝ අනික ඇතුලේ ඉන්න තරමට හොඳයි අධිකරනයටත් මේ හූනෝ අල්ලනවාට වඩා කිඹුල්ලු නෙ දැන් අල්ලන්න වෙලා තියෙන්නේ
හුගාක් අයගේ කොමෙන්ට්ස් හොඳයි මෙවැනි පුද්ගලයකු දොස්තර කෙනක් වුන දවසට කොයි තරම් පහත් මානසිකත්වයකින් වැඩ කරයිද,, අනික වැඩ වර්ජන උද්ගෝෂණ කඩාකප්ල්කාරිවීම හැර වෙන දෙයක් මේ අයගේ මනසේ නැත, මෙවැනි දරදඩු චරිතයක් ඇති බන්ධනාගාර ගතවුන අයට රජයේ රැකියා නොදීමට නීතියක් තිබිය යුතුයි.
රයන් පුතා කරුණාකරලා ඉගෙන ගන්න. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඇම කන්න එපා.
ජනතා දේපල හානියට ඇති උපරිම අවුරුදු විස්ස දීල මේකා ඇතුලෙම තිව්වොත් අපේ ළමයින්ට ඉගෙන ගන්නත් අපට කරදරයක් නැතුව කොළඹ පරවල යන්නත් පුලුවන් වේවි.