
නිරිත දිග මෝසම දිවයින හරහා ස්ථාපිත වී ඇති අතර බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
උතුරු-මැද පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව කියයි.
ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 30–40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd