
(අංජුල මහික වීරරත්න)
ත්‍රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පත, මාර්ගගත ආරක්ෂණ පනත, ඇතුළු ශ්‍රී ලංකාවේ සිදු වන නව නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබදව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා එක්සත් රාජධානියේ නීතිපති රාජ නීතීඥ වික්ටෝරියා ප්‍රෙන්ටිස් මහත්මිය දැනුවත් කළේය.
මෙම හමුව සිදු වූයේ එක්සත් රාජධානියේ දී ය.
එක්සත් රාජධානියේ සිටින ශ්‍රි ලාංකික නීතිඥයින් විසින් ඉටු කරන වැදගත් කාර්යය භාරයයන් පිළිබදවත්, ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන් අවශ්‍ය විශේෂඥ සහාය ලබාදීම පිළිබදවත් නීතිපතිවරිය අධිකරණ අමාත්‍යවරයා දැනුවත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් රෝහිත බෝගොල්ලාගම, ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ උපදේශිකා හිරුණි රාජපක්ෂ සහ ජාතික සමගිය හා සංහිඳියාව පිළිබඳ කාර්යාලයේ (ONUR) සභාපති චරිත් මාරඹේ මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක් වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ අධිකරණ ඇමති එක්සත් රාජධානියේ නීතිපති හමුවෙයි. අධිකරණ ඇමතිගේ පිටි පස්ස ඉන්න ලංකාවේ මහ කොමසාරිස්ට එරහිව බරපතල වංචා නඩු දෙකක් තියනවා. විලි ලැජ්ජයි. රටේ ජනාධිපතිට මෙයාට වඩා පිරිසුදු මිනිහක් මේ රටේ නැද්ද මෙම මහ කොමසාරිස් දුරය්ට පත් කරන්න?
අපූරුවට නීතිය ක්‍රියාත්මක වෙන එංගලන්තෙටත් වඩා ගැස්සෙන්නයි යන්නේ. ඕකට අපි නම් කියන්නේ අපල කාලය කියලා.
අපේ හාදයාගේ ලුණු ගොරකා මදි ඒ නෝනාව තම්බන්න, එක උගුරට ගුඩුස් ගාලා ගිලිවි...