ව්‍යාපාර කිරීමට සුදුසු රටවල් 146ක් අතරින් ශ්‍රී ලංකාව 89 වැනි ස්ථානයට පත් ව ඇතැයි ජාත්‍යන්තර ෆෝබ්ස් සඟරාව කියයි.
විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් විසින් උපැයෙන මුදල් හේතුවෙන් ශ්‍රී ලංකාවට මෙම ස්ථානයට පත්වීමට හැකි වී ඇතැයි සඟරාව සඳහන් කරයි
දශක තුනක් පුරා පැවැති යුද්ධය අවසන් වීමෙන් මහා පරිමාණ යළි ඉදිකිරීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නගා සිටුවීම, යුද්ධයෙන් හානියට පත් වූ ප්‍රදේශවල සංවර්ධන ව්‍යාපෘති ඉදිකිරීම, කෘෂිකාර්මික නිෂ්පාදන නගා සිටුවීම ශ්‍රී ලංකාවේ ආර්ථීකයේ දැකිය හැකි යහපත් ආර්ථීක ලක්ෂණ යැයිද වාර්තාව එළි දක්වමින් එම සඟරාව සඳහන් කර ඇත.
මෙරට ආර්ථීකයේ සෘණාත්මක ලක්ෂණ ලෙස රජයේ අධික ණය බර , විශාල අයවැය හිඟය යන කරුණු පෙන්වාදෙන එම සඟරාව, පහළ බදු ආදායම් හා අති විශාල වෙළෙඳ හිඟය ශ්‍රී ලංකාවේ පසුබැසීමට ප්‍රධානතම හේතු ලෙස පෙන්වාදෙයි.
ෆෝබ්ස් සඟරාව මෙම වාර්තාවේ සකස් කර ඇත්තේ නිර්ණායක 11කට අවධානය යොමුකරමිනි. එම නිර්ණායක වනුයේ, දේපොළ හිමිකම, නවෝත්පාදනය, බදු, තාක්ෂණය, දූෂණය, නිදහස (පෞද්ගලික, වෙළෙඳ හා මූල්‍ය), නීති රෙගුලාසි, ආයෝජක ආරක්ෂාව, කොටස් වෙළෙඳ පොළේ ක්‍රියාකාරීත්වයයි.
ෆෝබ්ස් සඟරාව මෙම වාර්තාව වසර නවයක කාලයක සිට නිකුත් කරන අතර මෙවර එහි ප්‍රථම ස්ථානය දිනාගැනීමට සමත් වී ඇත්තේ ඩෙන්මාර්කයයි. 2008 හා 2010 වසරවලදීද ව්‍යාපාර කිරීමට සුදුසු රටවල් අතරින් ප්‍රථම ස්ථානය දිනාගැනීමට ඩෙන්මාර්කය සමත්විය.
හොංකොං, නවසීලන්තය, අයර්ලන්තය, ස්වීඩනය, කැනඩාව, නෝර්වේ, සිංගප්පූරුව හා ස්විට්සර්ලන්තය මෙම ලැයිස්තුවේ පළමු රටවල් දහය අතර පත්වීමට සමත්ව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාව චීනයට ට්‍රිලියන තුනක් ණයවෙලා ඉන්නේ .ලෝකෙට පරකාසේ.(හේ)
ඇත්ත,රටේ දුප්පතාට තමයි මේ බර කරගහාන්න වෙලා තියෙන්නේ.(හේ)
ණය බර නම් දරාගන්න බැරි සිමාවකයි තියෙන්නේ. (නි)
ඇත්තෙන්ම බැලුවොත් ලංකාවට කවුරුවත් එන්නේ නැහැ ව්‍යාපාර වලට. ඒ නීතියක් නැති නිසා. ව්‍යාපාර පටන්ගත් මිනිසුන්ටත් දැන් වහකන්න වෙලා. (නි)
අධික ණය බර කියා උලුප්පා දැක්වුවාට පෝසත්ම රටක් වූ ඇමරිකාවේ ණය බර ප්‍රතිශතකය් විදියට 101.53 % ක්. ලංකාවෙ ණය රට අඩපණ වෙන්න තරම් ලොකු දෙයක් නෙමෙයි. (නි)
ආයෝජකයින්ට එන්න බැරි හේතුව තමයි ඔවුන්ගෙන් කොමිස් ඉල්ලනවා. රාත්‍රී සමාජ ශාලාවල්වලට ගියානම් ගුටි කන්න වෙනවා. (නදී)
අනුන්ගේ ණය බරක් අපිට කුමකටද? අපි ණයනැතුව තුන් වේල කාලා ඉන්නවද බලන්න පාට කණ්ණාඩියෙන් බලන්නේ නැතුව.අඟල් 60 ටීවී ,හෝම් තියටර් සිස්ටම් ,රුපියල් ලක්ෂයට වැඩි ජංගම දුරකතන, ලිමෝසින් කාර් අපි ණයට ගේනවා. (නි)
කියවලා බලන්න මෙම සඟරා, එක එක්කෙනාගේ කටවල් වලට රැවටෙන්නේ නැතුව (නි)
