2016-11-21-ent-80

මේ වසරේ අති සාර්ථක ලෙස තිරගත වු %වසීර්^ චිත්‍රපටයේ %රුහානා අලී^ ලෙස රඟපෑ සුරූපී අදිති රාඕ රඟන දමිල චිත්‍රපටයක් ලබන වසරේ මාර්තු 17 වැනිදා තිරගත වීමට නියමිතව ඇත. %කත්රු වෙලියුදායි^ නම් වු අදිති රඟන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කොට ඇත්තේ ප්‍රකට සිනමා නිර්මාණකරුවෙකු වන මනිරත්නම් විසින්ය. මෙය අදිති රංගනයෙන් දායක වන පළමු දමිල සිනමා නිර්මාණයද වීම විශේෂත්වයකි. අදිති සමගින් මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරනු ලබන්නේ සුර්යාගේ සොහොයුරා වන කර්ති ශිවකුමාර්ය.

රහමන් විසින් සංගීතය අධ්‍යක්ෂණය කර ඇති මෙම චිත්‍රපටය සුන්දර ආදර කතාවක් පදනම් කොටගෙන නිර්මාණය කර ඇති බව සඳහන් වේ.

 

2016-11-21-ent-79