නැවත දන්වන තුරු උතුරුමැද පළාතේ පවතින දැඩි හිරු රශ්මිය හේතුවෙන් සියලුම පාසල් ලබන සඳුදා සිට පස්වරු 12 ට අවසන් කරන බව උතුරුමැද අධ්‍යාපන අධ්‍යක්ෂක ඊ.එම්.එන්.ඩබ්ලිව්. ඒකනායක මහත්මිය පැවසුවාය.
අධික උෂ්ණත්වය නිසා දරුවන් කිහිපදෙනෙකුම ක්ලාන්ත වීම හේතුවෙන් මෙම පියවර ගත් බව ඇය සඳහන් කළාය.
අද පස්වරු 2 වන විට අනුරාධපුරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 36 ක් ද පොළොන්නරුවේ සෙල්සියස් අංශ 35 ක් කොළඹ සෙල්සියස් අංශක 33 ක් ද වේ.
මීට පෙර අනුරාධපුරයේ සෙල්සියස් අංශක 38 ක් දක්වා ඉහළ ගොස් තිබිණි.
වවුනියාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශ 38 ක් වේ. මෙය දිස්ත්‍රික්කවල වාර්තා වන ඉහළම උෂ්ණත්වය වේ. යාපනයේ උෂ්ණත්වය සෙල්සියස් අංශ 32 ක් වේ.
අනුරාධපුරයේ සහ පොළොන්නරුවේ සිසුන් 12 දෙනෙකු ක්ලාන්ත වී අසනීප වු බව වාර්තා වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මම දන්නේ නැහැ සෙල්සියස් අංශ 45- 50 තිබිය දීත් අපි අරාබි කාන්තාරයේ මැනීම් කටයුතු කලා. (ර)
අපි පොඩි කාලේ උෂ්ණත්වය ගැන කව්රුවත් කතා කලේ නැහැ .නිවාඩු දවස් වල සහ පාසල් කාලයෙන් පස්සේ අපිට ගෙදර මතක් වෙන්නේ බඩගිනි උනාමයි .දැන් කාලේ ළමයින් කුඩා කාලයේ සිටම ගෙවල් වලට හිර කරගෙන සිටීමේ ප්‍රතිඵල තමා මේ . අපිට ඒ කාලේ කලන්තේ හැදුනේ රස්නේටවත් සීතලටවත් නොවෙයි , මොනවා හරි නරක වැඩක් කරලා ගුරුවරුන්ට හරි දෙමව්පියන්ට හරි අහු උනාමයි. (ර)
ඇයි පාසල් විතරක් සියලුම ආයතනත් 12ට වැහුවනම් හොදයි. මේ රස්නය තියෙද්දි කොහමද රාජකාරි කරන්නේ. අපරාදේ ෆෑන් වලටයි AC වලටයි බිල් ගෙවන්නේ. 12න් පස්සේ රාජකාරි කරන එක හරිම අමාරුයි. (ර)