පසුගිය ෆොර්බ්ස් සඟරාවේ ලෝකයේ සංචාරකයන් සඳහා මිල අඩුම රටවල් දහය අතරට ලංකාව ඇතුළත් කර තිබුනා. එතකොට ෆොර්බ්ස් සඟරාව "ලෝකයේ ඉහළ පිළිගැනීමක් ඇති, අති විශිෂ්ට ජාත්‍යන්තර සඟරාවක්" ලෙස හඳුන්වා දුන්නා. දැන් මේ සඟරාවේ අලුත්ම කලාපයේ ලංකාවේ ණය බර ගැන පළකළාට පස්සේ ඒ සඟරාව ගැන කෙසේ හඳුන්වා දෙයිද දන්නෙ නැහැ (නි)
දැන්ද මේවා මතක් වුණේ? යුරෝපීයයන් කවදාද හරි දෙයක් කිව්වේ? (නි)
සිංගප්පූරුව,හොංකොං වැනි යුරෝපීය රටවල් හැර අන් ආසියාතික රටවල කරන කියන දේවල් හොඳ නැහැ.ඒකනේ මේ අය එක එක දර්ශක හරහා පෙන්වා දෙන්නේ. අද ආසියාව නැත්නම් යුරෝපයට මොකද වෙන්නේ? (නි)
විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ එවන මුදලින් යැපෙනවා කිව්වට බැරිවෙලාවත් ගිය තැන ස්ථිර පදිංචියක් එහෙම ගත්තොත් මොකද වෙන්නේ? (නි)
මාතෘකාව ඇතුළත අඩංගු කරුණු බොහොම අගෙයි (නි)
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට බනින අයට හොද කණේ පහරක්. පිටරටවල ඉන්න අය රට ඉහළට ඔසවා තැබුවාට ලංකාවේ සිටින අය රට පහළට තල්ලු කරලා ඉවරයි. (නි)
කෝ අර විදේශගත ලාංකිකයන්ට බනින කෙනා? යන්තම් මිනිස්සු බඩට කාලා ඉන්නේ පවුලේ කෙනෙක් රට ඉන්න පවුල් විතරයි. ඒ වුණාට රට ඉන්න මිනිසුන්ගේ හතර වරිගය මතක් කරලා මෙතන සමහරු බනිනවා. (නි)
ලලිත් පිටරට ස්ථිර පදිංචි උදවියත් තමන්ගේ නෑදෑයන්ට හිත මිතුරන්ට විතරක් නෙවෙයි සමාජ සේවය සඳහාත් ලංකාවට සල්ලි එවනවා. ගිය තැන ගල් වෙන්නේ නැහැ. (නදී)
ඇමෙරිකාව චීනයට ට්‍ර්ලියන තුනක් ණය තියෙනවා (දී)
ලක්ෂිත ඇමරිකාවේ ණය තියෙන්නේ ඒ රටේ මිනිසුන්ටමයි අපේ රටේ ණය තියෙන්නේ චීනෙට එක නිසා රටවල් දෙක සමාන කරන්න බෑ.(හේ)
මුළු ආර්ථිකයම රදා පවතින්නේ විදෙස්ගත අපේ අතේ, ඒ වුනත් රට විරුවෝ කියලා ගොනාට අන්දනවා අරෙනකොට අපි වෙනුවෙන් මොනාද කළේ.(හේ)
පිටරට වැඩ කරන ජනතාව එවන මුදල් රටේ දියුණුවට පමණක් යොදවන්නේ නම් අප රට ඉතා ඉක්මනින් දියුණුවිය හැක. නමුත් කරන ඕනෑ නැති වියදම් නිසා අපේ රට පෙරට යාම නැවතිලා . රටට ලබා ගෙන ඇති විදේශ ණය ගෙවන්න මුදල් හොයන්න වෙලා තියෙන්නේ පිට රට වැඩ කරන ජනතාවගේ සහ අපි කන බොන දේවල් වලට අය කරන බදු වලින් පමණි. කරන ලද අයෝජන වලින් කිසිම අදායමක් රටට ලැබෙන්නේ නැහැ.(හේ)
රටේ තරුණ බහුතරය කොරියාවේ රැකියා වලට යනවා.නිදහස් අධ්‍යාපනය ලබා දුන්නත් එකේ ප්‍රතිපල නැවත ඒ අයගෙන් රටට ගන්න රජයට වැඩපිළිවෙලක් නැහැ. රට හැර යන බහුතරයක්.කැනඩාව, ඔස්ට්‍රේලියාව , එංගලන්තේ , නවසිලන්තේ පුරවැසිබාවය ලබාගෙන. රට හැර යන්න හේතු ඕනෑතරම්. කිසිම අයෙකුට සිය රාජකාරිය නිදහසේ කරන්නට ඉඩ නැහැ. දේශපාලනය හැම දෙකටම ඇගිලි ගහනවා. ලංකාවේ ඉන්න අපියි දන්නේ ඇත්ත තත්වය, රට ඉන්න අය මාධ්‍ය හරහා දකින සියල්ල සත්‍ය නැහැ. (අ)
නිලංග ඔයාගේ අදහස සමඟ මම එකඟයි. (අ)
දැන් කියාවි ඡන්දෙ ළඟ නිසා ෆෝබ්ස් සඟරාවට ජරාවක් දීල විරුද්ධ පක්ෂේට වාසි වෙන විදියට මෙහෙම දැම්ම කියල ,(අ)