අධිකරණයේ ඉහළම නිලයක් දරන්නකුගේ පහර කෑමට ලක්වූ බව කියන ඔහුගේ නිවසේ සේවිකාවක කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.
පසුගිය 15 වැනි දා නිවසේ සේවයට තමා පැමිණි බවත්, එතැන් සිට නිවසිට පිටතට යෑමට නොදී රෝගී දරුවකු බලා ගැනීමට බාර දී ඇති බවත්, දරුවා නිතර පහර දෙද්දී අධිකරණ නිලධරයාද බලා සිටිමින් තමාට පිස්තෝලයෙන් පහර දෙන බවත් එම කාන්තාව පොලිසියට පැමිණිලි කර තිබේ.
මීට දිනකට පෙර ද අදාළ නිලධරයා එක දිගට පිස්තෝලයෙන් පහර දී ඇති බව කියන කාන්තාව ඒ නිසා අත ගෙඩි ගැසි ඇති බව ද සඳහන් කරන්නීය.
ඇය පොලිස් ආරක්ෂාව යටතේ කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කරයි.
මේ තැනැත්තා මීට පෙර පොලිස් කොස්තාපල්වරයකුට ද පහර දී ඇති බවට පැමිණිලි ලැබුණු බව පොලිස් ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කෝ කාන්ත සංවිධාන කවුද මෙයාලට ඩොලර් දෙන්නේ වහාම ඉදිරිපත් වන්න "කාන්ත සංවිදාන සටනට සුදානම් " කරුමේ කියන්නේ මේකට ඩොලර් දෙන්න කෙනෙක් නැ අනේ. (අ)
සමහරු හිතන්නේ දුප්පත් මිනිස්සු කියන්නේ අමුතු සත්තු ජාතියක් කියල. අර සමහරු තර්ක කරන්නේ කුකුල්ලු, හරක්, උෟරෝ ඉන්නේ මිනිස්සුන්ගේ ආහාර පිණිස කියල. ඒවගේම දුප්පත්තු ඉන්නේ දුක්විදින්න කියල. දුප්පතෙක් ගහෙන් වැටුනට එතරම් දෙයක් නොවෙයි. හැබැයි බෙන්ස් කාර් එකක යන නෝනා කෙනෙක් හෝ ටයි කෝට් දාපු මහත්තයෙක් හැප්පුනොත් පවු කියල. මේ වහල් මානසිකත්වය වහා වෙනස් විය යුතු කාලය පසුවී ඇතත් අපි තවමත් සිටින්නේ පසුගාමී අදහස්වලය. (බ)
මුකුත් වෙන්නෑ. මහා විනිසුරුවරයෙකුට විරුද්ධව නඩුවක් ගෙනිහින් දිනන්න තරම් සීලාචාර නීතිගරුක රටක් කියල හිතනවද ලංකාව? හෙට අනිද්දා ඔය සේවිකාව කියයි එයාම තුවාල කර ගත්ත කියල...සමහරවිට ඊ ළඟ පාර මෙයා අග විනිසුරු වෙයි...මිතුරනි කියවන්න ලංකාවේ ඉතිහාසය. මීට ඉස්සර විනිසුරුවරු දරුවන් දූෂණය කරපු අයත් අද මහා විනිසුරුවරු වෙලා ඉන්නවා...දුෂිතයන් මිනී මරුවන් අගවිනිසුරු වෙලත් ඉන්නවා. (බ)
සත්‍යපාල ...ඔබ සීයට සීයක් හරි..එ්ත් තව ටිකක් සැරට ලීවනම් හරි...(බ)
කවුද මේ ? මහාධිකරණ විනිසුරුවෙක් නෙමේ මම හිතන්නේ.(බ)
වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව. (නදී)
කොකා දිය පාරක් අද්දර උපාසකයෙක් වගේ පෙනුනට අනුන්ව මරාගෙන කන සතෙක්නේ. (නදී)
ගණන් ගන්න එපා, හැබැයි සමහර සර්වන්ට්ස් කරන දේවල් වලට ගහන්න නොවේ මරන්න හිතෙනවා. ඒවා දන්නවා සර්වන්ට්ස් ලා ඉන්න කට්ටිය (නදී)
අපි වගේ කෙනෙක් මෙහෙම කළානම් මෙලහට බලු කූඩුවේ (බ)
වැරදිලාවත් මෙහෙම වැඩක් විපක්ෂ දේශපාලකයෙක් කළානම් අල්ලාගෙන ගිහින් වැලිකඩ රිමාන්ඩ් එකේ , මේ මහාධිකරණ විනිසුරු වරයා අද ඊයේ නෙවේ මිනිස්සුන්ට පහර දෙන්නේ , තරහ ගියහම ඔහුට ගෑනු , පිරිමි බාල මහලු කියල වෙනසක් නැහැ හැමෝටම පහර දෙනවා , මහාධිකරණ විනිසුරනුත් අර විධායක ජනාධිපතිලා වගේ අධිකරණය ඉදිරියට ගෙන එන්න බැරිද?(බ)
