( රොමේෂ් මධුෂංඛ)
පොළොව යට පවතින ලෝහ වර්ග සෙවීම සඳහා භාවිතා කරන ජර්මනියේ නිෂ්පාදිත අධි තාක්ෂණික ස්කෑනර් යන්ත්‍රයක් වවුනියාව ඖෂධපිටිය ප්‍රදේශයේදී සඳුදා (28) රාත්‍රියේදී අත්අඩංගුවට ගත් බව ඊරට්ට පෙරියකුලම් පොලිසිය පවසයි.
මෙසේ හමු වූ ස්කෑන් යන්ත්‍රයට සමාන යන්ත්‍ර කිහිපයක් පසුගිය කාලයේ උතුරේ ස්ථාන කිහිපයකින් සොයාගෙන ඇත්තේ යුද සමයේදී කොටි සංවිධානය විසින් වළ දැමූ බවට සැකකෙරෙන රත්තරන් ගොඩ ගැනීම සඳහා සැලසුම් කර තිබියදී වන හෙයින් මෙම යන්ත්‍රයද එවැනි කටයුත්තක් හෝ නිධන් හැරීමකට රැගෙන යන්නට ඇති බවට සැකයක් පවතින්නේ යැයි ඊරට්ට පෙරියකුලම් පොලීසිය පවසයි.
ඖෂධපිටිය ප්‍රදේශයේ ගමන්ගත් සැකකටයුතු වෑන් රථයක් පරික්ෂා කිරීමේදී එම ස්කෑන් යන්ත්‍රය සොයාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ තියන නොදියුණුකම නිසා මේවාට ""අධි තාක්ෂණික"" උපකරණ කිව්වාට මේවා ඊ බේ එකේ ඩොලර් තිහ හතළිහේ ඉඳලා විකුනන්න තියන , කුඩා ළමුන්ට විනෝදයට ට්‍රෙෂර් හන්ට් කරන්න අරන් දෙන, සාමාන්‍ය දෙයක් .
සීතල වතුරත් නිවලා බොන එකේ මොන අරුමෝසම් ද අපිට
රත්තරන් කියල කිව්වට එල්ටීටීඊ එකට ආයුධ හොයාගෙන යලි නැගිටින්න වෙන්න බැරිද ?