සෙනසුරාදා (21) පළාත් සභා ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථානවලට රැගෙන යෑමත්, නිලධාරීන් හා පොලිසිය පිටත් කර යැවීමත් දැන් සිදු වෙයි.
පුත්තලමේ හා මාතලේ ඡන්ද මධ්‍යස්ථාන කරා ඡන්ද පෙට්ටි රැගෙන යෑම අද උදේ ඇරැඹිණි.
මේ අතර නීති විරෝධී ඡන්ද දැන්වීම් හා පෝෂ්සටර ඉවත් කිරීම අදත් සිදු විය.
(හිරාන් ප්‍රියංකර)
(මහේෂ් කීර්තිරත්න)
(ජූඩ් සමන්ත)
වීඩියෝ එච් චන්දන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙර වැරදි හදාගෙන බුද්ධිමත් තීරණයක් ගන්නට ජනතාවට නුවණ පහළ වේවා! (නි)
ඇයි මේ නීති කඩලා, ඡන්ද පෝස්ටර් අලවන අයට නඩු දාන්නේ නැත්තේ. පොලීසිය යොදවලා මේ කරන වැඩේට රටේ සල්ලි නේද යන්නේ. කවුරු හරි නීතිඥ මහතෙක් මේ පුවත බලනවා නම් නඩුවක් දාන්න මැතිවරණ කොමසාරිස්ට හා පොලීසියටත් විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොකිරීම ගැන. මේ පොස්ටර් ගලවන්න යන්නේ ජනතාවගේ මුදල් (ස)
දැන් ඔය කම්කරුවෝ දාල පෝස්ටර් අයින් කරන්ට යන වියදම් කවුද දරන්නේ ?.පෝස්ටරේ හිමි අපේක්ෂකයාගෙන් අය කර ගන්ට පුළුවන් විදිහට නීති හදන්ට ඕන. (ස)
සරත්? නීතිඥ මහත්තුරුත් මේ වැඩ කරනවා. එයාලත් ඡන්ද ඉල්ලනවනේ .. (ස)
එංගලන්තේ සුද්දන්ට තවත් අයර්ලන්තයක් බවට ලංකාව පත් නොකර අනවශ්‍යය මැතිවරණ අත්හිටුවිය යුතු අතර මේ රටේ කිසිදු දේශපාලන පක්ෂයක් වෙනුවෙන් ඡන්දය භාවිතයෙන් වැළකීමත් වැදගත් කාලීන අවශ්‍යයතාවයක්. (නි)
මෙහි පළමු පින්තුරය දැක්කම මට රට ගැන දුකයි. 3 වන ලෝකයේ රටවල් අපිරිසුදු කරන්නේ එම රටවල දේශපාලකයෝ බව මනාව ඔප්පු වෙනවා.දියුණු රටවල් යනුවෙන් පිළිගන්න පුළුවන් රටවල මේ අයුරින් පෝස්ටර් , කොඩි වැල් , බැනර් , වෙනත් සැරසිලි වලින් තමන්ගේ රට , පළාත විනාශ කරන්නේ නැහැ.මේ වගේ දේවල් කරන්නේ ආසියාවේ ,සහ අප්‍රිකාවේ දුප්පත් රටවල් පමණයි .දැන් බලන්න මෙසේ පෝස්ටර් ඇලවීම තහනම් කියලා නීතියක් තිබුනට එය ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඕක ක්‍රියාත්මක කරන එක මොනතරම් ලේසිද? කරන්න තියෙන්නේ යම් ඡන්ද අපේක්ෂකයෙක් ඔහුගේ පෝස්ටර් , බැනර් පොදු ස්ථාන සහ පුද්ගලික ස්ථාන වල අනවසරයෙන් ගසා ඇත්නම් ඔහුට විරුද්ධව නිතිය ක්‍රියාත්මක කිරීමයි (නි)
මිනිපෙ, හීනයක්වත් දැකලා බය වෙලාද අදහස් දාන්න පටන් ගත්තේ.(නදී)
මම දැක්කා ලංකාවේ පොලිසියේ එක්කෙනෙක් පාප්ප බාල්දියක් අතේ තියන් අනික් කෙනා පෝස්ටර් ගොඩක් අතේ තියන් ඉන්න ෆොටෝ එකක් අන්තර්ජාලයේ පල වෙලා තිබුනා.(නදී)
රතුපස්වල දරුවෝ මරපු වෙලාවේ කරළියට ආව බන්දුල පෙරේරාව කවුරුවත් දැක්කද ? මිනිහත් ගිහින් පෝස්ටර් ගලවනවද දන්නේ නැහැ නේද ? (ස)
මනාපය ලබා ගැනීම සදහා නීති විරෝධී වැඩ කරන,කරවන අයගේ අපේක්ෂකත්වය අවලංගු කිරීමට නීති සැකසීමට ඔය උගතුන් කියන නීති හදන මහත්තුරුන්ට බැරිද ? (නි)
පොඩ්ඩක් අහන්න, උගත් ඡන්ද අපේක්ෂකයිනි, දැන්වත් මේ වැඩ නවත්තනු මැනව. නැද්ද ලැජ්ජාවක් ඇත්තටම? ඔයාලා හිතනවා නම් පෝස්ටර් වලින් ඡන්ද ගන්න පුළුවන් කියලා,කරුණාකර ගිහිල්ලා මොලේ පරික්ෂා කරගන්න. (නි)
ජනපතිතුමා, රට ලස්සන කරන්න හදනවා,බලන්නකො ඒත් රට කැත කරන හැටි. (නි)
ජනාධිපතිතුමා රට ලස්සන කරනවා. ගෝලයෝ රට කනවා. (ස)