මේවා යන තැනට එකතු කරගන්න ගමන් වියදම් (බ)
මහානාම දැන්වත් හැදෙන්න බලනවා හොඳයි. ඔබලා නීතිය අතට ගන්න කලින් සේවකයින්ට සේවය කරන්න දැනුමත් විය යුතුයි. එපා නම් ඉවත් කරනවා මිස දඩුවම් දීමේ අයිතියක් නෑ. වහා මොහුට එරෙහිව නීතිමය කටයුතු කල යුතුයි. (නදී)
මහානාම, වැඩට ඉන්න අයට අමනුසිකව වද හිංසා දෙන එක නෙවෙයි විසඳුම. ඉන්න කෙනා හොඳ නැත්නම් , හොඳද කෙනෙක් හොයාගන්න. පොලිසිය මහනාමගේ ගෙදරටත් යනවා නම් හොඳයි. සේවකයන්ට කතා කරලා බලන්න.(නදී)
වයිකෝ මහතා , මම ඒ දේ අනුමත කළේ නැහැ, මම ඒ වගේනම් කරන්නෙත් නැහැ ,පසුගිය මස ඇතුලත අපේ ගෙදරට සර්වන්ට්ස් ලා 4 දෙනෙක් ආවා , එක එක්කෙනා ගියා දවස් 2 ක් ඇතුලත , අපි ඉතින් බ්‍රෝකර් ගාස්තු හා ගමන් ගාස්තු දෙන්න ඕනේ , විශ්වාස කරයිද මන්දා ඔබතුමා . කොහොම නමුත් මම නම් ගහන්න යන්නේ නැහැ , මොකද පොලිසි යන්න බැරි නිසා (බ)
මිස්ටර් රත්නායක අැයි මේ කලබල වෙලා ලස්සනට වැදගත් විදිහට උපදෙස් දෙන්නකෝ. ඔබතුමා සර්වන්ට්ස්ලා ගැන දැනුවත් මදි. එහෙම නැතිනම් පාඩම් ඉගෙන ගෙන නැහැ. දැන් මේක බිස්නස් එකක්. සල්ලි අරන් බ්‍රෝකර් යනවා දවස් දෙකෙන් කෙල්ලට ගෙදර යන්න ඕනේ කියලා උගන්වලා. මොනවා හරි කිව්වොත් පොලිසි යනවා, නැත්නම් මානව හිමිකම් යනවා. ඒවාට කට්ටිය ඉන්නවා. මේවා දන්නා අය දන්නවා. කොහොම නමුත් අපි නම් සල්ලි ඩීල් යවනවා මොකුත් නොවේ පොලිසි ගානේ උසාවි ගානේ යන්න බැරි නිසා. ඔබතුමා වැඩිය කේන්ති නොගෙන මේ ගැන හොයා බලන්න (නදී)
බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ , පොලිසියත් අසරණයි ,මේවට තමා මානව හිමිකම් සංවිධාන තිබෙන්නේ , ඔබලා නිදිද ? ජිනීවා යන්න කතා කරානම් බැගෙජ් ලැස්ති කරගෙන මේ වෙනකොට කටුනායකත් ගිහින් (බ)
හතර දෙනෙක්ම දවසෙන් දෙකෙන් ගියානම් ගෙදර මොකාක් නමුත් ප්‍රශ්නයක් තියෙනවා (නදී)
මොන ප්‍රශ්න සේවිකාව සමඟ තිබුණත් නිතිය දන්නා මිනිස්සු වශයෙන් කිසිම නීති විරෝධී වැඩක් කරන්න බැහැ.(ම)
නම දාන්නකෝ අපිටත් දැනගන්න (නි)
මෙයා ඉන්දියාවේදී ලංකාවේ තවත් ඉහළ අධිකරණ නිලධාරියෙකුට පහර දීලා ලොකු ගාලගෝට්ටියක් කරලා තියෙනවා.(ම)
මාලි නෝනා දන්නේ නැහැ සර්වන්ට් ඒජන්ට්ස් ලා ගැන හා සර්වන්ට්ස් බිස්නස් ගැන. බ්‍රෝකර් ගෙනාවා අද කොමිසන් එක ගන්නවා යනවා. සර්වන්ට්ස්ලාට අසනීප වෙනවා , ගෙදර උදවිය ට අසනීප වෙනවා . ගිහින් දවස් දෙකෙන් එන්නම් කියනවා . තාම නැහැ. ඊට පසු බ්‍රෝකර් වෙන ගෙදරකට දානවා . බිස්නස් එක දිගටම යනවා.කොහොම නමුත් මම දැම්මේ. " ගණන් ගන්න එපා මේ යහපාලනේ අන්තිම කාලේ " කියල සහ ඉතිරි කොටස . කොහොම හරි එඩිටර් මහතාට කතුරට අහුඑල යහපාලන කොටස. කොහොම නමුත් ආයේ මේ ගැන ලියන්නේ නැහැ .කොමෙන්ට්ස් දාපු ඔක්කොමට ම තුති (බ)