(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
‘දිසා අධිකරණය - මහේස්ත්‍රාත් අධිකරණය නුගේගොඩ‘ ලෙස හැඟවෙන පරිදි ස්ටිකර් ගසා ගෙන පැමිණි මෝටර් රථයක් කැස්බෑව වෙළෙඳසැලක් අසළ නවතාගෙන සිටියදී එය පදවාගෙන පැමිණි පුද්ගලයා අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි.
මෙම මෝටර් රථයම වෙනත් පොලිසියකින් ඊයේ සවස අත්අඩංගුවට ගනු ලැබ නිදහස් කර යැවීමෙන් පසුව අද නැවතත් පිළියන්දල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහේස්ත්රාත්ලට බොන්න තහනම්ද? බීම හල්වලින් මත්පැන් මිලට ගන්නත් තහනම්ද? නොදන්නා නිසයි අහන්නේ. අනේ නීතිය දන්නා කෙනෙක් මේකට කොමෙන්ට් එකක් දාන්නකෝ.
සුපර් මාර්කට් එකකට ගිහින් පාරකින් එකේ වාහනේ නවත්තල ඇතුලෙන් මත්පැන් බෝතල් අරගෙන ආවොත් අල්ලනවද?
ඇත්තටම නානාවිධ බෝඩ් ගහගෙන මෙයාලට මාර්ග නීති උල්ලංගනය කිරීමට වරම් දීල තියෙන්නේ කවුද ? සමහර ව්‍යාපාරිකයෝ එයාලගේ වාහනවල දොස්තරලගේ පෙරකදෝරුවන්ගේ ලේබල් වාහනයේ අලවාගෙන මාර්ග නීති උල්ලංගනය කරනවා. පොලිසියත් අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න බැරිකමට සද්ද නැතිව ඉන්නවා. කාලයක් VIP ලේබල් රාජ්‍ය ලාංඡනය සමග ගහගෙන දේශපාලන හෙන්චයියෝ වාහනවල ගියා. නීතියට අනුව රාජ්‍ය ලාංඡනය වාහනයක පලන්දවීමේ බලය ඇත්තේ ජනාධිපතිට විතරයි. මේ දේවල් නවත්වන්න ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය කැපවිය යුතුයි. මොකද මේ ආයතන තුනම දරන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය මිස අන් කවර බලයක්වත් නොවන නිසා.
මේ වගේ තවත් දෙයක් තියෙනවා. පුද්ගලික නිවාස, සාප්පු ඉදිරියේ, වාහන නැවැත්වීම තහනම්, නැවැත්වීම ගනුදෙනු කරුවන්ට පමනයී කියලා, නගර සභා පාරේ ගහලා තියෙනවා. ඒවත් නීති විරෝධියී නේද ?