‘රටක අධිකරණයක් පවතින්න ගොඩනැගිලි තිබුණාටම ප‍්‍රමාණවත් වන්නේ නෑ. ජනතා විශ්වාසය අත්‍යවශ්‍යයි. ඒ විශ්වාසය දිනාගැනීමට විධායකයත්, ව්‍යවස්ථාදාකයත් , අධිකරණයත් තුනම කැපවීමෙන් කටයුතු කළ යුතුයි‘ යැයි අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අද (04) හෝමාගම නව අධිකරණ සංකීර්ණය විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් කීවේය.

‘අධිරණයට තිබෙන ප‍්‍රධාන චෝදනා දෙකෙන් එකක් තමයි නීතියේ ස්වාධිපත්‍යය නෑ කියන කාරණාව. මේ චෝදනාව අපිට දේශිය වශයෙන් වගේම ජාත්‍යන්තර වශයෙනුත් පහුගිය කාලයේ ඉදිරිපත් වුණා. අධිකරණය ස්වාධින කරන්න අපේ විනිසුරුවරුන් වගේම නීතිඥයින්ද කාලයක් සටන් කළා. දෙදාස් දොළහ දහතුළ වසරවල ඉතිහාසයේ කවදාවත් නොකළ හැටියට අපි අධිකරණ වර්ජනය කළා.මන්නාරම අධිකරණයට ගල් ගහනකොට, විනිසුරුවන්ට දුකරථනයෙන් තර්ජනය කරනකොට, අධිකරණය සේවා කොමිසන් සභාවේ මහ දවල් ආරක්ෂක කලාපවලදීම පහර දෙනකොට ආණ්ඩුක‍්‍රම ව්‍යාවස්ථාව උල්ලංඝනය කරමින් අගවිනිසුරු තනතුරෙන් පහ කරනකොට අපිට සටන් කරන්න සිදුවුණා. එසේ කළේ විනිසුරුවන් හැටියට වත් නීතිඥයින් හැටියට වත් විශේෂ ලාභ ප‍්‍රයෝජනයකට නොව මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කරගන්නයි. නීතියේ ආධිපත්‍යය කියන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයි. ඒ නිසා නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම කියන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැතිවීමයි‘ යැයි ද ඒ මහතා සඳහන් කළේය.

DSC_0472 DSC_0484 DSC_0502