(තරිඳු ජයවර්ධන)
කප්පම් ලබා ගැනීම සඳහා කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයක් 11 දෙනකු පැහැරගොන ගොස් අතුරුදන් කළ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන නේවි සම්පත් හට රැකවරණය දුන්නේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු නාවික හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (27) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.
අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා මීට පෙර ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ අතර එදින අලුයම ඒ මහතා විදෙස් ගත වී තිබිණි.
වරෙන්තුකරුවකුට රැකවරණය ලබා දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්කි තිබියදී ඔහු අත්අඩංගුවට නොගන්නේ ඇයිදැයි අධිකරණය අවස්ථා කිහිපයකදී රහස් පොලිසියෙන් විමසීමක් කළේය.
අද්මිරාල් විජේගුණරත්න මහතාගේ නියෝග පිරිදි පිරිසක් තමාට තර්ජනය කළ බවට මෙම නඩුවේ ප්‍රධාන සාක්කිකරුවකු වන ලුතිනන් කොමදෝරු ලක්සිරි නම් නිලධාරියා ඉරිදා (25) කොටුව පොලිසියට පැමිණිලි කළ අතර ඒ සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භ වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ විරු දිනයට සමගාමීව රණවිරු දඩයම ඔබතුමා උසාවියෙන් දෙන තීන්දුව දැන ගැනීමට අවශ්‍ය නමි නීති විශාරද හොර බොරු නැති රංජන් මයා අමතන්න ..... ඔහු ඔබට ලැබෙන තීන්දුව කලින් පවසනු අැත.