(තරිඳු ජයවර්ධන සහ ඉන්දිකා රාමනායක)
සයිටම් ජන සතු කරන ලෙස බලකරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කරන විරෝධතාව පස්වරු 2.00ට පමණ කොටුව දුම්රියපළ ඉදිරිපිටින් ආරම්භ වීමට නියමිතය.


පෙළපාලි පැවැත්විම සහ පා ගමන් තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙක් අහඟහරුවාදා (16) තහනම් නියෝග නිකුත් කර තිබියදීත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩල සහ වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කම්ටු සාමාජිකයෝ 3000 පමණ සයිටම් විරෝධි පා ගමන යාම සඳහා කොටුව දුම්රිය ස්ථානයට පැමිණ සිටිති.




ගාලු පාර,ලෝටස් වට රවුම මේ වන විට අවහිර කර ඇත. පාරේ එක් මංතීරුවක් පමණක් වාහන ගමනාගමනයට ඉඩ තීබේ.

ලේක් හවුස් වටරවුමින් කොම්පඤ්ඤ වීදිය දෙසට පාගමන පැමිණෙයි.

කොම්පඤ්ඤ වීදිය පසු කළ පාගමන මේ වන විට පුරහල දෙසට ගමන් කරමින් සිටී.



(ජායාරූප - තරිදු ජයවර්ධන)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා හරිම විහිලු වැඩ . අධිකරණ නියෝගයක්වත් නොතකන තරමට මේ සිසුන්ගේ ආකල්ප පිරිහිලා, මෙයාල මේ කරන්නේ අපිට මිනිස්සුන්ට ආදරේට නෙවෙයි. පිස්සුවක් මේ කරන්නේ.
අධිකරණ නියෝග නොතකා කටයුතු කරන ඕනෑම කෙනෙකුට දඬුවම් හිමිවිය යුතුයි. එහෙම නැත්නම් නීති ගරුක සමාජයක් හදන්නේ කොහොමද? රජයට හරියට නීතිය ක්‍රියාත්මක කරන්න බැරි නම් මොකටද බලයේ ඉන්නේ?
ඔබ සැමට සාමාන්‍ය ජනතාවගේ ආශිර්වාදය නිතැතින්ම ලැබේ. ඔබගේ ඔය උත්සාහය කිසි ලෙසකින්වත් අත් නොහරින්න. ඔබට ජය.
මේවා සංවිධානය කරන විනය සහ නීතියේ ආධිපත්‍යට හිස නොනමන පිරිස් අධිකරණය හමුවට ඉදිරිපත් කර ප්‍රජා හිමිකම් නැතිකළ යුතුය. මෙය ත්‍රස්තවාදී ක්‍රියාවකි. ප්රභාකරන් සහ මොවුන් අතර වෙනසක් නොපෙනේ.
රජය අපහසුතාවයට පත්කිරීමට එදිරිවාදීන් යලිත් වරක් පාරට බැස ඉන්නා බව මේ පින්තුර වලින් පැහැදිලිවම පේනවා ! රටේ නීතිය තඹදොයිතුවකටවත් මායිම් නොකර, වැඩ කරන ජනතාවට අති විශාල බාධක පමුණුවමින් විරුද්ධතා පවත්වන මේ ගෝලයන් පසුපස සිටින බලවත් හස්තය සොයා දඬුවම් නොදුනහොත් මෙවැනි කටයුතු කොහෙන් හමාර වෙයිද කියා දන්නේ උඩ ඉන්නා දෙවියෝ තමා !!!
අධිකරණ නියෝග කඩකලාට දැඩි දඬුවම් දිය යුතුයි.
ඔය විදිහට ගියොත් උසාවි මහජන ගෞරවයෙන් ඇත වෙයි, ඒක කරගන්නේ උසාවියම තමයි. දැන් ඔය ආපු ඔක්කොම හිරේ දාන්නද?
ඔවුන්ගේ හැටි ඔහොම තමා. හැමදාම එක්කෝ උද්ගෝෂණ නැත්නම් වර්ජන.
මැයි පෙළපාලි හොඳනම් ඇයි මේවා නරක. ළමයි පාඩුවේ පාර අයිනෙන් ගියා. පොලිසිය තමයි පාර වහල ළමයිට සත්තුන්ට වගේ ගැහුවේ. ඔන්න යහපාලනයේ තරම. සාමකාමී උද්ගෝෂණය කිරීම ප්රජාතන්ත්රවාදී අයිතියකි.
ඉක්මනට විශ්ව විද්‍යාල කටයුතු අවසන් කරලා රස්සාවක් පටන් අරන් ගෙදරට සපෝර්ට් එක දෙන්නේ නැතුව, ඕවා කර කර ඉන්නකෝ !! හරි වැරැද්ද බලන්න රටේ අදාළ ආයතන තියෙනවා !! මේක ඔයාලට කොහොමත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි ළමයි !!
නුසුදුස්සෝ පාලන තන්ත්රයේ ඉන්න නිසයි මේවගේ දේවල් වෙන්නේ.
මේ රටේ ආණ්ඩු නීතිය රකින හැටි අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. මේ අහිංසක ශිෂ්‍යයෝ පාරේ වේලෙන්නේ අපේ අනාගතේ සුරක්ෂිත කරන්න මිසක් සයිටම් එකට කඩේ යන දේශපාලුවෝ වගේ සල්ලි වලට නෙමේ. අර යාපනේ කොටි සැමරුම් වලට දෙකට තුනට නැමෙන නීතිය අපේ මේ අයට නැමෙන්නේ නැහැ. මෙහෙමවත් කෑ ගහන්න හිටියේ නැත්තන් මේ දේශපාලකයෝ මුළු රටම විකුනයි.
නීතියට පිටුපා ක්‍රියා කිරීමට ඉඩ දුන්නොත් රට විනාසයි. පසුගිය සතියේ අත්අඩංගුවට ගත්ත මදි. ඊළඟ පෙළපාලිය නාවන්න බේරේ වතුර පාවිච්චි කළොත් හොඳයි.