
(මනෝප්‍රිය ගුණසේකර)
අලි මිනිස් ගැටුම වළකාලකාලීමේ අරමුණින් තනා ඇති අලි අගල් වල වර්තමාන තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට ් ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය.
අලි අගල් කැපීමට එරෙහිව පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස නියෝග කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන දිලීප් නවාස්, අර්ජුන ඔබේසේකර සහ අචල වෙන්ගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිණි.
පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තකරුවන් වශයෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.
වන සංරක්ෂණ කලාප ආශ්‍රිතව අලි අගල් කැපීමේ මුවාවෙන් මහාපරිමාණ වැලි ජාවාරමක් කරන බවත් පරිසර සහ වන විනාශයක් වන බවත් සඳහන් කරමින් පරිසර යුක්ති කේන්ද්‍රය මෙම පෙත්සම ගොනු කර ඇත.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ මහතා කරුණු දක්වමින් අලි අගල් වල වර්තමාන තත්ත්වය පිළිබඳව තමන් කිසිවක් දන්නේ නැතැයි කීය.
මේ සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි පිටපතක් පෙත්සම්කාර පාර්ශවයන්ට බාරදෙන ලෙස ද නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 18
690
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
331
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අධිකරණය අලි අගල් ගැන වාර්තාවක් ඉල්ලයි