IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අදත් උඩරට මඟේ දුම්රිය ධාවනයට බාධා

(ඇල්ල ප්‍රසාද් රුක්මල් )

උඩරට දුම්රිය මාර්ගයේ ඉගුරුඔය ගල්බොඩ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට දෙවන දිනටත් අද (27) උදෑසන  විශාල මාරගසක් කඩා වැටීමෙන් දෙවන දිනටත් ගල්බොඩ  නාවලපිටිය අතර දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතයි නාවලපිටිය දුම්රිය පාලන මැදිරිය පවසයි .

මෙම ඉගුරුඔය ගල්බොඩ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට ඊයේ (26)  දහවල් දිනයෙත් එම ස්ථානයේදීම විශාල මාරගසක් කඩා වැටීමෙන් ඊයේ (26) දිනයේ ද  දුම්රිය ධාවනය ට බාධා සිදුව තිබු බවත් දුම්රිය බළධාරින් කීය .

අද (27) උදෑසන මෙසේ දෙවන වරටත් එම ස්ථානයේ විශාල මාරගසක් දුම්රිය මාර්ගයට කඩා වැටී මාර්ගය අවහිර වී ඇති බවත් , මේනිසාවෙන් මහනුවර සිට බදුල්ල බලා අද (27) අලුයම 4.20ට පමන ගමන් ආරම්භ කල අංක 1126 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය දැනට නාවලපිටිය දුම්රිය ස්ථානයේ ද, නානුඔය දුම්රිය ස්ථානයේ සිට අද (27) උදෑසන 6.00ට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කල අංක 1024 දරන ටිකිරි මැණිකේ දුම්රිය ගල්බොඩ දුම්රිය ස්ථානයේ නතර කර තිබෙන බවත් දුම්රිය පාලන මැදිරිය වැඩිදුරටත් සදහන් කලේය .

මාර්ගයට කඩා වැටී ඇති ගස කපා ඉවත් කිරිමට දුම්රිය සේවකයින් පිටත් වී ගොස් ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු පැවසීය . මේනිසාවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදු වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

 



අදහස් (0)

අදත් උඩරට මඟේ දුම්රිය ධාවනයට බාධා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 102 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 906 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site