IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


‘අධිකරණයේ ගරුත්වය රකින්න‘

ජනපතිවරණයදා අරලිය ගහ මන්දිරයේ සිටි බවට අග විනිසුරු මොහාන් පීරිස් පිළිගැනීම ගැන තම වික්ෂිප්ත භාවය පළ කරන අධිකරණ සේවා සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසනුයේ අග විනිසුරු ගරුත්වය හා උත්තරීතර භාවය සුරැකෙන ආකාරයෙන් අග විනිසුරු ක්‍රියා කරනු ඇතැයි බලාපොරොත්තුවන බවයි.

මෙම සංගමය මහේස්ත්‍රාත්වරුන්ගෙන් හා දිසා විනිසුරුවරුන්ගෙන් සමන්විත වේ.

ජනවාරි 8 වැනිදා ජනපතිවරණයේ ප්‍රතිඵලය නොතකා හිටපු ජනාධිපතිට ධුරයේ රැඳී සිටීම සඳහා සාකච්ඡාවක් පැවැති බව කියන අවස්ථාවක අග විනිසුරු අරලිය ගහ මන්දිරයේ සිටි බවට රහස් පොලිසියට කළ පැමිණිල්ලකින් පසුව ආරම්භ කළ පරීක්ෂණය ගැන අධිකරණ සේවා කොමිසම දැඩි කනස්සල්ල පළ කරන බව එහි විධායක සභාව ඒකමතිකව තීරණය කර ඇත.

අපරාධයකට සම්බන්ධ වීමේ ඉඩකඩ කෙසේ වෙතත් අරලිය ගහ මන්දිරයේදී කුමන්ත්‍රණයක් සිදුවූයේ යැයි කියන වේලාවේ අග විනිසුරු එහි සිටීම ගැන තම සංගමය වික්ෂිප්ත භාවය පළ කරන බවද මෙවැනි වැදගත් ප්‍රශ්නවලදී අධිකරණය පරම හා ඒකාන්ත ලෙසම අපක්ෂපාතී වීම වැදගත් බව සංගමය අවධාරණය කරයි.

එවැනි අවස්ථාවලදී අපේ රාජකාරිය විය යුත්තේ දේශපාලන හා විධායක තීන්දු තීරණවලින් ඉවත්වී සිටීම බවත් සංගමය අවධාරණය කරන බව එහි ලේකම් රංග දිසානායක මහතා මෙම නිවේදනයෙන් කියයි.

 

 

 



අදහස් (0)

‘අධිකරණයේ ගරුත්වය රකින්න‘

පත්මසිරි මාපලගම Monday, 26 January 2015 08:54 AM

අධිකරණයේ ගරුත්වය රකින්න තබා තමාගේ ආත්ම ගෞරවය රැක ගන්නවත් ඕනේ කමක් නැහැ වාගේ (බ)

:       0       0

ආනන්ද ආර් Monday, 26 January 2015 09:58 AM

වෙන කාටහරි කඩේ ගිය නඩුකාරතුමෙක් ගැන මේ ඇහුවාමයි.(හේ)

:       0       0

ජයසේන Monday, 26 January 2015 10:09 AM

ගෞරවය කියන එකේ නීතිමය තේරුම කුමක්ද? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 96 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 144 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site