ශාන්ත රත්නායක
ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් නීතිය ඉදිරියට පමුණුවාලීම වැළැක්වීමට අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා මැදිහත්වූ බව කියමින් පුද්ගලයකු සමාජය මාධ්‍ය වෙත මුදා හැර ඇති වීඩියෝවක් ගැන පරීක්ෂණ පවත්වන ලෙස ඉල්ලමින් ජාතික බල සේනාවේ මහ ලේකම් වටරැක විජිත හිමියෝ අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කළහ.
ඥාණසාර හිමියන් අධිකරණ ඇමැතිවරයා හමුවීමට ගිය අවස්ථාවේ තමා ද එම ස්ථානයේ සිටි බව මලික් විජේනායක නම් එම පුද්ගලයා ප්‍රකාශ කරන බව වටරැක විජිත හිමියන් කළ පැමිණිල්ලේ දැක්වේ.
එම පුද්ගලයා කරන ප්‍රකාශය සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් සිදු කරන ලෙසත්, පරීක්ෂණය අනුව ඔහුගේ ප්‍රකාශය සත්‍යනම් ඥාණසාර හිමියන්ට නීතිය ක්‍රියාත්මක නොකළ පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් විජිත හිමියෝ ඉල්ලති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු කවුරුත් එකතුවෙලා අපේ ජාතියයි ආගමයි දෙකම වලපල්ලටම යවන්න.
කතාව ඇත්ත. පොලිසියේ ක්‍රියාකාරිත්වයත්, අධිකරණ අමාත්‍යවරයාගේ පක්ෂග්රාහිත්වයත් නිසාම ජනතාවට නීතිය පිලිබඳ විශ්වාසය බිඳ වැටීමකුයි එදා සිදුවුනේ. එදා පාර්ලිමේන්තුවේ ඇවන්ගාඩ් විවාදයේදී " රාජපක්ෂවරු අත්අඩංගුවට ගන්න දෙන්නේ නැහැ" කිවූ එකී අමාත්‍යවරයාගේ ප්රකාශයෙන්ම පිළිබිඹු වුනා මොහු ඉන්නේ කා සමඟද කියලා. ඕකට තමා කියන්නේ, " අඟේ ඉඳන් කණ කනවා " කියලා.
අනේ මන්දා ... සිවුරු දමාගෙන කරන විගඩම් කියලයි කියන්න වෙන්නේ.
මොකක්ද දෙයියනේ මේ ජාතික බල සේනාව? හාමුදුරුවොත් දැන් බල සේනා හැටියට සංවිධාන වෙනවද? තුවක්කුව කෝ? චීවරය පසෙකින් තියලා හමුදාවට බැඳෙන්නයි තියෙන්නේ!
ඒක නම් මාර වැඩක් නේ...