(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලය සතු විදුලි ධාරිතාව වඩා ඉහළ විදුලි ඉල්ලුම හේතුවෙන් අද (1) සවස 6.30 සිට රාත්රී 8.30 දක්වා පැයක පමණ කාලයක් විදුලිය විසන්ධි කිරීමට සිදුවිය හැකි බව විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම විදුලි විසන්ධි කිරීම එකවර සමස්ත රට තුළම සිදුනොකරන බවත් එම පැය දෙක තුළ ප්රදේශයෙන් ප්රදේශයට සිදුකරන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුද්ගලික අංශයෙන් විදුලිය ලැබුණේ නැද්ද? ඒකටත් ඩොලර් දෙන්න වෙයිද දන්නේ නැහැ...?
ජනපති උපදෙසින් විදුලි කප්පාදුව නවතියි...
පුදුම ගණන් හැදිල්ලක්නේ ඒක. 6:30 සිට 8:30 කියන්නේ පැයක කාලයක්ද?
වේලාව කියලා හරියන වේලාවකට කපන්නකෝ... මේක විදුලිය නොකපපු රටක් නෙවෙයිනේ... පැය 4ක් වගේ එකදිගට කපන වෙලාවල් තිබ්බා. බොරුවට, කපන්නේ නැහැ කියලා ඇමතියා කියනවා. කරන්ට් කපලා ඒක බිඳවැටීමක්ලු. අපිට ඊයේ 2.38 සිට 3.40 වෙනකන් කැපුවා.. ආපහු 5.40 සිට 6.40 වෙනකන් කැපුවා. කොහොමද මේ බිඳවැටීම් මණ්ඩලේ ඇතුළේ තියෙන කාල සටහනකට අනුව වෙන්නේ...? අනික බිඳවැටීම දෙකක් වුණා කියමුකෝ...! දෙකම හරියටම පැයකින් හැදුවා. හැබැයි නොරොච්චෝලේ බිඳ වැටිම මාස ගාණක් ගිහින්වත් හරියකට හදාගන්න බැහැ...