(මනෝප්රිය ගුණසේකර)
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමට තරම් සුදුසු සෞඛ්‍ය තත්වයක නොමැති බව බන්ධනාගාර රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා කොළඹ මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න මහතාට අද (27) ලිඛිතව දැනුම් දුන්නේය.
දින ගණනාවක් නිරාහාරව සිටීම හේතුවෙන් ඔහුගේ සෞඛ්‍ය තත්වය දැඩි ලෙස පිරීහී ඇති බව අධිකරණයට දැනුම් දුන් බන්ධනාගාර රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා ඔහුගේ සෞඛ්‍ය තත්වය නඟා සිටුවීම සඳහා තම නිලධාරීන් පියවර ගන්නා බවද දැනුම් දී තිබිණි.
හිටපු නියෝජ්‍ය අමාත්‍ය මයොන් මුස්තාපා මහතාට එරෙහිව අල්ලස් කොමිසමෙන් පවරා ඇති නඩුවකට අදාළව සාක්කි ලබාදීමට අධිකරණයේ පෙනී සිටින ලෙස වීරවංශ මහතාට සිතාසි නිකුත් කර තිබිණි.
මෙම නඩුව ජුනි 15 වැනිදා යළි කැඳවීමට විනිසුරුවරයා නියෝග කළේය.
2010 ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වු හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට ජාතික නිදහස් පෙරමුණේ සහය ලබා ගැනීමට එම පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතාට රුපියල් ලක්ෂ 42ක අල්ලසක් ලබාදීම ඇතුළු චෝදනා මත මෙම නඩුව පවරා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කන්නේ බොන්නේ නැතිව විහින් මැරෙන්න හදන අයට සේලයින් එකක් ගහලා ශරීරය ශක්තිමත් කරන්න පුළුවන් කියලා, හිතන්නවත් බැරි දොස්තරලාද මේ සිරි ලංකාවේ ඉන්නේ? බන්ධනාගාරයේ ඉන්න දේශපාලකයින්ගේ හොර හොයන්න කලින්, බන්ධනාගාර රෝහලේ ඉන්න හොර දොස්තරලා හිරේට දැමිය යුතුයි.
බලාගෙන යන කොට තුන්මුල්ලේ විමලේ ළඟදීම අඩි හයක් පොලොව යටට යන්න ගත් ප්රයත්නය හරි යන ලකුණු පේනවා. ලෝකයේ පළමු වරට කෙනෙක් මැරෙන්න ඉස්සර අඬා වැටෙන ජවනිකා මවා පෑවේ විමලේගේ බිරිඳයි දුවයි පමණක් කියා අපට හිතෙනවා. විවිධ චෝදනා වලට මුහුණපා, බන්ධනාගාරයේ හෝ බන්ධනාගාර රෝහලේ සිටින සැකකරුවන්ගේ වගකීම තිබෙන්නේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා අතේය. අවශ්‍ය ප්‍රතිකාර බලෙන් හෝ එන්නත් කර සැකකරුවන්ගේ සෞඛ්‍ය තත්වය නගා සිටුවීම ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා වගකීමක් නොවේද ?
ඇප දීල බලන්නකෝ ඔය නැති වෙච්ච සෞඛ්‍ය එකමොහොතෙන් ආපහු එන හැටි. පට්ටපල් හොර තක්කඩියා
බන්ධනාගාරයේ දොස්තර මාෆියාව තවමත් මාරු කරලා නැතිද?
කෑම වර්ජණය මුවාවෙන් දොස්තර මාෆියාවත් අල්ලගෙන පැන්න නේද රෝහල් වාට්ටුවට . ඒකනේ අපි කියන්නේ ලංකාවේ දේශපාලකයාට කළ නොහැක්කක් නොමැත කියලා.
මේක නරක පූර්වාදර්ශයක් විය හැකිය කිසිසේත්ම ඇප නොදිය යුතුයි.
හරි ආදායමක් නොතිබුනු මොහු දේශපාලනයේ පාලන බලයට හේත්තු වුනාට පසු මන්ත්‍රි වැටුපක් පමණමක්ම ලබාගෙන නම් අර තරම් සුඛෝපභෝගී මාළිඟාවක් ඉදි කරගෙන තිබෙන්නේ කෙලෙසද? රටේ සම්පත් අවභාව්ත නොකර වේතනයක් පමණක් ලබන දුප්පත් ජනයාටත් එවන් ගෙයක් දොරක් තනාගන්න එම ක්‍රමය කියා දෙනවා නම් ජනතාවට විශාල සහනයක් නොවේද? විමල් හරි කියා විමල් වෙනුවෙන් කඩේ යන කවුරුන් හෝ විමල්ගේ එම ක්‍රමය දන්නවා නම් ජනතාවට එය කියා දෙන්න පුලුවන් නම් මාර පිනක් ...
බන්දනාගර රෝහලේ තැබිලි වතුර නැද්ද?මෙයාට තැබිලි හොදට ඇගට අල්ලනවා.කලින් වතාවක තැබිලි දුන්න ගමන් නැගිට්ට. ලේමන්පෆ් එකකුත් කොට්ටෙ ගාව තිබ්බොත් ගොඩක් හොදයි.
උපවාසේ කරන්න පටන් ගන්නකොටම අපිට හිතුන ඔය හිටපු ටිකට ගඟේ මුදේ නාන්න බැරුව ගිහින් ඇති කියල? පවු! දැන් මීළඟ ඡන්දෙදි කොහොමද ඇමතිකමක්වත් ගන්නේ?
මෙයාට ඕනා විදිහටද රටේ පාලනය. හොරුන්ට දැඩි දඬුවම් ඉක්මනින් ඕනා. ගරු ජනාදිපතිතුමනි අපි වැනි අහිංසකයින්ට ක්‍රියාත්මක වෙන නීතිය මොහුටත් අදාළ විය යුතුයි නේද
මහලොකු චන්ඩි. එක වේලක් නොකැවොත් පාරේ යන්න පන නැහැ ලැජ්ජයි
දොස්තරලා කරන්නෙත් බොරුව විතරයි. බැරිද හොද විටමින් පෙත්තක් පොවලා පන්නල දාන්න රෝහලෙන්. චෙක් කරලා බැලුවොත් බිස්කට් එහෙම තියෙන්න පුළුවන්. අපිට බැරි උනානේ දේශපාලකයෙක් වෙන්න පට්ට සැප ගොඩක්නේ තියෙන්නේ මේ අයට.
තමන්ගේ පවුලේ පිරිවරට කෝටි ගානක අපේ වාහන දීපු හොර තක්කඩියා. බොරුවට උසාවි එන්න පන නෑ කියනවා නම් එතනට ගිහිල්ල හරි, මේ මිනිහ අවුරුදු 20 කට ඇතුලට යවලා අපේ නාස්ති කරපු සල්ලි ටික ගන්න.